වන්දනාවක සැගවුණු රහස.
තෙරුවන් කෙරෙහි ශ්රද්ධාව සකස්කරගත් ජීවිතයක් ගිහි වේවා පැවිදි වේවා කවදාවත් අසරණවෙන්නේ නැහැ. ඔහු ශක්තිමත් පෞරුෂත්වයක් ඇතිකරගන්න කෙනෙක් වෙනවා. මොකද ඔහු ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේගේ ගුණයත් ඥාණයත් දැක්ක කෙනෙක්. මේ ලෝකධාතුව තුළ ඇති අයෝමය ශක්තිය සරණගිය කෙනෙක්. ඔහුට පෙනෙන්නේ සුගතියමයි. දුගතිය ඔහුට පෙනෙන්නේ නැහැ. ඔහු කථාකරන්නේ ධර්මයමයි. අධර්මයක් කථාකරන්නේ නැහැ. තෙරුවන්ගේ අයෝමය ශක්තිය සරණගිය පිංවතා, පිංවතිය…