පිංවත් ඔබ, බෞද්ධකමේ ආශ්වාදයට පමණක් යට වුණොත්…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්‌වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්‌වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට්‌ එකක්‌ බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක්‌ බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්‌වීමේ ස්‌වභාවයයි. අතීතයේ ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි බ්‍රහ්මයන්,…

Read More

පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවනාව.

අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥාණයත් කියන කාරණා තුන එකතුවන තැන සකස්‌වන ඵස්‌ස, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ධර්මතාවයන්ගේ අනිත්‍යභාවයන් එදිනෙදා ජීවිතයේ කටයුතු කරන ගමන් ඔබට ලැබෙන විවේක අවස්‌ථාවන්හීදී බොහොම පහසුවෙන් වඩන්න පුළුවන්. පිංවත් ගිහිපිංවතුන්ලාට සරළ ආකාරයෙන් පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමට, ඒ පිළිබඳ මූලික දැනුම ලබාගැනීමට පහත ආකාරයට ඔබ මෙනෙහි කරන්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි ඇස…

Read More

නිවීමේ මාර්ගය විවෘත කර ගන්නේ කෙසේ ද?

සද්ධාව සොයාගෙන යනකොට පිංවත් ඔබ ප‍්‍රවේශම් වන්න ඕනේ ආකාරවති සද්ධාව කියන සැබෑම යතුරත්, අමූලිකා සද්ධාය කියන ව්‍යාජ යතුරත් දෙකම ලෝකය තුළ තිබෙනවා. මේ යතුරු දෙක නිවැරදිව හඳුනා ගැනීමේ ශක්තිය ඔබට තිබෙන්න ඕනේ. අමූලිකා සද්ධාව කියන යතුර මෝහය මුහුකරලයි හදලා තියෙන්නේ. එය අභියෝගයන් සහිත අවස්ථාවලදී දියවෙලා යනවා. ආකාරවති සද්ධාව බුදුරජාණන්වහන්සේගේ ගුණයන් කෙරෙහි අවබෝධයෙන් සැබෑම විශ්වාසයෙන් හැදිලා…

Read More

නිදහස් පරිසරය.

මේ ජීවිතය තුළදීම නිවීම සාක්‍ෂාත් කරගැනීම සඳහා වෙහෙසෙන භික්‍ෂුවකට නිදහස්‌ පරිසරය අත්‍යවශ්‍යය. නිදහසට එක අර්ථයක්‌ දිය නොහැක. ලෞකික. ලෝකෝත්තර වුවමනාවන් අනුව නිදහසේ අර්ථය වෙනස්‌ වෙයි. කෙනෙක්‌ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ගුරු පත්වීම්, රජයේ රැකියාව, දේශපාලනය නිදහස ලෙස දකියි. මේ කිසිත් වරදක්‌ නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටීන්ය. එහෙත් ඒ ලොව්තුරා නිර්වාණ ප්‍රතිපදාව නොවේ. මෙහි සඳහන් කරුණු අදාළ වන්නේ…

Read More

නාලාගිරි අදත් වඩියි.

නාලාගිරි ඇතා කීවම ඔබට දැනෙන්නේ බියක්‌. රා පොවල වෙරිමතින් ලොව්තුරා බුදුරජාණන් ඉදිරියට වියරු ස්‌වභාවයෙන් පැමිණි නාලාගිරි ඇත් රජු ගැන ඔබ හොඳට අහල තිබෙනවා. ඔබ විශ්වාස කරයිද දන්නෙ නැහැ මෙහි සටහන් කරන දෙය. අදත් පුළුවන් අතීතයේ බුදුසමිදුන් අභියස දනනැමූ ඒ නාලාගිරි ඇත්රජුව දකින්න. හැබයි ඔබ නාලාගිරි ඇත්රජුව දකින්න නම් අතහැරීමේ උපරිමය තුළ ප්‍රතිප්‍රදාවේ යෙදෙන භික්‌ෂුවක්‌ වෙන්න…

Read More

දුක් දෙන මිතුරා.

ලෝකය කියන්නේ දුකක්‌. ලෝකය දුකක්‌ බවට පත්වන්නේ ලෝකයේ තිබෙන සියල්ල අනිත්‍ය බවට පත්වන නිසා. අනිත්‍ය වූ ලෝකය නිත්‍යභාවයෙන් ගැනීම නිසා ඔබ දුක්‌ විඳිනවා. මේ මොහොතේ ඔබ නිදිමරාගෙන, දහඩිය මුගුරු දමාගෙන වෙහෙසෙන්නේ, දන්දෙන්නේ, පිංකම් සිදුකරන්නේ, විවිධත්වය සොයායන්නේ ඔය දුකෙන් අත්මිදීමටයි. දුක ඔබට අයිති දෙයක්‌ නොවෙයි. දුක අයිති ලෝකයට. ලෝකයට අයිති දුක ඔබ අයිති කරගෙන. ඔබ මේ…

Read More

දැවෙන සමක් – නිවෙන මඟක්.

ඔබගේ සම කියන්නෙ මොනතරම් සුන්දර ලස්‌සන දෙයක්‌ද. සත්වයා තුළ තමාගේ අශ්වාදය උදෙසා ඉතා සංවේදී “මෙවලමක්‌” සම. දේශගුණික කලාපයන් අනුව සමේ පැහැය වෙනස්‌ වෙනවා. සමහරුන්ගේ සම සුදුයි, රතුපාටයි, කහ පාටයි, රෝස පාටයි, කළු පාටයි, තළෙළුයි. මේ විවිධ වර්ගයෙන් යුත් සම ප්‍රභාෂ්වරව පවතින්නේ තරුණ කාලයේදිමයි. අපි සම දකින්නේ සම හැටියටමයි. ඉන් එහා දැක්‌මක්‌ අපට නැහැ. මගේ සම…

Read More

දානය මහත්ඵල මහානිසංශ වීමට.

ඔබව දන්දීමෙන් වළක්‌වන්න කවුරුන් හෝ සිටී නම්, ඒ මව්පියන් වේවා, බිරිඳ වේවා, දරුවන් වේවා, ඥාතීන්වේවා, හිතවතෙක්‌ වේවා ඔහු ඔබගේ ඥාතියෙක්‌ හෝ හිතවතෙක්‌ නොවන බව තරයේ සිහි තබාගන්න. එවැනි අය මගහරින්න. එවැනි අයගෙන් දුරස්‌වන්න. යමෙක්‌ තෙරුවන් කෙරෙහි සද්ධාව වැඩෙන, සිල්පද ආරක්‍ෂාවෙන,දන්දීමට පෙළඹෙන ක්‍රියාවන්ට අනුබල දෙන්නේ නම් ඔහු ඔබේ ළඟම ඥාතියා කරගන්න. සිදුකරන ක්‍රියාව මෝහයෙන් මිදී ලෞකික…

Read More

තෘෂ්ණාව සමග බැඳුණු ජීවිතයට ආලෝකයක්.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ප‍්‍රශ්නයක් විමසුවා, රහතන් වහන්සේ නමක් පිරිමි හෝ කාන්තා රූපයක් දකින්නේ කොයි ආකාරයට ද කියලා. භික්ෂුව සූත‍්‍රගත ධර්මයන්ට අදාළව ලබාදුන් පිළිතුර වූයේ මහත්තයෝ, යම් භික්ෂුවක් උතුම් රහත්ඵල අවබෝධයට පත් වෙනවාය කියන්නේ උන්වහන්සේ කාරණා පහක් ධර්මානුකූලව අවබෝධ කළාය කියන කාරණයයි. එම අර්ථයන් පහ තමයි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන පංචඋපාදානස්කන්ධ ධර්මයන්. අපි කවදා…

Read More

චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥා විශුද්ධියෙන් දුර්වල නම්.

සමාජයේ සමහරක් පිංවතුන්ලා සිටිනවා, ඒ අය හොඳින් සිල්පද පහ ආරක්ෂා කරනවා. නමුත් මේ අය ප්‍රකාශ කරන්නේ, අපට නො පෙනෙන අනෙක් ග්‍රහලෝකවල මේ මොහොතේත් බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිනවා කියලා, මේ මොහොතේත් කොහේ හෝ ග්‍රහලෝකයක බුදුරජාණන් වහන්සේ නමක් සද්ධර්මය දේශනා කරනවා කියලා, අපි සියලු දෙනා ම යම් දවසක නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලා ය කියලා, ඒ නිසා…

Read More