අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥාණයත් කියන කාරණා තුන එකතුවන තැන සකස්‌වන ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයන් එදිනෙදා ජීවිතයේ කටයුතු කරන ගමන් ඔබට ලැබෙන විවේක අවස්‌ථාවන්හීදී බොහොම පහසුවෙන් වඩන්න පුළුවන්. පිංවත් ගිහිපිංවතුන්ලාට සරළ ආකාරයෙන් පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමට, ඒ පිළිබඳ මූලික දැනුම ලබාගැනීමට පහත ආකාරයට ඔබ මෙනෙහි කරන්න.
ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි
ඇස නිසා හටගත්තා වූ යම් ඵස්‌සයක් වේද එය අනිත්‍යයි
ඇස නිසා හටගත්තාවූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි
ඇස නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක් වේද එය අනිත්‍යයි
ඇස නිසා හටගත්තාවූ යම්චේතනාවක් වේද එය අනිත්‍යයි
ඇස නිසා හටගත්තා වූ යම් විඥාණයක් වේද එය අනිත්‍යයි
ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි
ඇසත් රූපයත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි
කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි
කන නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක් වේද එය අනිත්‍යයි
කන නිසා හටගත්තාවූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි
කන නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක් වේද එය අනිත්‍යයි
කන නිසා හටගත්තාවූ යම් චේතනාවක් වේද එය අනිත්‍යයි
කන නිසා හටගත්තා වූ යම් විඥාණයක් වේද එය අනිත්‍යයි
කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි
කනත් ශබ්දයත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි
නාසය අනිත්‍යයි, ගඳසුවඳ අනිත්‍යයි
නාසය නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක් වේද එය අනිත්‍යයි
නාසය නිසා හටගත්තාවූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි
නාසය නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක් වේද එය අනිත්‍යයි
නාසය නිසා හටගත්තාවූ යම් චේතනාවක් වේද එය අනිත්‍යයි
නාසය නිසා හටගත්තා වූ යම් විඥාණයක් වේද එය අනිත්‍යයි
නාසය අනිත්‍යයි, ගඳ සුවද අනිත්‍යයි
නාසයත් ගඳසුවඳත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි
දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි
දිව නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක් වේද එය අනිත්‍යයි
දිව නිසා හටගත්තාවූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි
දිව නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක් වේද එය අනිත්‍යයි
දිව නිසා හටගත්තාවූ යම් චේතනාවක් වේද එය අනිත්‍යයි
දිව නිසා හටගත්තා වූ යම් විඥාණයක් වේද එය අනිත්‍යයි
දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි
දිවත්, රසයත්, විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි
මනස අනිත්‍යයි, සිතිවිලි අනිත්‍යයි
මනස නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක් වේද එය අනිත්‍යයි
මනස නිසා හටගත්තාවූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි
මනස නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක් වේද එය අනිත්‍යයි
මනස නිසා හටගත්තාවූ යම් චේතනාවක් වේද එය අනිත්‍යයි
මනස නිසා හටගත්තා වූ යම් විඥාණයක් වේද එය අනිත්‍යයි
මනස අනිත්‍යයි, සිතිවිලි අනිත්‍යයි
මනසත් සිතිවිලිත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි
කය අනිත්‍යයි, පහස අනිත්‍යයි
කය නිසා හටගත්තාවූ යම් ඵස්‌සයක් වේද එය අනිත්‍යයි
කය නිසා හටගත්තාවූ යම් විඳීමක් වේද එය අනිත්‍යයි
කය නිසා හටගත්තාවූ යම් හඳුනාගැනීමක් වේද එය අනිත්‍යයි
කය නිසා හටගත්තාවූ යම් චේතනාවක් වේද එය අනිත්‍යයි
කය නිසා හටගත්තා වූ යම් විඥාණයක් වේද එය අනිත්‍යයි
කය අනිත්‍යයි, පහස අනිත්‍යයි
කයත් පහසත් විඥාණයත් ඵස්‌සයෙන් හටගන්නා වූ පංච උපාදානස්‌කන්ධයම අනිත්‍යයි
නාම රූප ධර්මයෝ අනිත්‍යයි
පංච උපාදානස්‌කන්ධයමයි ලෝකය කියන්නේ. අතීතයේ, වර්තමානයේ දැක්‌කාවූ රූපයන් ගලපමින් එම රූපයන් ඇසුරින් සකස්‌වුන නිරතුරුවම අනිත්‍යභාවයට පත්වුන ඉහත ධර්මතාවයන් මනසින් දකින්න, මෙනෙහි කරන්න, සඡ්ජායනා කරන්න, මුමුණන්න.
මේ කුමක් කළත් පිංවත් ඔබ ධර්මරත්නය කෙරෙහි ගෞරවයෙන් නම් එය කරන්නේ එය ඔබේ මෙලොව පරලොව යහපත පිණිසම හේතුවේවි. පිංවත් ඔබට භාවනාවක් ලෙස මෙම ධර්මය වැඩීමට අවකාශය අඩුනම් ඔබ ගීයක්, කවියක්, මුමුණනවා වෙනුවට අර්ථය දකිමින් ගෞරවයෙන් ඉහත ධර්මය හඬනගා කීවද එය ඔබට යහපතක් පිණිසමයි හේතුවෙන්නේ. මේ ලෝක ධාතුව තුළ ඇති පරම සත්‍යයයි, ඔබ හඬනගා කියන්නේ කියලා දෙවියන් ඔබට සාධුකාර දේවී.
පිංවත් ඔබ අනිත්‍යයි, අනිත්‍යයි කියලා මෙනෙහි කරන වාරයක් පාසා ඔබ ධර්මාවබෝධයේ දිශාවටමයි ගමන් කරන්නේ. නිත්‍ය සංඥාවක් ගන්නා මොහොතේම ඔබ භවයට, මාරයාගේ ලෝකයටමයි ඇදීයන්නේ.
අතිපූජනීය රාජගිරියේ අරියඥාණ හිමි
මෙම ලිපිය මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි පෙළින් උපුටා ගත්තකි.
සියළු දානයන් අතර ධර්ම දානය ම අග්‍ර වන්නේ ය. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ(සංයුත්ත නිකාය, දේවතා සංයුක්තය, ආදිත්ත වග්ගය, කිංදද සූත්‍රය). මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.