සුවසේ පිබිදෙන්න.

යහපත් රාත්‍රීයක ලබන යහපත් නින්ද නිරෝගි ජීවිතයකට ගොඩාක් වටිනවා. මුගලන් මහ රහතන් වහන්සේටත් උතුම් පැවිදිභාවයට පත්වූ අළුත අරහත් ඵල අවබෝධයට ලැබීමට පෙරාතුව නිරතුරුවම නිදි කිරාවැටීමේ පුරුද්දක් තිබුනා. වරක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තම අනාගත අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ ගැන දිවැසින් විමසා බලන කොට මුගලන් ස්වාමීන් වහන්සේ කැලයේ ගසක් මුල භාවනා ඉරියව්වකින් නිදි කිරා වැටෙනවා. රාත්‍රී නින්දත්, රාත්‍රී…

Read More

සුවඳ මල් පූජා කිරීමේ අනුසස්.

නාගවිමාන වස්තුව. මේ මහා භද්‍රකල්පයෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළ වී වදාළා වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටවා එකල විසූ සැදැහැවත්හු යොදුනක් උසැති ස්වර්ණ චෛත්‍යයක් කරවූහ. ඒ චෛත්‍යයය පිරිවර සහිත කිකී රජතුමා හා නුවර වැස්සෝ ද, දනව් වැස්සෝ ද දිනපතා බොහෝ මල් ගෙන ගොස් පුදන්නාහ. එබැවින් මල් දුර්ලභ විය. එක් දවසක් උපාසකයෙක් මල්…

Read More

සුභම නැකත.

අද නැකත් දවසක්‌. ඒ කියන්නේ සුබ දවසක්‌. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාතය වඩිනකොට, මෝටර් රථයක්‌ වේගය බාලකොට භික්‍ෂුව අසලින් ගමන් කළා. භික්‍ෂුව එදෙස බලනකොට එය මංගල රථයක්‌. මලින් සරසලා. එහි මනමාල මහත්තයෙක්‌ සිටියා. නැකත් බලලා, ඒ කියන්නේ සුබ දවසක්‌ බලලා ‘දුකක්‌’ කැන්දාගෙන ගෙදරට එන්නයි මේ යන්නේ. භික්‍ෂුව එය දුකක්‌ හැටියට දැක්‌කත් එම මනමාල මහත්තයා අද දවස දකින්නේ…

Read More

සුන්දරයී කියන්නෙ, අනිත්‍යයි කියන නිසාමයි. හැම දේම වෙනස් වෙන නිසාමයී.

ඇතැම් අය හිතනව මෙතනින් ජීවිතය නතර වෙනව කියල. මැරිල වැළලුවට පස්‌සෙ ආයෙත් පැවැත්මක්‌ නෑ කියල. නමුත් ශ්‍රද්ධාව සකස්‌ කරගත්ත කෙනෙක්‌ එහෙම දකින්නෙ නෑ. හේතුඵල දහම අනුව නැවත අපි ඉපදීමක්‌ ගැන විශ්වාස කරනව. එහෙම විශ්වාසයෙන් දකින අපිට ඕන නිරෝධයක්‌ මිසක්‌ තාවකාලික විසඳුම් නෙමේ. බුදුරජාණන් වහන්සෙ අපි අපු මේ සංසාර ගමනෙ දීර්ඝ භාවය ගැන හොඳ උදාහරණයකින් පැහැදිලි…

Read More

සීලයෙන් බැහැර වූ මනුශ්‍යයා රත් පැහැයට හුඟාක් කැමතීයි.

මනුෂ්‍ය සමාජයේ ජීවත්වන ශීලයෙන් බැහැර වූ මිනිස්සු රතු පැහැයට හරි කැමතිය. රුධිරය දකින්න රුධිරය විඳින්න හරි කැමතිය. මරණීය වේදනාවෙන් දඟලන සතෙකුගේ දිහා බලලා සතුටුවෙන්න හරිම කැමතියි. එම සතාගේ මරණීය අඳෝනාව අහලා මිහිරක් විඳින්න ඒ මනුෂ්‍යයින් කැමතියි. ඒ අය පදං වෙලා තියෙන්නේ අකුසලයට. කෙනෙක් බොදු ගීතයක්, ආදර ගීතයක් රසවිඳිනවා වගේ මේ අය අහිංසක තිරිසන් සතෙකුගේ මරණීය…

Read More

සිව්පසය නැමැති බීජයන් වපුරන්න පින නැමැති අස්‌වැන්න ලැබේවි.

භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක්‌ පිරිසකගේම එකතුවයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. උපාසක උපාසිකාවන්ගෙන් තොරව භික්‍ෂු, භික්‍ෂුණී කියන කණ්‌ඩායම් දෙකට පවතින්න බැහැ. උපාසක, උපාසිකා කියන කණ්‌ඩායම් දෙක ශාසනික දායකත්වය සඳහා යොමුකරවන්නේ සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයයි. තමන් සුපටිපන්න ගුණයෙන් යුක්‌ත වෙලා එම ගුණයන්ගෙන් ලැබෙන ඵලය වන සාමීචිපටිපන්න ගුණය මනුෂ්‍යයාට දෙව් මිනිස්‌ සැපයන් වගේම විදර්ශනා නුවණට මාර්ගයත් විවර කර…

Read More

සිල් සමාදන් වීම පිළිබද දැනගත යුතු කරුණු.

දුල්ලභෝ මනුස්සත්තභාවෝ මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේ ය. ලොව්තුරා බුදු බව පසේබුදුබව රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් හා සකල ලෞකික සම්පත්තීන් ද ලැබීමේ මග සාදා ගැනීමට මිනිසත්බව ඉවහල් වන්නේ ය. බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නොසැලකිය…

Read More

සිනාමුසු මුහුණෙන් ලෝකයෙන් සමුගත හැක්කේ ඉතාමත් අල්ප පිරිසකටමය…

අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඤාණදීප මාහිමිපාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා A Lion – පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමි – (ඤාණදීප භන්තේ) . සාමාන්‍යයෙන් ලංකාවේ කැළෑ තුළ සිංහයින් සොයාගත නොහැක. එහෙත් දශක කිහිපයක් තිස්සේ එකම එක සිංහයෙක් වාසය කළේය. ඒ “ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්ය”. වර්තමාන ආරණ්‍යවාසී භික්‍ෂු පරපුරේ පුරෝගාමියා ද, මඟ පෙන්වන්නා ද, ශක්තිය ද උන්වහන්සේම ය. අතිශය ගෞරවයත්, යටහත්‐පහත්බවත්,…

Read More

සිනහවක් දන් දෙන්න බැරිනම් ඔබ සෝවාන් වීමට කළබල නොවන්න.

භික්‍ෂුවට මේ තැනට එන්න උපකාරී වුණේ මේ අතීත කුසල් ශක්‌තියමයි. මේ කුසල් ශක්‌තිය භික්‍ෂුව මතුකරගන්නේ ගිහි කාලයේ පිංකම් සහ සමාජසේවය තුළිනුයි. කොටින්ම අනුන්ව සතුටුකිරීම තුළින්. තමා ළඟට පැමිණෙන සේවාදායකයා තමා ළඟට පැමිණෙන කිනම් මනුෂ්‍යයෙක්‌ වුවද අවම තරමින් සිනාවකින් හෝ සතුටුකිරීමට ඔබට හැකිනම්, ඔබේ සතුට අනුනගේ සැපය උදෙසා කැපකිරීමට ඔබ දක්‍ෂනම්, එය තමයි ගිහි පිංවතාගේ අතහැරීම…

Read More

සිතිවිල්ල සංස්කාරයකට උපත දෙන බව සිතුවාද?

පංච උපාදානස්‌කන්ධ ක්‍රියාවලියට අදාළව පිංවත් ඔබ ඇසෙන් රූපයක්‌ දකිනවා, කනෙන් ශබ්දයක්‌ අසනවා, දිවගට රසයක්‌ දැනෙනවා, දැක්‌ක දෙයට, ඇසුණු දෙයට, දැනුණු දෙයට ඔබ ඇලෙනවා ගැටෙනවා උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුණු ගැටුණු උපේක්‍ෂා සහගත වු දෙය ඔබ හඳුනාගන්නවා. හඳුනාගන්නා වූ දෙය ගැන ඔබ සිතනවා. සිතනවා කියල කියන්නේ සංස්‌කාර සකස්‌ වෙනවා. සංඥාව හේතුවෙන් සංස්‌කාර සකස්‌ වෙනවා. ‘සංඥා නිරෝධා සංස්‌කාර…

Read More