විෂඝෝර සර්පයින්ට ඔබත් කිරි පොවනවා ද?
රෝහිතස්ස කියන දෙවියා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණිලා, තමා අතීත භවයේ දී එර්දිමත් සෘෂිවරයෙක් වශයෙන් ඉපදිලා තම අසහාය එර්දිමත්භාවය ප්රයෝජනයට අරගෙන ලෝකයේ අවසානය සොයාගෙන ගොස් වෙච්ච අකරතැබ්බය ප්රකාශ කලා. ලෝකයේ අවසානය තබා අවසානය කියන කාරණය සිතාගැනීමටවත් ඉඩක් නොමැතිව රෝහිතස්ස සෘෂිවරයා එම ජිවිතයෙන් චුතව යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සයුරට වැටුන පුද්ගලයා පිහිනා දුපතක් පිහිටකොට ගන්නා සේ…