අකුසලයේ සහ පවේ උපත මිච්ඡා සතියයි.

පිංවත, අපිට සතුරන් හෝ මිතුරන් නැහැ. අපේ එකම සතුරා සහ මිතුරා, අපේම අතීත කුසල් සහ අකුසල් සංස්කාරයි. අපේම සතුරා සහ මිතුරා අපිම රැස්කොටගත් සංස්කාරයන්ගේ විවිධත්වය වෙද්දී, අපි වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, අමනාපයෙන් එකිනෙකා දෙස බැලිය යුතු නැහැ. අපි, අපේ සතිය සහ සිහියේ අවි එසවිය යුත්තේ අනුනට නොව අපේම මිච්ඡා දෘෂ්ටියට, අපේම මිච්ඡා සංකප්පයන්ට සහ අපේම මිච්ඡා ශීලයටයි….

Read More

හිසකේ විකුණා දන් දුන් කාන්තාවක්.

මහාකච්චාන මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේ සත් නමක් හා උජ්ජේනි නුවරට වඩනා සේක්, ‘තේලප්පනාළි’ නම් නියම් ගමකට පිඬු සිඟා වැඩි සේක. එගම සිටු දූවරු දෙදෙනෙක් වූහ. එකියක් පිරිහුණු සිටු පවුලක උපත ලබා මා පියන්ගේ ඇවෑමෙන් පසු කිරි මවකගේ උපකාරයෙන් ජිවත් වන දිළිඳු තරුණියකි. ඇගේ ශරිරය හොදින් වැඩි තිබිණ. ඇගේ හිසකේ අන්‍යයන්ගේ හිසකේ වලට වඩා දික්…

Read More

සුමේධ තාපසයාණෝ.

තුන් ලොවම එළිය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම හිරු මඬල නම් වූ අපගේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නම් නුවර උභය කුල පාරිශුද්ධව බමුණු මහසාල් කුලයෙහි ‘සුමේධ’ නමින් උපත ලැබීය. එතුමන් මහත් ධනයකට හිමිකම් ඇති හෙයින් දර්ශනීය පොකුණු ආදියෙන් සමන්විත වූ ප්‍රාසාදයක කල් ගෙවීය. අන්‍ය කර්මාන්තයක් නොකොට බමුණු ශිල්පයම හැදෑරූ එතුමන්…

Read More

සිහි නුවණින් දැනීම් පරිහරණය කරන්න.

පිංවත, ආදරය කියෙන්නේ හරිම ලෙන්ගතු මාතෘකාවක්. ඒ මාතෘකාව තුළ සෙනෙහස, සතුට, ආදර බස්, තව කොච්චර නම් දේවල් තිබෙනවා ද? ඒත් මේ දවස්වල ආදරය ගැන කතා කරලා තේරුමක් නැහැ. පිංවත් මනුෂ්‍ය හදවත් තුළින් නැගෙන ව්‍යාපාදයේ උණුසුමට, මනුෂ්‍ය ජීවිත තුළින් ආදරය වාෂ්ප වෙලා ගිහිල්ලා. පිංවත් මනුෂ්‍ය ජීවිතවල මෛත්‍රියේ, නිරෝගී ලේ නහර හැකිළිලා ගිහිල්ලා. මහා උජාරුවට නිවන ගැන…

Read More

සිල් සමාදන්වීමෙන් දසපාරමිතාව ම පිරේ.

මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම සංඛ්‍යාත ලෞකික සම්පත් පිණිස කරන කුසල් ය. රහත් බව පසේ බුදුබව ලොවුතුරා බුදු බව යන තුන්තරා බෝධිය පිණිස කරන කුසල් ය කියා කුසල් දෙවර්ගයකි. එයින් ලෞකික සම්පත් පිණිස කරන කුසල්වලින් සසර දික්වේ. බෝධිත්‍ර‍ය පිණිස කරන කුසල්වලින් නිවනට පමුණුවනු ලැබේ. බෝධිත්‍ර‍ය සඳහා කරන කුසල් පාරමිතා නම් වේ. පාරමිතා දසයෙකි. සිල් සමාදන් වන දිනයේ…

Read More

සිල් සමාදන් වන ආකාරය.

ඉහත කී පරිදි මල් ආදිය ගෙන උදෑසනින් ම විහාරස්ථානයට ගොස් සිල් සමාදන් වී පූජා කරනු සඳහා ගෙන ආ මල් ආදිය පසෙක තබා සිල් දෙන භික්ෂූන් වහන්සේ වෙත එළඹ, පසඟ පිහිටුවා වැඳ උක්කුටියෙන් හෝ දන බිම ගසා හෝ හිඳ දොහොත් මුදුනේ තබා වැඳගෙන මේ වාක්‍යය කියා භික්ෂූන් වහන්සේගෙන් සිල් ඉල්ලනු. අට සිල් සමාදන් වීම සිල් ඉල්ලීමේ…

Read More

සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ දුර්වලතා.

පිංවත, එක වගේ දේවල් කොච්චර නම් තිබෙනවා ද? අද උදෑසන එක වගේම නිවුන් දරුවන් දෙදෙනෙක් පිණ්ඩපාතය බෙදන්න ඇවිත් සිටියා. දෙදෙනා පෙනුමෙන් එක වගේම වුණත්, අතීත සංස්කාරයන්ගේ ලොකු වෙනස්කම් දෙදෙනා තුළම තිබෙන්නට පුළුවන්. ආදරයෙන් බැඳුණ දෙහදක සිතුම්, පැතුම් එක වගේම වුණොත්, ඒ බැඳීම මොනතරම් නම් පරිත්‍යාගශීලී වෙයි ද? රාගයත්, විරාගයත් අතර සුන්දර අර්ථයක් තිබෙනවා. එම අර්ථයට…

Read More

සමථ භාවනාවෙන් ධ්‍යාන උපදවා නො ගෙන විදර්ශනා වඩා මඟඵල ලැබිය හැකි ද?

මෙය දැනට එක්තරා පිරිසක් විසින් පවත්වා ගෙන යන සතිපට්ඨාන විපස්සනා භාවනාව නො ඉවසන තවත් පිරිසක් විසින් ඇති කර ඇති අලුත් ප්‍ර‍ශ්නයෙකි. මෙය සම්බන්ධයෙන් කිය යුතු කරුණු පොතක් ලිවීමට තරම් ඇත්තේ ය. එයින් කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයක් මෙහි දක්වනු ලැබේ. බොහෝ වෙහෙසී උපදවා ගන්නා ලෞකික ධ්‍යානය කාම සංඥාවක් පහළවීම් මාත්‍රයෙන් අතුරුදන් වන බව…

Read More

සත්වයාගේ සසර සකස්වන ආකාරය.

“මම වෙමි” යන හිතා ගැනීම ඇති තාක් සසර සකස් වෙනවා. ජාති ජරාමරණ සෝක වැළපීම් දුක් දොම්නස් උපායාස ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ මේ හිතා ගැනීම ඇති තාක් මාරයා සමග බැඳෙනව, හිතාගැනීම් නැත්තං මාරයාගෙන් මිදෙනව කියලයි. (මඤ්ඤමානො භික්ඛවෙ බද්ධො මාරස්ස, අමඤ්ඤමානො මුත්තො පාපිමතො). ‘මම’ කියන්නෙ නො වෙනස් වන නිත්‍ය ධර්මයක් හැටියට පුහුදුන් සිතට කල්පනා වෙනව….

Read More

සංස්කාරස්කන්ධය.

රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන ස්කන්ධ පඤ්චකය උපදවා ගැනීම සඳහා ද, පවත්වා ගැනීම සඳහා ද සත්ත්වයන් විසින් කරන්නා වූ කෑම් – බීම් – නෑම් – ඉඳුම් – හිටුම් – යෑම් – නිදීම් ආදි අනේක ප්‍ර‍කාර ක්‍රියාවන් සිදු කරන්නා වූ චේතනාව ප්‍ර‍ධාන කොට ඇති චෛතසික ධර්ම සමූහය සංස්කාරස්කන්ධය යි කියනු ලැබේ. චේතනාව විසින් අවශේෂ චෛතසිකයන්…

Read More