අසීමිත තෘෂ්ණාවෙන් තබන පියවර.
පිංවත පංච උපාදානස්කන්ධ ලෝකයේ මුල අවිද්‍යාව වුණත්, එම අවිද්‍යා මුල පෝෂණය කරන්නේ තෘෂ්ණාව විසින්මයි. පිංවත තෘෂ්ණාවේ සශ්‍රීකම පෝෂක ධර්මයන් වෙන්නේ, අපි විසින්ම ඇතිකොට ගන්නා ඇලීම් සහ ගැටීම්මයි. පිංවත අවිද්‍යාවත්, තෘෂ්ණාවත් වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ. මේ දෙක සන්ධානගත වෙලයි තිබෙන්නේ. පිංවත තෘෂ්ණාවේ ඕජාව දුර්වල වෙනකොට අවිද්‍යාවේ මුල දිරා යනවා. තෘෂ්ණාව නැති තැන අවිද්‍යාවට පවතින්න බැහැ….