ථතාගත කායබලය.

ලෝකයේ ඇත්කුල දශයක් ඇත්තේය. ඒ ඇත්කුල අතරින්,

කාලාවක ඇතෙකුට පුරුෂයන් දශ දෙනෙකුගේ කාය බලය ඇත්තේ ය.
කාලාවකයන් දශ දෙනෙකුගේ බලය එක් ගංගෙයිය ඇතෙකුට ඇත්තේ ය.
ගංගෙයියන් දශ දෙනෙකුගේ බලය එක් පණ්ඩර ඇතෙකුට ඇත්තේ ය.
පණ්ඩරයන් දශ දෙනෙකුගේ බලය එක් තම්බ ඇතෙකුට ඇත්තේ ය.
තම්බයන් දශ දෙනෙකුගේ බලය එක් පිංගල ඇතෙකුට ඇත්තේ ය.
පිංගලයන් දශ දෙනෙකුගේ බලය එක් ගන්ධ ඇතෙකුට ඇත්තේ ය.
ගන්ධයන් දශ දෙනෙකුගේ බලය එක් මංගල ඇතෙකුට ඇත්තේ ය.
මංගල ඇතුන් දශ දෙනෙකුගේ බලය එක් හේම ඇතෙකුට ඇත.
හේමයන් දශ දෙනෙකුගේ බලය එක් උපෝසථ ඇතෙකුට ඇත.
උපොසථයන් දශ දෙනෙකුගේ බලය එක් ඡද්දන්තකුලයේ ඇතෙකුට ඇත.
ඡද්දන්තයන් දශ දෙනෙකුගේ බලය ලොව්තුරා බුදුන්ට ඇත.

ඒ බලයට නාරායනසංඝාත බලය යි ද කියනු ලැබේ.