ගිහි වත.

පැවිදිව නිවන් මග වැඩීමට බලාපොරොත්තුවන ඔබ ගිහිව සිටින කාලයේදී ගිහිවත සම්පූර්ණ කිරීම පැවිදිව නිවන් මග වැඩීමට පහසුය. ඔබ ගිහිවත සම්පූර්ණ කර නොමැති නම් නිවීමේ අරමුණ සඳහා පැවිදිවීමට ඉක්‌මන් නොවන්න. ගිහිවතේ තිඹිරිගෙය ගමේ පන්සලය. පන්සලේ ස්‌වාමීන් වහන්සේලාගේ ස්‌වභාවයන් විවිධ වුවද ඒවා ඔබට අදාළ නොවන බව සිතන්න. අනිත්‍ය ස්‌වභාවය නිසා විවිධත්වයක්‌ ඇතිවීම ස්‌වභාවිකය. අප පුදුම විය යුත්තේ…

Read More

කුසගින්නද ආශිර්වාදයකි.

නිවන් මඟ වඩනා භික්‍ෂුවක්‌ වනගතව වාසය කරන විට, පිණ්‌ඩපාතය ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවීම ස්‌වභාවිකය. එවැනි අවස්‌ථාවකදී කුසගින්නද ඔබේ නිවන් මඟට ආශිර්වාදයක්‌ කරගත යුතුය. එහෙත් මෙහිදී ඔබ කුසගින්නේ සිටිනා වග දැනගතයුත්තේ ඔබ පමණමය. එක දිගට වේලක්‌, දෙකක්‌, තුනක්‌ ආහාර නොලැබීම ඔබට පුදුම අවබෝධයක්‌ ලබාගැනීමට අවස්‌ථාව සලසාදෙයි. ඔබ කුසගින්නේ සිටින බව, සිටි බව ලෝකයා දැනගතයුතු නැත. සාක්‍ෂිකාරයාද,…

Read More

කාලයේත්, ආහාරයේත්, රෝගයේත් යථා ස්වාභාවය මෙසේ විචාරන්න.

පිංවත් ඔබ, එදිනෙදා ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය නොදකින නිසාම, අනාගත භවය උදෙසා මොනතරම් නම් සංස්‌කාර රැස්‌කොටගන්නවාද. කාර්යබහුල ජීවිතයේදී ඔබ කාලය නිසා මොනතරම් වේදනාවන් සකස්‌කොටගන්නවාද. මෙය සටහන් තබන භික්‍ෂුවට ජීවිතයේ එදිනෙදා කාලසටහනක්‌ නැහැ. භික්‍ෂුව ඔරලෝසුවක්‌ පාවිච්චි කරනවා. නමුත් එදිනෙදා කටයුතුවලදී භික්‍ෂුව ඔරලෝසුව බලන්නේ පිණ්‌ඩපාතයට වැඩීම සඳහා පමණයි. උදේම එළිය වැටෙනකොට මුහුණ සෝදාගන්නවා. පිණ්‌ඩපාතය කරගෙන ඇවිත්, ඇමදීම් කටයුතු…

Read More

කායානුපස්‌සනාව – මරණානුස්සතිය.

මීළඟට කායානුපස්‌සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මරණානුස්‌සති භාවනාව වඩන්නය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අතීත සංසාර භවගමනේ, පිංවත් ඔබ මිය ගිය අවස්‌ථාවන්හිදී, ඔබේ මළසිරුරු එක ගොඩක්‌ ගැසුවහොත්, එම මළමිනීගොඩ ගිඡ්ජකූඨ පර්වතයටත් වඩා විශාලයි කියලා. දෑස්‌ දෙක පියාගෙන, අතීතයේ ඔබ නිසා, පටිච්ඡසමුප්පන්නව ඒ මළකඳන් කන්ද දෙස නුවනින් දකින්න. තල්මසුන් වෙලා, අලි ඇතුන් වෙලා, සක්‌විති රජවරුන්…

Read More

කායානුපස්‌සනාව – ඉරියාපථ භාවනාව.

බුදුරජාණන් වහන්සේ කායානුපස්‌සනාවට අදාළව මීළඟට දේශනා කරන්නේ ඇවිදිනකොට, හාන්සිවෙනකොට, නිදාගන්නකොට කය තුළින් ක්‍රියාත්මක වන ඉරියව් කෙරෙහි නුවණින් දකින්නය කියලා. තමා තුළින්ම ක්‍රියාත්මක වන ඉරියව් නිසා මොනතරම් ඇලීම් ගැටීම් අපි සකස්‌ කර ගන්නවාද..? මහපාරක, නගරයක ගමන් කරන කොට, මගී තදබද අවස්‌ථාවක, බස්‌නැවතුමක, දුම්රියපළක ක්‍රියාත්මක වන මනුෂ්‍යයා තුළින් ඇතිවන ඉරියව් කෙරෙහි අවධානය යොමු කරන්න. මේ සෑම මනුෂ්‍ය…

Read More

කායානුපස්සනාවේ අරුත නොදැක්කහොත් අපත් තිරිසන් සත්ත්වයාත් එකම තැනකය.

කායානුපස්‌සනාව – 03. කායානුපස්‌සනාව වැඩීමේදී, නැවත නැවත පුහුණුවීමේදී ආශ්වාදය කියන මාරධර්මය ගැන ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. රූපයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්මභාවය වැඩීම නිසාම පිංවත් ඔබ අත්දකින අනිත්‍යභාවය කෙරෙහි සියුම් ආශ්වාදයක්‌ ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ තුළ සකස්‌වෙන රූපය කෙරෙහි අසුබ, පිළිකුල් සිත්ද අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වියයුතුයි. ඒ විතරක්‌ නෙවෙයි අනිත්‍ය…

Read More

ඔබේ අතීත මළ කඳන්ගොඩ මත මොහොතක් සක්මන් කරන්න.

කායානුපස්‌සනාව – 05 (සතර මහා ධාතුවක් ලෙස කය දැකීම) බුදුරජාණන්වහන්සේ නකුල පියාට දේශනා කරනවා නකුල මේ සතර මහ ධාතුව නිරතුරුවම ලෙඩ වෙන දෙයක්‌, වේදනාවට පත් වෙන විනාශ වන දෙයක්‌, එම නිසා ඔබ සතරමහ ධාතුව නමැති රූපයට බැඳෙන්න එපා, රූපය ලෙඩ උණත් සිත ලෙඩ කරගන්න එපාය කියල. රූපය මගේ කරගත් තැනදි අපි සිත ලෙඩ කර ගන්නවා….

Read More

ඔබත් සොබාදහමත් අතර වෙනසක් නොතබන්න.

මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී…

Read More

ඔබත් ඔරලෝසු කටුවක් ද?

ඔබ මොහොතක්‌ සිතන්න. අපි අවිද්‍යාව නිසා මොනතරම් වැරදි දෘෂ්ඨිවල ඉන්නවාද කියලා. ඔබට සිතෙන්නේම “දැන් ශාසනයෙන් වසර දෙදහස්‌ පන්සීයක්‌ ගෙවිලා අවසන්, දැන් ශාසනය අතුරුදන් වන යුගය, ධර්මය අවබෝධකර ගැනීමට මේ වකවානුවේ නොහැකියි. පිනක්‌ දහමක්‌ කරගෙන, පාරමී සම්පූර්ණ කර ගැනීමයි කළ යුත්තේ” කියලා. මේ සියලුම දෘෂ්ඨීන් අවිද්‍යාව නිසා ඇතිවන ඒවාය. සමාජය දෙස බැලීමේදී අපි දකින්නේ විකෘති ස්‌වභාවයන්ය….

Read More

ආශාවේ වියරුව. කැමැත්තේ මරලතෝනිය.

මනුෂ්‍ය ලෝකයේ නිලතලවලට නිතර දේශන පැවැත්වීමට, සමිති – සමාගම්, දේශපාලන පදවි සඳහා තන්හාවෙන් ක්‍රියාකරන පිංවතුනට දැනගැනීම පිණිස ප්‍රේත ලෝකයේ රැස්‌වීමක ස්‌වභාවය සටහන් කරමි. මෙම රැස්‌වීමට ප්‍රේතයෝ සියයකට වැඩි සංඛ්‍යාවක්‌ සහභාගි වූහ. මේ අතර සිවුරු දරාගත්, හිස මුඩු කළ ප්‍රේත භික්‍ෂූන්ද විය. මේ සියලු දෙනාම තරුණ සහ මැදිවියේ ප්‍රේතයෝ සහ ප්‍රේත භික්‍ෂූන්ය. මනුෂ්‍ය ලෝකයේ අයුරින් භික්‍ෂූන්…

Read More