මතු සංසාරේ ඔබේ මළකඳන් නුවණින් දැක්කොත් දස්කමකි.
සංසාර භය ඔබ තුළ ඇති කර ගන්නා තරමටම පිංවත් ඔබ තුළ භවයට ඇති තෘෂ්ණාව සියුම් වෙනවා. මෙතැනදී අපි උපක්රමශීලී වෙන්න ඕනේ, ඇසට හමුවන සෑම රූපයක්ම කමටහනක් කරගන්න. වැරහැලි ඇඳගත්ත යාචක මහත්මයෙක් මහපාරක ඉන්නවා දැක්කහම එම යාචක මහත්මයා තුළින් තමාව දකින්න දක්ෂ වෙන්න ඕනේ. තමා කොතෙක් නම් සංසාරයේ වැරහැලි ඇඳගෙන, අපිරිසිඳුව, විසිකරල දමන රොටි කැබැල්ලක්වත් නැතිව…