චතුරාර්‍යසත්‍යය නොදන්නා නිසා උපදින අවිද්‍යාව.
අද දවස පුරාම හොඳටෝම වහිනවා. පරිසරය හරිම ශීතලයි. කුටියේ දොර ජනෙල් සියල්ල වසා දමා තිබුණත්, කුටිය ඇතුළටත් ශීතල කාන්දු වෙනවා. පිංවත් ඔබ භාවනා කරනකොට, සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවයන් නිසාම, පිංවත් ඔබ තුළ වැඩෙන සති සම්බොජ්ඣඬ්ඟයේ පුංචි පුංචි සිදුරු තුළින් අසිහියේ කෙලෙස් වැසිවල, පංච නීවරණ ශීතල ඔබේ ඵස්සයට කාන්දු වෙන්න පුළුවන්. සති සම්බොජ්ඣඬ්ඟයේ සිදුරු තුළින්…