ටජ්මහල් ආදරයේ සිහිවටනය මේ මොහිතේ ජීවමානව තිබුනත්, එම ආදරවන්තයන් දෙපළගේ ආදරය නම් ප්‍රශ්නාර්ථයක් !!!

වේගයෙන් සිල් පද දුර්වලකරගන්නා සමාජයක, වේගයෙන් අකුසල් මූලයන් වර්ධනය කොට ගන්නා සමාජයක, සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිත තුලින් සොදාපාලුවී යන සමාජයක, ආදරය නැමැති වචනයේ අර්ථය, රාගය විසින් උදුරාගත් සමාජයක, ආදරය නැමති වචනයේ අර්ථය, ද්වේශය විසින් උදුරාගත් සමාජයක, ආදරයේ නාමයෙන් අනාගතයේ නැවත කවදාකවත් ටජ්මහල් ඉදිවෙන්නේ නැහැ. ආදරයේ නාමයෙන් අනාගතයේ ඉදිවුණොත් ඉදිවෙන්නේ කඳුලු ස්මාරකයක් පමණක්මයි. මුදල් මත සියල්ල…

Read More

ජීවිතයේ ගැඹුර අඩුකරන ”භාෂාව”…

බුදුරජාණන් වහන්සේ සොයාගෙන ධර්ම පිපාසයෙන් පැමිණි කිසිවෙකුටත් උන්වහන්සේ කටුසටහන්, මුද්‍රිත පොත් දුන්නේ නැහැ. ආනන්ද ස්‌වාමීන්වහන්සේ හමුවී වැඩි විස්‌තර දැන ගන්න යෑයි කීවේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ භාවනා පංතියට යන්න කීවේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශණා කලේ ‘මහණෙනි මේ ඇස අනිත්‍යයි. ඇස අනිත්‍යනම් ඇස නිසා සකස්‌ වෙන ඵස්‌ස, වේදනා, සංස්‌කාර, විඤ්ඤාණ ධර්මයනුත් අනිත්‍යයයි’ කියලා. බුදුරජාණන් වහන්සේ බාහිය…

Read More

ජීවිතයත් මරණයත් අතර ඇති කෙටිභාවය දකින්න.

අහස්‌ මාලිගා ගොඩනගාගෙන ජීවත්වුණත් ජීවිතයත් මරණයත් අතර තිබෙන කාල පරතරය මොනතරම් කෙටිද යන්න ආශ්වාස ප්‍රාශ්වාසය තුළින් දකින්න. ඕනෑම කෙනෙක්‌ මැරෙනවාය කියන්නේ ඉහළට ගත්තාවූ හුස්‌මපොද නාසයෙන් පිටවුනාය කියන කාරණයයි. හුස්‌ම රැල්ලක්‌ ඉහළට ගන්නකොට ‘ජීවිතය’ කියලා දකින්න. එම හුස්‌මරැල්ල නාසයෙන් පිටවෙනකොට මරණය මනසින් දකින්න. නැවත නැවතත් මෙසේ මෙනෙහි කරන්න. ජීවිතයත් මරණයත් අතර ඇති කෙටි භාවය දකින්න. ජීවත්වීමට…

Read More

ජීවිතය යනු ඉලක්කම් ගොඩක් ද?

භික්‌ෂුවට පින්වතකුගෙන් දැනගන්න ලැබුණා. තමන්ගේ පෙම්වතියගේ කකුලේ ඇතිවුණ තුවාලයක්‌ අසුබ සංඥාවට ලක්‌කරලා, පෙම්වතියගේ ශරීරයම තුවාලයක්‌ කොට දැකලා, තම පෙම්වතිය කෙරෙහි කලකිරීම සකස්‌කරගෙන ඇයගේ ආශිර්වාදය ඇතිවම අලුත පැවිදිභාවයට පත්වුණ පිංවත් තරුණයෙක්‌ ගැන. මෙවැනි කථා තුළ තිබෙන්නේ ජීවිතයෙන් පලායාමක්‌ නොවේ. ජීවිතයේ සැබෑම අර්ථය සොයායැමක්‌. පිංවත් ඔබ බියවෙන්න එපා ඔබේ පෙම්වතා, පෙම්වතිය ඔබට අහිමිවෙයි කියලා. පෙම්වතාගේ ජීවිතය පෙම්වතිය…

Read More

ජීවිතය යන ප්‍රශ්නාවලියට පූර්ණ පිළිතුර.

උතුම් පැවිදි ජීවිතය ගතකරන අපි, පාංශකූල චීවරය, පිණ්‌ඩපාතයෙන් යෑපීම, කැළයේම හුදෙකලාව ජීවත්වීම, එකවේලක්‌ යෑපීම කියන කාරනා නිවන් මාර්ගය මෝදුකොටගැනීමට, සත්තිස්‌ බෝධිපාර්ශ්වික ධර්මයන් වැඩීමට උපකාරක ධර්මයන් බවටයි පත්කොට ගතයුත්තේ. එසේ නැතිව එම උපකාරක ධර්මයන් නිවන් මාර්ගයේ ඵලයක්‌ හැටියට ගැනීමට නොවෙයි. මොකද භික්‍ෂුව දැකලා තිබෙනවා, සමහර පිංවත් ස්‌වාමීන්වහන්සේලා එකවේලක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපීම නිසා තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුණාය…

Read More

ජීවිතය මරණයට දානවා කියන්නේ කුමක් ද?

ප්‍රශ්නය :- අවසරයි ස්වාමීන් වහන්ස, ජීවිතය මරණයට දානවා කියන කාරණය දැන් මෙතන ගත්තත් ඕනෑම භික්ෂුවකට කරන්න පුළුවන්ද..? එහෙම නැත්නම් ධර්ම මාර්ගය තුළ යම් සන්ධිස්ථානයක් තියෙනවද..? (සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා විසින් පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ සමඟ අත්දැකීම් හුවමාරු කරගෙන සිදුකල ධර්ම සාකච්ඡාක් ඇසුරෙනි.) පිළිතුර :- ඒක ස්වාමීන් වහන්ස,…

Read More

ජිවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ.

මේ සටහන ලියන රාත්‍රියේ භික්‍ෂුව දෑස්‌ දෙක පියාගෙන අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදුණා. මැරෙමින් ඉපදෙමින් පැමිණි දීර්ඝ බව ගමන සිනහව, කඳුළ, දුක, සැප, ප්‍රියයන් අප්‍රියන් හිමි වීම, අහිමිවීම, මේ සෑම දෙයක්‌ තුළින්ම සකස්‌ වූ වේදනාවන් හිස්‌ දෙයක්‌ වශයෙන්මයි භික්‍ෂුවට අරමුණු වෙන්නේ. විවේකීව සිටින සෑම මොහොතකම පිංවත් ඔබත් අතීත වේදනාවන් පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙන්න. ඊයේ දවසේ පිංවත්…

Read More

චීවරය සෝද සෝද මඩේ දැමීම නවතමු.!

පිංවත් ඔබේ භික්‍ෂු ජීවිතයට ඔබ නැවත හැරෙන්න. කොතනකවත් ඔබට වැරදීමක්‌ වෙලා නැහැ. ඔබ නිවරැදි තැනයි සිටින්නේ. නිවරැදි තැන කියන්නේ ඔබ සිතන්න දක්‍ෂ තැනයි ඔබ සිටින්නේ. ඔබ සිතනවානම් ඔබ ඉන්නේ වැරදි තැනකයි කියලා මෙතෙක්‌ ඔබ සිතුව ක්‍රමය වෙනස්‌කර ගන්න. ජවය, නිවැරදි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉලක්‌කය කරා යොමුකර ගන්න. අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඔබත් මමත් ඉපදිලා දස…

Read More

ගෞතම බුදු සසුන කරා එකම රෑනක් සේ ඇඳුණු උතුමන්ගේ ගමනක ආශ්චර්‍යය ම නොවේ ද මේ…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පුණ්‌න, මහණ, කාමයන් නොපතයිද, ප්‍රියමනාපයැයි නොකියයිද, ගැලී නොසිටීද…. පුණ්‌න, එය නොපතන, ප්‍රියමනාප යැයි නොකියන, ගැලී නොසිටින… එම භික්‍ෂුවගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වේය කියලා. භික්‍ෂුවක්‌ උතුම් පැවිදි ජීවිතයේදී ලබන, උතුම් සම්මා විමුක්‌තිය පැවිදි දිවියක පස්‌වැනි ඵලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේම උන්වහන්සේ දේශනා කරනවා, රහත්බවට පත් යම්…

Read More

ග්‍රහයන්ගේ ග්‍රහණයට හසු වූ අසරණයන්ට…

මේ දවස්‌වල භික්‍ෂුව වැඩ සිටින කුටිය අවට තිබෙන පළු ගස්‌ කැලයේ පළු ගෙඩි හට අරගෙන මුළු පළුයායම කහ පාටින් පෙනෙන්නේ. වෙසක්‌ මාසයේ සෞම්‍ය දේශගුණයත් එක්‌ක සෑම සතා සිව්පාවෙක්‌ටම හොඳහැටි ආහාර තිබෙනවා. භික්‍ෂුවගේ කුටිය වටේ තිබෙන වැලිමළුව නිතරම අපවිත්‍ර වෙලා තිබෙන්නේ. වැලි පොළවට වැටෙන පළුගෙඩි කන්න හරක්‌ නිතරම වැලි මළුවට එනවා. හරක්‌ කුර සටහන්වලින් වැලිපොළව අපවිත්‍ර…

Read More