උදෑසන පටන් ගිනි ගන්නා ජීවිත.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා යම් පිංවතෙක් කුසල් සහ අකුසල් සංස්කාරයන් වෙන් වශයෙන් දනී ද මේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ හටගැනීම වන අවිද්‍යාව දනී ද මේ සංස්කාරයන්ගේ නිරෝධය දනී ද මේ සංස්කාරයන් නිරෝධය කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය දනී ද මේ දැක්ම එම පිංවතාගේ මාර්ග ඥානයයි කියලා. මේ මාර්ග ඥානය භවය උදෙසා නොව භව නිරෝධය උදෙසා…

Read More

    කමටහන මගහැර කවරනම් භාවනාවක්‌ ද?

    ඔබ දවසේ පැය විසිහතරෙන්ම පැය විසි දෙකක්‌ම නිත්‍ය සංඥාවන් වඩල නිත්‍ය සංඥාවන් සමග ජීවත්වෙලා පැය දෙකක්‌ පමණක්‌ අනිත්‍ය සංඥාවට යොමුවෙලා භාවනාවක්‌ කරලා කෙසේ නම් මේ කාරණා දෙක සමබර කරගන්නද? තරාදියෙ එක පැත්තකට පැය විසිදෙකක්‌ අනෙක්‌ පැත්තට පැය දෙකක්‌ දැම්මොත් ඔබට තේරෙවි එහි පරතරය. එම නිසා විශේෂයෙන්ම විදර්ශනා භාවනා කිරීමට කැමති පිංවතුන්ලා දවසේ සෑම කාර්යක්‌ෂම කමටහනක්‌…

    Read More

    බුදුරජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය.

    අපි ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප දෙදෙනෙක්‌ද කියලා පැහැදිලි කිරීමක්‌ කළා. මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්‌ව උම්මත්තකයෙක්‌, මිනීමරුවෙක්‌, සියදිවිනසාගන්නෙක්‌, යහපත් මනුෂ්‍යයෙක්‌ කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්‌කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න. රූපයට…

    Read More

    උත්සාහ කරන්න…

    වෙනසක් නැතිව සැමදෙනාටම මෛත්‍රිය වඩන්න.. එවිට දැනේවි සිතේ ඇති ද්වේශයේ තරම. අරමුණක් ඇති විටෙක විරාගී වන්නට බලන්න. එවිට දැනේවි සිතේ ඇති රාගයේ බලය. තමන්ට නොලැබුණු, තමන් ආස දෙයක් අන් අයට ලැබුණු විට හදවතින්ම “අනේ තවත් වැඩි වැඩියෙන් ලැබේවා ! ” සිතන්න. එවිට දැනේවි සිතේ ඇති ඊර්ෂ්‍යාවේ මහත. තමන්ට නරකම කරන කෙනෙකුට විපතක් වූ විට හදවතින්ම…

    Read More

    චෛත්‍ය එළිකිරීමේ අනුසස්.

    • පහංකර තෙරුන් වහන්සේගේ කතා පුවතින්. බුදුරදුන් කල විසූ මහ රහතන් වහන්සේලාගෙන් කෙනෙකු වන පහංකර තෙරුන් වහන්සේ අතීතයේ එක් කපෙක මිනිස් ලොව ඉපිද වන කාර්මිකයෙක් වූහ. දිනක් ඒ වන කාර්මිකයා වනයෙහි ඇවිදිනුයේ කිසිවකුට ලංවිය නොහෙන තරමට වල් වලින් වැසුණු චෛත්‍යයක් දුටුවේය. එය පදුමුත්තර බුදුරදුන්ගේ චෛත්‍යයකි. එය දැක වන කාර්මිකයා “චෛත්‍යය කෙරෙහි ගරු සිත් උපදවා බුදුගුණ…

    Read More

    සිහින මැකී යන ලෝකය මිරිගුවකි.

    සුන්දර වස්සානයේ තවත් සතියක් ගෙවී ගිහිල්ලා. වස්සානය දවසින් දවස ගෙවී යද්දී, අපේ උපසම්පදා භික්ෂු ජීවිතවල සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය තව තව දලූ, අතු රිකිලි දමා වැඩෙන්න ඕනේ. එවිටයි සුවසේ විදර්ශනා අරටුව ශක්තිමත් වෙන්නේ. මේ සියල්ලම ශක්තිමත් වුණොත් තමයි, සංඝ සමාජයේ ආයුෂය, වර්ණය, සැපය, බලය වැඩිවෙන්නේ. උතුම් සංඝ සමාජයේ ආයුෂය, වර්ණය, සැපය, බලය කියන්නේ…

    Read More

    තෙරුවන් සරණ මිස මට අන් සරණක්‌ නැහැ’ය යන සිංහනාදය කරන්න.

    අපි මියයන වෙලාවේ සම්මා සතියෙන් තොර සමාධියකට සිත පිහිටියොත් භවයේ උපතක්‌ සකස්‌වෙනවා. පළවැනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි ධ්‍යානතලවල සිත පිහිටියොත් රූපාවචර බ්‍රහ්මතලයක උපතක්‌ සකස්‌වෙනවා. ඉන් ඔබ්බට අරූපය තුළ සිත පිහිටියොත් අරූපාවචර බ්‍රහ්මතලයක උපතක්‌ සකස්‌වෙනවා. එම නිසා උපත නිරෝධය කිරීමට පක්‍ෂව අවසාන චුති සිත සකස්‌ කර දෙන්නේ සම්මාදිට්ඨියෙන් පෝෂිත සිතක්‌මයි. ඉහත හේතූන් නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇති…

    Read More

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැමෝටම එකම කාලසටහනක් වෙන්න බැහැ.

    ගිහි ජීවිතයේදී මා තුළ සැගව වැඞී තිබූ මමත්වයේ කුණු හැව මගේ ජීවිතයට බලවත් ප‍්‍රශ්න මතුකළ අවස්ථා ගොඩක් තිබුණා. මා තුළ තිබූ සක්කාය දිට්ඨියේ තීව‍්‍ර භාවයමයි, මාව සක්කාය දිට්ඨියේ නිරෝධය දෙසට යොමුකළේ. මට මතකයි මා රාජකාරි සිදුකළ ආයතනයක ප‍්‍රධානියා, මට කියනවා ලලිත් ඔයා ඔයාගේ කේන්තිය අඩුකර ගන්නේ නැතිනම් ඔයාට අනාගතයේ කිසිම දෙයක් හරියන්නේ නැහැය කියලා. ඒ…

    Read More

    ඔබත් සොබාදහමත් අතර වෙනසක් නොතබන්න.

    මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී…

    Read More

    සක්කාය දිට්ඨියට මොන පන්ති භේදයක් ද?

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පින්වතුන්ලාට සෝවාන් ඵල අවබෝධය උදෙසා ගමන් කළ යුතු, ආශ්‍රවයන් ප්‍රහීනය කිරීමේ අනුපිළිවෙළ, උතුම් සබ්බාස්‍රව සූත්‍රයේ දී දේශනා කොට තිබෙනවා. සබ්බාස්‍රව සූත්‍රය ජීවිතයට කමටහනක් කොට නොගැනීම නිසා ම, ධර්මයේ නාමයෙන් පිනේ, කුසලයේ නාමයෙන්, ඇලීම් ගැටීම් දෙක තුළ ම දෝලනය වන සක්කායදිට්ඨිය හෙවත් මමත්වයේ දැඩි භාවය පින්වත් මනුෂ්‍ය සන්තාන වල අතු රිකිලි දමා වැඩෙන…

    Read More