අනාගාමී පුද්ගලයා.

“කාමරාගව්‍යාපාදානං අනවසෙසප්පහාණාය පටිපන්නො පුග්ගලො අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, යස්ස පුග්ගලස්ස කාමරාගව්‍යාපාදා අනවසෙසා පහීණා, අයං වුච්චති පුද්ගලො අනාගාමී.” “කාමරාගව්‍යාපාදයන් නිරවශේෂයෙන් ප්‍රහාණය කීරිමට පිළිපන් පුද්ගල තෙමේ අනාගාමිඵලය සාක්ෂාත් කිරීම සඳහා පිළිපන්නේවේ. යම් පුද්ගලයකු හට කාමරාග ව්‍යාපාදයෝ නිරවශේෂයෙන් ප්‍රහිණ ද ඒ පුද්ගල තෙමේ අනාගාමීයයි කියනු ලැබේය.” යනු ඉහත දැක්වූ පාඨයේ තේරුමය. අනාගාමි යන වචනයේ තේරුම ඉපදීම වශයෙන් නැවත කාමලෝකයට නො…

Read More

අත්හැරීමෙන් ලබන ජය.

ලෝකයේ ජය පැරදුම කියලා දෙකක් තියෙනවා. මනුෂ්‍යයා කැමති වෙන්නේ කුමකට ද? සත්වයින් කැමති වෙන්නේ කුමකට ද? දිනන්ට කැමති යි. ජයග‍්‍රහණයට කැමති යි. ඔබ කැමති කුමකට ද? ජයග‍්‍රහණය කරන්ට කවුරුත් කැමති යි. ජයග‍්‍රහණය කියන්නේ සැප ඇති කරන එකක් ද? දුක ඇති කරන එකක් ද? මේ අය මොකද හිතන්නේ? දුක ඇති කරනවා කියලා කවුරුත් කියන්නේ නෑ නේද?…

Read More

තිලෝක විජය චක්‍රවර්ති රජතුමා ගේ මනෝමය දානය.

පින් පව් වනුයේ ඒ ඒ ක්‍රියා සිදු කරන්නා වූ සිත් ය. යම් කිසි දාන වස්තුවක් ප්‍රතිග්‍රාහකයකුට දෙන්නා වූ සිත හෙවත් දීමේ දී පහළ වන්නා වූ සිත බඳු වූ සිතක්, දාන වස්තුවක් හා ප්‍රතිග්‍රාහකයකු නො මැතිව යමකුට තමාගේ සන්තානයෙහි ඇති කර ගත හැකි නම්, ඒ සිත ද සත්‍ය වශයෙන් දීම සිදු කරන්නා වූ සිත සේ ම…

Read More

සැබෑ මිතුරා හඳුනා ගැනීම.

පිංවත, වර්තමාන පංචඋපාදානස්කන්ධ ලෝකයේ ”ස්වභාව ධර්මය’’ හොඳටෝ ම කිපිලා. ස්වභාව ධර්මය කිපීමෙන් කැළඹුන ලෝභ, ද්වේශ, මෝහ සිතුවිලි ගංවතුරක් සේ පිංවත් මනුෂ්‍ය සන්තාන තුළින් දෝරෙ ගලාගෙන යනවා. මිච්චා සංකප්පයන්ගේ මහා වැසි දැන් දැන් අකාලයේත් වහිනවා. මිච්චා සංකප්පයන්ගේ මහා වැසිවලට හසු වී ශීලයේ සුදු සිල්රෙදි කිලිටි වී යන්නේ, හරිම අවාසනාවන්ත විදිහට. පිංවත් මනුෂ්‍ය ජීවිත තුළින් ශීලයේ සුදු…

Read More

සර්වඥ ධාතූ පූජාවට ගැරහීමේ ආදීනව.

බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන සාලවනෝද්‍යානයේ දී පරිනිර්වාණයට පත් වූ පසු උන්වහන්සේගේ ආදාහන චිතකයේ ශේෂ වූ සධාතුක භස්මාවශේෂ විවිධ රජ දරුවන් අතර බෙදා දෙන ලදි. මෙම ධාතු බෙදා දීමේදී අජාසත් රජතුමා තමා ලත් සර්වඥ ධාතූන් වහන්සේලා රැගෙන ගොස් මනහර ස්ථූපයක් කරවා සත් අවුරුදු, සත්මස්, සත් දිනක් බුදුගුණ සිහිකරමින් එයට පුද පූජා පැවැත්වීය. රජුගේ ධාතු පූජාව…

Read More

සංස්කාරයන්ගේ සූදු අන්තුවා කවුද?

මීට වසරකට පමණ පෙරාතුව, භික්ෂුව මුණගැසීමට බොහොම කනස්සල්ලෙන් පැමිණි මහත්මයෙක්, භික්ෂුවට ප්‍රකාශ කළා, “ස්වාමින් වහන්ස, අපි බලාපොරොත්තු නැති මොහෙතාක, මගේ බිරිඳගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තා”ය කියලා. එම අවස්ථාවේ, භික්ෂුව එම මහත්මයාට ප්‍රකාශ කළේ, “ඔබලා මේ මොහොතේ, දරුවෙක් බලාපොරොත්තු නොවුණාට, ඔබේ පීතෘත්වය, බිරිඳගේ මාතෘත්වය බලාපොරොත්තුවෙන් මයි, ඔය දරුවා පටිච්චසමුප්පන්නව ඔබේ බිරිඳගේ මවුකුසට පැමිණ තිබෙන්නේ” කියලා. “ඔබ…

Read More

වෙසක් සදේ සිරිය මැදින් කළු වලාවේ යථාර්ථයත් දකී නම්.!

අද අසිරිමත් වෙසක් පසළොස්වක පොහොය දවස, මේ ලෝක ධාතුවට ශ්‍රේෂ්ඨතම උත්තමයෙක් ඉපදුණු දවස, බියෙන් තැතිගත් සත්ත්වයන්ට මිථ්‍යාදෘෂ්ටියේ දුකෙන් තැතිගත් සත්ත්වයන්ට බියෙන් මිදෙන්නට, දුකෙන් මිදෙන්නට උතුම් ධර්ම මාර්ගය දේශනා කොට වදාළ දවස. මේ ලෝකධාතුවට ශ්‍රේෂ්ඨම උත්තමයෙක් බිහිකරන්නට හේතු වූ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියල තම පිරිනිවීමත් උතුම් මමගල්‍යයක් බවට ම පත්කොට ගත් දවස. ලොව්තුරා…

Read More

විභාගයට යන දරුවා නියම ජයග්‍රාහකයෙක් කරන මඟ.!

පහේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස්‌ පෙළ විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. තරග විභාග මානසිකත්වය නිසා තම දරුවන් මෙම විභාගයෙන් සමත් කරවන්නට දෙමවුපියන් නොකරන දෙයක්‌ නොමැති තරම්. නැකත් බලමින්, යන්ත්‍ර මන්ත්‍ර පළඳවමින්, දේවාල ගානේ ගොස්‌ පූජා තබමින් තම දරුවන් විභාගයෙන් සමත් කරවීම සඳහා දෙමවුපියන් කටයුතු කරන බව පෙනෙනවා. මෙවැනි මිථ්‍යාදෘෂ්ටික පිළිවෙත් වෙනුවට මෙම පිරිස වෙත ධර්ම මාර්ගයෙන්…

Read More

ලිප ගිනි නිවුවත් ඇවිලෙන දිවි ගිනි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “යම් පින්වතෙක් කුසල් සහ අකුසල් සංස්කාරයන් වෙන් වශයෙන් දනී ද, මේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ හටගැනීම වන අවිද්‍යාව දනී ද, මේ සංස්කාරයන්ගේ නිරෝධය දනී ද, මේ සංස්කාරයන් නිරෝධය කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය දනී ද, මේ දැක්ම එම පින්වතාගේ මාර්ග ඤාණයයි” කියල. මේ මාර්ග ඤාණය භවය උදෙසා නොව භව නිරෝධය…

Read More

රූපනන්දාවගේ කථාව.

පැවදිව සිටිය ද නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය නැති කාමය ම ගරු කරන කාමාධ්‍යාශය ඇති පුද්ගලයෝ පැවිද්දන් අතර ද ඇත්තාහ. තථාගතයන් වහන්සේ ඔවුන් හඳුනාගන්නාහ. රූපනන්දා භික්ෂුණිය එබඳු තැනත්තියකි. ඇය පැවිදිවූයේ ඥාතීන් පැවිදි වූ නිසා ය.ඕ “මාගේ වැඩිමහලු සහෝදරයා පැවිදි ව ලොව්තුරා බුදු විය.ඔහුගේ පුත් රහල් කුමරු පැවිදි විය .මාගේ සැමියා ද පැවිදි විය.මව ද පැවිදි විය.මෙතෙක් දෙනා පැවිදි වූ…

Read More