අංග අටකින් යුත් උපෝසථ සීලය සමාදන් වීම.
එක් සමයක භාග්යයවතුන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන සේක. එකල්හි, බුදුරජාණන්වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා මෙසේ වදාල සේක. මහනෙණි , අංග අටකින් යුත් උපෝසථ සීලය සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි, මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි. මහනෙණි , කෙසේ සමාදන් වන උපෝසථ සීලයද මහත්ඵල ඇත්තේ, මහත් අනුසස් ඇත්තේ , මහත් බැබලීම්…