ඔබ ලබන අවංක ආදරයට ඔබ වංචා කළොත්, ඔබ ගරු නොකළොත්, අනාගත භව ගමනේ, ආදරය ඔබට, සෙනෙහසක් නැති කාන්තාරයක්ම වේවි.

ඔබ ආදරයට ආදරය කරන්න, ඔබ ලබන අවංක ආදරයට ඔබ වංචා කළොත්, ඔබ ගරු නොකළොත්, අනාගත භව ගමනේ, ආදරය ඔබට, සෙනෙහසක් නැති කාන්තාරයක්ම වේවි. ආදරය කියන්නේ බොරුවක්ය කියලයි, භික්‍ෂුව, අත්දැකීම් තුළින් සටහන් තබන්නේ. නමුත් මේ බොරුව, පින්වත් ඔබේ පින විසින් ඔබට සඟවලයි තිබෙන්නේ. ඔබේ පටිච්චසමුප්පන්න පින, ආදරය බොරුවක්ය කියලා, කවදාකවත් ඔබට හඳුනාගන්න දෙන්නේ නැහැ. නමුත් භික්‍ෂුවගේ…

Read More

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය.

සසර කතරේ අතරමං වූ ලෝක සත්වයා දුකෙන් විනිර්මුක්ත වන සදා සැප ඇති නිර්මල වූ සදහම් අමා ගංඟාවෙන් තුන්ලොවම දෝවනය වෙද්දී මිනිස්, දෙව්, බඹුන්ගේ සාධු නාදය මධ්‍යයේ අසිරිමත් වූ පොහොයකි ඇසළ මහේ පුර පසළොස්වක පොහොය දිනය. බුද්ධත්වය නම් වූ ශ්‍රේෂ්ඨත්වයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පාරමී දම් පිරූ බෝසතාණන් වහන්සේ පස් මහා බැලුම් බලා පශ්චිම කාලයේ දී…

Read More

හැම තැනකම ඔබ සොඳින් සිටිනු මැන.

නිවන් මග වඩන ඔබට මහා කැලයේ හුදෙකලාව සිටියද බියක්‌, තනිකමක්‌, තැතිගැනීමක්‌, දැනෙන්නෙ නැහැ. මන්ද, භික්‍ෂුව තමා තුල තමා සිටින බව නොදකින නිසා, බියවෙන්න තැතිගන්න සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ දකින්නේ නැහැ. අනුන්ගේ දේවල් ඔබ ඔබේ කරගන්න යන්නේ නැහැ. කැලයේ අතරමගදී ඔබට මනුෂ්‍යයෙක්‌, දඩයක්‌කරුවෙක්‌, සතෙක්‌ මුණගැසුනද එය ඔබේ නොවන බැවින් ඔබ ඒ පුද්ගලයා හෝ සතාගේ හැසිරීම් ඉරියව් අතහරිනව. ඔබ…

Read More

සිහියෙන් බලන්න… දහම ඔබ අසලමය…

ඔබ ජීවත් වන්නේ ධර්ම නිකේතනයක. ධර්ම කාන්තාරයක නොවෙයි. එහෙත් ඔබ ධර්මය සොයනවා. සැබැවින්ම ඔබ සොයනවානම් සෙවිය යුත්තේ සැඟවුණ දෙයක්‌. නොපෙනෙන දෙයක්‌…. ඉන්ද්‍රියන් හයටම පස්‌සය වන මායිමේ ධර්මය තිබියදී ඔබ එය දකින්නේ නැහැ. ආලෝකය තුළ සිටිමින් ඔබ ආලෝකය සොයනවා. මොකද ඔබේ දෑස්‌ අවිද්‍යාවෙන් වැසිලා. ඔබ ධර්මය සොයන්නේ නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය මඟ යන්න. උන්වහන්සේ ගිය…

Read More

සෑම තරාතිරකම පාලකයන් වෙත කරුණාවෙනි…

බ්‍රොයිලර් කුකුළන් සිය දවස්‌ හතළිස්‌ පහක ජීවිත කාලය තුළ කුඩා කූඩුවකට කොටුවී සිට නිසි වයස්‌ වැඩුණු පසු හිස ගසාදැමීමට ලක්‌වීමේදී අදාළ සත්වයන් කර්ම විපාක දෙකක්‌ ගෙවනවා. එකක්‌ ප්‍රාණඝාත අකුසලය. ඒ හේතුවෙන් හිස ගැසුම් කනවා. අනික්‌ අකුසලය තමන්ගේ දියුණුව උදෙසා අනුන්ගේ ජීවිතය සීමාකිරීමයි. එහි විපාක හැටියට තිරිසන් ලෝකයේ ඉපදුණද, සෙසු තිරිසන් සතුන්ට මෙන් ඇවිදීමේ නිදහසක්‌ නැතිව,…

Read More

සැබෑම මිහිර විඳිනු පිණිස තිත්ත ඇත්ත දැකිය යුතුය.

කායානුපස්‌සනාව – 02. ආහාරයෙන් පෝෂණය වුණ තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකුත්, ආහාරයෙන් පෝෂණය වුණ අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතුව, ආහාරයෙන්ම හැදී, ආහාරයෙන්ම පෝෂණය වී, හේතුඵල ධර්මයන්ට අනුව හැදුණු කයක්‌ මේක. භික්‍ෂුව මේ මොහොතේ තම දෙතිස්‌ කුණපය දෙස බලන විට, අම්මාගේ මව්කුසේ පැලෝපීය නාලය තුළ නලියන ඉස්‌ගෙඩියෙක්‌වන් කලලයි දකින්නේ. මේ රූපය අයිති තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකට. අම්මා කෙනෙකුගේ ඩිම්බයකට. භික්‍ෂුව…

Read More

සැබෑම ප්‍රත්‍යවේක්ෂාව යනු…

ආහාර වේලක්‌ ඔබ මොන තරාතිරමකින් පූජාකළත්, එය පිළිගන්නා අයට මෙන්ම පූජාකරන්නාටද ලැබෙන්නේ මෙලොව පරලොව වශයෙන් අනිත්‍යයට පත්වෙන ආයුෂ, වර්ණ, සැප සහ බලයයි. ප්‍රඥාව වඩවාගැනීමට ඉහත සියල්ලම සහයෝග වන්නේය. එහෙයින් අප වෙහෙසිය යුත්තේ එක වේලද, දෙකද, නැතිනම් මාංශද නිර්මාංශද, පලතුරුද නැතිනම් බත් ව්‍යංජනද කියා දෘෂ්ඨිගත වීමට නොව, ආහාර මොන ස්‌වභාවයෙන් ගත්තද ඉන් පෝෂණය වන්නේ නිරතුරුවම වයසට…

Read More

ස්වාභාවික විපත් සහ වසංගතවලට හේතුව අපේම අකුසල් කර්ම.

භික්ෂුව වැඩ සිටින කුටිය අසලටම වැසි වතුර ඇවිල්ලා. ලොකු කබරයෙක් වැසි ජලයේ පිහිනායන්නේ හරිම ආශ්වාදයකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපය කියන්නේ මාරයාය කියලා. වැසි වතුරේ ආශ්වාදයෙන් පිහිනා යන කබරයාට, වැසි වතුර සැප වේදනාවක් වුණාට, වැසි වතුරෙන් පීඩා විඳින පිංවත් ඔබට, එය දුක් වේදනාවක්මයි. එකම රූපය විවිධාකාර විඳීම් සත්වයාට සකස්කොට දෙන්වා. කලූපාට වැසි වලාකුළුවලින් බරවෙච්ච අහස්…

Read More

සයනයේ ප්‍රේතිය.

අමනුෂ්‍යයන්ගේ ලෝකය හරිම විවිධත්වයෙන් යුතුය. විවිධත්වය වශයෙන් අපි දකින්නේ නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුතු අනිත්‍යයයි. භික්‍ෂුවක්‌ එක්‌ අවස්‌ථාවක සමාධියෙන් පසුවන විට ගෙදරක වාසය කරන ප්‍රේතියක්‌ දුටුවා. ඇය වයස 25 පමණ තරුණියකගේ ස්‌වභාවයෙන් යුතු බවයි භික්‍ෂුවට හැඟුණේ. ඇය අවිවාහක බවක්‌ද හැඟුණා. භික්‍ෂුව මුලින් දුටුවේ නිවසේ නිදන කාමරය. ඒ නිදන කාමරය බොහොම පිළිවෙළට තිබුණා. එහි ගුප්ත බවකුත් තිබුණා….

Read More

සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය.

සතර සතිපට්ඨානය, කෙනෙකු විසින් අඛණ්ඩව වඩනු ලැබුවහොත් අවමය දින 7ක් හෝ උපරිමය වසර 7ක් තුළ රහත්භාවයට පත්වන්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය ඝෝර, කටුක, භයානක සසර දුකෙන් මිදී යාමට ඔබ සතු හැකියාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් සහතිකයක් වැන්න. නමුත් භාවනාව වැඩීමට පිංවතුන් කළ යුතු පූර්වකෘත්‍යයක් ගැන සඳහන් අතිශයින් වටිනා සූත්‍රයක් වේ. ඒ වනාහි…

Read More