ශ්‍රද්ධාව ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයයි.

පිංවත පංච උපාදානස්කන්ධ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර පීර පීරා බැලුවත්, ධර්මයකින් තොර දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. පිංවත කාම, රූපි, අරූපී භවාත්‍රයේ සත්ත්වයන් තුළින් පටිච්චසමුප්පාද ධර්මයන්ගෙන් තොර සත්ත්වයෙක් කෙසේ නම් දකින්න ද? පිංවත යම් පිංවතෙකුගේ උස ශරීරයත්, තවත් පිංවතෙකුගේ උසින් අඩු ශරීරය යැයි කියන්නේත් ධර්මයක්මයි. ඒ ධර්මය තමයි අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවය. පිංවත වර්තමාන අපේ…

Read More

උතුම් සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණය.

පිංවත උපතින් ම දෑස් අන්ධ පිංවතෙක් කෙසේ නම් නිල් මැණිකක වටිනාකම හඳුනා ගන්න ද? එම දෑස් අන්ධ පිංවතාගේ දෙපාවල නිල් මැණික් වැදුණත්, එය හුදු ගලක් ලෙසින්මයි ඔහු හඳුනා ගන්නේ. එය එම අන්ධ පිංවතාගේ වරදක් නොවේ, අන්ධ දෑස්වල වරදයි. පිංවත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයන්…

Read More

උපේක්ෂා සහගත සිතට විදර්ශනාමය ආහාරයක්.

පිංවත මේ දවස්වල ජනතාවගේ ගැලවුම්කාරයෝ වැහි වැහැලා නේද? රටට, ජාතියට කිරි උතුරවන්නට ඇසෙන සෞභාග්‍යයේ කතා ඉවරයක් නැහැ නේද? මේ සෑම සෞභාග්‍යයේ කතාවක් ම ඇහෙද්දී, අපේ සම්මා සතිය අපිට කියලා දෙන්නේ, අපේ රටේ දේශපාලනය සීලයෙන් මොනතරම් දුර්වල ද කියන පණිවිඩය නේද? පිංවත එක පිරිසක් තම දුර්වල සීලයට සුදු රෙදි පොරවා පෙන්වද්දී, තවත් පිරිසක් එම සැඟවුණ දුසිල්වත්භාවයේ…

Read More

මේ ලෝකයේ ජීවත්වෙන නිදහස් ම මිනිසා.

පිංවත කරුණාකර ඔබේ සිහිනුවණට නිදිගන්න ඉඩ දෙන්න එපා, ඔබේ සිහිනුවණ අවදියෙන් තබා ගන්න. ඔබේ මාතෘ භූමියට මේ උදා වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙන්දේසියේ දමන කාලයයි. පිංවත ඔබේ මාතෘ භූමියට මේ උදා වෙන්නේ තණ්හා, රතී, රඟා මාර දූතියෝ, මාර දූතයෝ මනුෂ්‍යත්වයේ වෙස් දරාගෙන අමනුෂ්‍ය ධර්මයන්ට ඉදිරි පස් වසරක් උදෙසා වර්ණය, සැපය, බලය සොයන කාලයයි. පිංවත තෘෂ්ණාවේ මාර දූතයෝ…

Read More

කල්‍යාණ මිත්‍රයා යනු සම්මා සම්බුද්ධ ශාසනයයි.

පිංවත අපි යම් දවසක උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධකොට ගනී ද, එදාට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ලෝකයට භාරදීලා, අපි ලෝකයෙන් නිදහස් වෙනවා. එදාටයි අපි තේරුම් ගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අයිති ලෝකයටයි කියලා. පිංවත අදක්‍ෂයා ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයෙන් බැහැර කරලා මිථ්‍යාදෘෂ්ටිකභාවයට පත්වෙනවා. පිංවත දක්‍ෂයා ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතය කොටගෙන පිනෙන්, කුසලයෙන්, සුගතියෙන් සැනසෙනවා. පිංවත වඩාත්…

Read More

තෘෂ්ණාව තමා තුළින් දකින්න.

පිංවත හැමදාමත් දැන් උදේටත් වහිනවා, සවසටත් වහිනවා. පිංවත් රජයේ සේවක මහත්මයෙක් භික්ෂුවට කියනවා, හැමදාමත් කාර්යාලයට යන එනකොට වැස්සට කොටු වෙනවාය කියලා. දැන් කාලේ වැසි වසින්නේත් තද සුළඟ සමගමයි. ඒ නිසා ම කුඩයක් ඉහළාගෙන වැස්සේ යෑමත් අභියෝගයක් වෙලා තිබෙනවා. පිංවත කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන අර්ථයන් අකුසලයෙන් විකෘතියක් වෙලා. තමන් කරන රැකියාව අවංකව සිදුකරනවා වෙනුවට…

Read More

බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ.

බුදු රජාණන් වහන්සේට සිය අවසන් භවයේදී විපාක දුන් කර්ම ද ඊට හේතු ද මේ ලිපියෙන් දැක්වේ. දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය: 01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන…

Read More

ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දකින්න.

පිංවත නිවී ගිය සිතක් තමා තුළින් ම තමා දන්නවා, තමන් නිවී ගිහින්ය කියලා. පිංවත නොනිවී ගිය සිතක් තමා තමාට ම ඉඟි කරනවා, තමා තුළ තවත් නොනිවී ගිය කෙලෙස් ගිනි රොඩු තිබෙනවාය කියලා. පිංවත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් උපන් නිවැරදි විදර්ශනාත්මක සති සම්බොජ්ඣංගය අපි තුළ වැඩෙන විදර්ශනාත්මක ධර්මයේ අර්ථයන් නිවැරදිව, දශමයට, කිරා මැන දෙනවා. පිංවත මිච්ඡා…

Read More

පින, පිනෙන් ම පිළිගන්න.

පිංවත අපේ ජීවිතවල තෘෂ්ණාව වැඩිවෙනකොට ඇලීම් සහ ගැටීම් ගොඩාක් කාර්යබහුල වෙනවා. එවිට විවේකයකින් තොර සිතුවිලි, අවිවේකීව අපිව වෙහෙසට පත්කරනවා. මේ අවිවේකී සිතුවිලි නිර්ලෝභීව අපිට තෑගිකොට දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයෝමයි. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ සංස්කාර ලෝකය හරිම අවිනිශ්චිතයි. පිංවත සංස්කාර ලෝකය අවිනිශ්චිත වුණේ අතීතයේ අපි ම ඇතිකොටගත් අකුසල් සිතුවිලි නිසා බව අපි සිහිනුවණින්…

Read More

සතර මහා ධාතුව කිපී වැසි වැටේ.

පිංවත අවිද්‍යාවේ මූල බීජයෙන් උපදින, කුසල් සහ අකුසල් සංස්කාරයන්ගෙන් තිරිහන්වෙන, කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නිසා ම කැඩෙන, බිඳෙන, විසිරෙන අපේ ජීවිත, අපේ පාලනයෙන් මිදුණ ගමනක් යන්නේ. අපි කොච්චර සැපයෙන් සිටින්න කැමති වුණත්, දුක අපිට තුරුල් වෙන්නේ අකීකරු පෙම්වතෙක්, පෙම්වතියක් වගේමයි. පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, පසුවදා දහවල් සාංඝික දානයක් පූජා කරන්න ගෙදර සියල්ල…

Read More