මාරයාගෙන් මිදෙන්න යන ගමනේදී ලෝකයාවත් මාරයා හැටියටමයි දැක්‌කේ.
භික්‍ෂුවට මතකයි භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ තීරණාත්මක කාලය ගතකරපු කුටිය. එය ගල් කුටියක්. ඉදිරිපස බිත්තිය මැටියෙන් කපරාදුකර සුදුහුණුගාල තිබුණා. දීර්ඝ කාලයක් මේ කුටියේ ස්‌වාමීන් වහන්සේනමක් වැඩ ඉඳල නැහැ. දසසිල් සමාදන් වෙච්ච වයෝවෘද්ධ උපාසක සීයා කෙනෙක් මෙම කුටියේ ටික දිනක් නැවතී භාවනා කරල තිබෙනවා. භික්‍ෂුව මේ කුටියේ මාස දෙකහමාරක් ගතකළා. සාමනේර අවධියේ භික්‍ෂුව මේ කුටියට වඩිනවිට කුටිය…