මෛත්‍රී භාවනාවේ ආනිසංස අනිත්‍යය වශයෙන් දකින්න.

භික්ෂුවගෙන් පිංවත් මහත්මයෙක් ප්‍රශ්නයක් විමසුවා. මෛත්‍රිය කොහොමද මාර ධර්මයක් වෙන්නේ කියලා. ඉහත කාරණ සිහිනුවණින් පිංවතුන්ලා තේරුම් ගන්න අවශ්‍යයි. එසේ නොවුනහොත් වැරදි අන්තයකුයි පිංවතුන්ලා අල්ලා ගන්නේ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව වැඩිම නිසා ලැබෙන ආනිශංස එකොළහක් ගැන දේශනා කරනවා. එම ආනිශංස නම්, සුවසේ නින්ද යනවා, සුවසේ පිඹීදෙනවා, සිහිනෙන් බිය නොවෙනවා, මනුෂ්‍යයින්ට, අමනුෂ්‍යයින්, දෙවියන්ට ප්‍රිය වෙනවා. ශරීරය ප්‍රසන්න…

Read More

මෛත්‍රිය වැඩීමෙන් සක්කාය දිට්ඨිය සිඳ දැමීම.

පිංවත් ඔබට ලෝකය සුන්දර ලෙස චමත්කාරජනක ලෙස පෙනුන ද ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය අති බහුලය. ලෝකය තුළ ක්‍රෝධය, ද්වේශය, ව්‍යාපාදය බහුලයි යනු මනුෂ්‍යයා තුළ සකස්‌වන්නාවූ අවිද්‍යාසහගත සිත ක්‍රෝධය, ද්වේශය, ව්‍යපාදය තුළින් අපවිත්‍රයි යන්නය. ලෝකය යනු සිතයි. සිතක්‌ යනු දුකයි. මේ දුක වැඩිවශයෙන් ඔබට සකස්‌කර දෙන්නේ ද්වේශයෙන් අපවිත්‍ර වූ ඔබගේ සිතමය. එහෙයින් ලෝකය තුළ ද්වේශය,…

Read More

මේවා පටිච්චසමුප්පන්න සංස්කාරයන්ගේ ඇස්බැන්දුම්.

භික්ෂුව වැඩසිටින කැලෑ පරිසරයට ඉබිගමනින් අඳුර ගලාගෙන එනවා. සීතල සමග මුසුවුන සිහින් වැහිපොද වරින්වර කන්කෙඳිරි ගානවා, දොර වසාගෙන භික්ෂුවට කුටිය තුළට යන්නය කියලා. සිහින් වැහි පොදත් දන්නවා, භික්ෂුව ශීතලට එතරම් ප‍්‍රියමනාප නැහැය කියලා. පරිසරයේ ශීතල, ශරීරයේ සෙම් රෝග අවුස්සන්නේ, හරියට කපුටෙක් කසළ ගොඩක් අවුස්සනවා වගේමයි. පරිසරයේ අව්ව, වැස්ස, පින්න, ශීතල මනුෂ්‍ය අපිට එකිනෙකට වෙනස් කායික…

Read More

මේවා ඇත්තේ විඳින්න, බැඳෙන්න නොව මිදෙන්නය.

අතහැරීම ගැන කතාකරන විට මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා. හාමුදුරුවනේ ඔබවහන්සේ අතහැරීම ගැන කතාකරනවා. එහෙම අතහැරීම ගැන කතාකරනවා නම් ඔබ වහන්සේ ආරණ්‍යයක කුටියක වැඩසිටින්න බැහැ කැලයේ ගසක්‌ මුලයි ඉන්න ඕනේ කියලා. මතුපිටින් එම මහත්මයා අහන ප්‍රශ්නය දකින විට එහි සාධාරණ බවක්‌ තිබෙනවා. නමුත් එම මහත්මයා එක අන්තයකට ගිහිල්ලයි ප්‍රශ්නය දකින්නේ. සකුළුයි කියලා තරුණයෙක්‌ බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනිම ප්‍රශ්නයක්‌…

Read More

මේ, මා ඔබට දුන් අලුත් අවුරුදු තෑග්ගයී.

පිංවතුන්ලා ලබන්නාවූ නව වසරේදී පිංකම් සිදුකරන විට, ස්‌වාමීන් වහන්සේලා භේදවන ආකාරයට පිංකම් සිදුකරන්න එපා. ගිහි පිංවතුන්ලා භේදවෙන ආකාරයට පිංකම් සිදුකරන්න එපා. පන්සල් පන්සල් ගැටෙන ආකාරයට පිංකම් සිදුකරන්න එපා. භික්‍ෂුව දැකලා තිබෙනවා සමහර පන්සල්වල එකිනෙකාට විරුද්ධ දායක කණ්‌ඩායම් දෙකක්‌ තිබෙනවා. මේ පාර්ශ්වයන් දෙක පන්සලේ තරඟෙට පිංකම් සිදුකරනවා. මෙවැනි ක්‍රියාවන්ගෙන් යම් පිනක්‌ වැඩුණත් පිනට ඔරොත්තු නොදෙන ආකාරයට…

Read More

මේ සංසාරය අවබෝධයට හොදම කාලයයි.

වර්තමානයේ අවිද්‍යාව සිත්සේ ලෝකය පරිහරණය කරනවා. තෘෂ්ණාව සිත්සේ ලෝකය දුකෙන් තිරිහන් කරනවා. කාමච්ඡන්ද, බිය, සැකය, විසිරුණු සිත් ජීවිතවල සහකරු හෝ සහකාරිය බවටම පත්වෙලා. මේ සියල්ලේම ජවයෙන් අපේ පංච උපාදානස්කන්ධ ලෝකය හති දමමින් දුවන්නේ, තව තවත් සංස්කාර නමැති දහදියෙන් අපේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයන් තෙත බරිත කරවමින්, අපි කාටවත්ම මේ දිවීම නවත්වලා, ධර්මානුකූලව සතිය සිහිය පිහිටුවා ගන්න විවේකයක්…

Read More

මේ ලෝකයේ සැබෑම නිහඬතාවය තියෙන්නේ ඝෝෂාව තුළයි.

ප්‍රශ්නය :- ස්වාමීන් වහන්ස මම මේ පෞද්ගලිකව දකින දෙයක්. හුදෙකලාවේ භාවනා කරන කොට ස්වාමීන් වහන්ස ටිකක් කල් ඉන්න කොට ඒ කුටියට, පරිසරයට ඒවට තදින් ඇල්මක් ඇති වෙනවා. ඊට පස්සේ කවුරු හරි හාමුදුරු කෙනෙක් ආවොත්, ඊට පස්සෙ ගිහි කෙනෙක් උදව් කරන්න ආවත් ඒකත් එක්ක සියුම් ගැටීමක් ඇති වෙනවා. ඒක ඒ පුද්ගලයාට දැනෙනවා. දැන් මේක ස්වාමීන් වහන්ස…

Read More

මේ ලෝක ධාතුව තුළ වෙසෙන වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, රූපයෙන් ආඪ්‍ය කාන්තාව.

පිංවත් ඔබට සැබෑ සැපය ගැන අවබෝධයක්‌ ලැබීම පිණිස, එය ධර්ම මාර්ගය පටන් ගැනීමේ ගමනට අයෝමය ශක්‌තියක්‌වීම පිණිස, මේ ලෝක ධාතුව තුළ වෙසෙන වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, රූපයෙන් ආඪ්‍ය කාන්තාව ගැන සඳහනක්‌ තබනවා. මේ රූපශ්‍රීයෙන් බබලන නන් විසිතුරු මුතු, මැණික්‌, රන් ආභරණවල වටිනාකම දකිනවිට පිංවත් ඔබට සිතේවි ඔබේ ඔය ඩෙනිම් කලිසම, කොන්ඩ මෝස්‌තරය, ඉමිටේෂන් කරාබු, මාල වළලු,…

Read More

මේ මුළු ලෝකයම ඔහුට කමටහනක්‌ වූ මෙවලමකි.

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව උපසම්පදා විනය කර්මයට සහභාගීවී පැමිණි පසු ආරණ්‍යයේ වැඩ සිටි සාමනේර හිමිනමක්‌ විමසුවා ‘ඔබ වහන්සේ ඊයේ උපසම්පදා වුණානේ. දැන් ඔබ වහන්සේ ලොක්‌කෙක්‌ නේද?’ කියලා. ඒ දරුවා උපසම්පදාව කියන අර්ථය දුටු චිත්‍රයයි ඒ ප්‍රකාශකළේ. ඒ මොහොතේ භික්‍ෂුව කිව්වේ ‘දරුවෝ, උපසම්පදා පිංකමෙන් පස්‌සේ මම තව කුඩා වුණා’ ය කියලයි. සරළ වුණාය කියලයි. නිහතමානී වුණාය කියලයි….

Read More

මේ භයංකාරත්වය බුදුවරයෙකුම හැර වෙන කව්රුන් ඔබට පහදා දෙන්න ද?

බුද්ධානුස්සතිය. වේරඤ්ජ බමුණා, බුදුරජාණන් වහන්සේව හමුවෙලා චෝදනාවක්‌ කරනවා ‘භවත් ගෞතමයන් වූ ඔබ, මහලු වූ බමුණන්ට වඳින්නේ නැහැ. පෙරගමන් කරන්නේ නැහැ. ආසන පනවන්නේ නැහැ. අසුනින් නැගිට ගරු කරන්නේ නැහැ’ ය කියලා. ඒ අවස්‌ථාවේදී බුදුරජාණන්වහන්සේ වේරඤ්ජ බමුණාට දේශනා කරනවා ‘බමුණ මම යම් පුද්ගලයකුට වඳිම්ද, නැගිට පෙරගමන් කරම්ද, අසුන් පවරම්ද එබඳු පුද්ගලයෙක්‌ දෙවියන් සහිත මරුන්, බඹුන්, මනුෂ්‍යයන් සහිත…

Read More