බලාපොරොත්තු යනු මිච්ඡා ධර්මයකි.

පින්වත, උතුම් පංචශීලයේ දෙවැනි සිල් පදය බවට පත් වෙන්නේ “අන්සතු දෙය සොරකම් කිරීමෙන් වළකිමි” කියන සිල් පදයයි. පින්වත, මේ ලෝක ධාතුවේ බලවත් ම සොරකම බවට පත් වෙන්නේ බෝධිසත්ත්වයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ දසදහස් ගණනක් පටිච්චසමුප්පන්නව තම ඇස්, මස්, හිස්, රුධිරය දන් දීමෙන්, සක්විති රජකම්, රජකම්, සිටුකම්, අඹුදරුවන් දන් දීමෙන් අවබෝධ කොට වදාළ, සම්මා සම්බුද්ධ ඥානයෙන්…

Read More

දශ පාරමිතාව.

සම්බෝධියට පමුණුවන කුශලයෝ පාරමිතා නම් වෙති. ලෞකික සම්පත් පතා කරන කුශලයෙන් ලෞකික සම්පත් ම ලබා දෙනු මිස සම්බෝධියට නො පමුණුවනු ලැබේ. එ බැවින් ඒ කුශලයෝ පාරමී සංඛ්‍යාවට නො ගැනෙති. සම්බෝධිය හෝ නිවන හෝ පතා කරන කුශලයෝ පාරමී සංඛ්‍යාවට යෙති. දානං සීලඤ්ච නෙක්ඛම්මං – පඤ්ඤා විරියෙන පඤ්චමං ඛන්ති සච්චමධිට්ඨානං – මෙත්තුපෙක්ඛාතිමා දස යනුවෙන් දැක්වෙන පරිදි දාන…

Read More

ඔබ ඔය සුරතල් කරන්නේ සතර අපායයි.

ඉතාම ලෙන්ගතුභාවයෙන් සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර නම් ජලභීතිකාවත්, මැලේරියා, බරවා, වැනි රෝගවත් නොවේ. ඒවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් විය හැකිය. සතුන් ඇති කිරීමෙන් සිදුවන්නා වූ භයානකම අනතුර ගැන ඔබ අවධානයෙන් සිටිය යුතුය. ඔබ සිතන්න ඔබ ඉතා ආදරයෙන් ඇති දැඩි කරපු සතෙක්‌ මියයනවා. මියගිහින් ඔබ ඇසුරේම ප්‍රේත සතෙක්‌ ලෙස උපදිනවා ඔබ නොදන්නවාට මේ ප්‍රේත…

Read More

මනුලොව උතුම් දායාදය.

මනුෂ්‍ය ලෝකයක උපත ලැබූ අපට ලැබුණු ශ්‍රේෂ්ඨම දායාදය උතුම් තිසරණය බව ඔබ අප සෑම කෙනෙක් ම දන්නවා. ඒ වුනත් ඒ තුළ පිහිටා කටයුතු කිරීම තමයි බොහෝ දෙනෙක් තුළින් සිද්ධ නොවෙන්නෙ. සමහරු දැනගෙන ම එය නොසලකා හරිනවා. සමහරු ධර්මය අහන්නෙ නැති නිසා තිසරණයේ වටිනාකම දන්නේ නැහැ. මිය ගොස් සතර අපායේ උපදිනවා. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සූත්‍ර…

Read More

පංචඋපාදනස්‌කන්ධ ධර්මයේ සරලම අර්ථය.

අතීත දීර්ඝ භව ගමනේ පටිච්චසමුප්පන්නව ‘උපාදාන පච්චයා භවෝ ‘ කියන ධර්මතාව තුළ සකස්‌වුණා වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌ වී ගියා. විකෘති වී ගියා. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන අතීතයේ සත්ත්වයෙක්‌ ලෙස ඔබ තුළ සකස්‌ වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. සංස්‌කාරයන් අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම…

Read More

මනසින් චරිතය සමඟ ජීවත්වීම.

පින්වත කුටිය අවට පරිසරය නැවතිලා. සුළං බිඳක්වත් හමන්නේ නැහැ. ගස්වැල් නිදාගෙන වගෙයි. පරිසරයම ගල්වෙලා බලා සිටිනවා. ඇත්තටම පරිසරය බිය වෙලා ද? පරිසරය හොඳාකාරව දන්නවා මනුෂ්‍ය අපි පරිසරයට මොනතරම් නම් බොරු කරනවා ද කියලා. පින්වත ලක්ෂයක් ගස් රෝපණය කළාය කියලා කෝටියක් වියදම පෙන්වනවා. අවසානයේ ගස් හිටවලා තිබෙන්නේ තම තමන්ගේ බැංකු ගිණුම්වල. පින්වත මනුෂ්‍ය අපි පිළිබඳව පරිසරයට…

Read More

හාමුදුරුවන් කියනවා මේ ඔක්කොම අනිත්‍යයි කියලා. මෙහෙම හිතලා අපි කොහොමද ජිවත් වෙන්නෙ?

ධර්ම දේශනාවක්‌ අවසානයේදී පිංවත් තරුණයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා. “හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්‍යයි, මේ මල් පෝච්චියත් අනිත්‍යයි, මේ කෝප්පයත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, ඔක්‌කොම අනිත්‍යයි…. මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ ” කියලා. මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්‍රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්‍ය ධර්මය කෙරෙහි යම් හාස්‍යයක්‌ ඇතිවෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම…

Read More

අකුසල් විපාක දෙන්නේ අසිහියෙන්ම තව තවත් අකුසල් කඳු මෝදුකොට දෙන්නමයී.

පොසොන් සඳ තවමත් මැකී ගිහින් නැහැ. මේ නිසල විවේකී රාත්‍රියේ ඈත ආකාසයේ සිට ඇය භික්ෂුව දෙස බලා සිටිනවා. සත්තකින්ම ඇය හරිම ලස්සනයි. හරිම මටසිළුටුයි. ඒත් භික්ෂුව ඇයගේ රුව විඳින්න යන්නේ නැහැ. භික්ෂුව ඇයගේ රුව දකිනවා පමණක්මයි. භික්ෂුවගේ අධ්‍යාත්මික ඇස, සඳ නමැති බාහිර රූපය සමග ඵස්සය වෙද්දී, භික්ෂුව දැක්කාය කියන තැන නවතිනවා. මේ නිසල රාත්‍රියේ ඇයගේ…

Read More

මරණ බියෙන් තොර මරණයක් උදෙසා.

වර්තමානයේ කුමක්‌ද ලෝකය තුළ සිද්ධ වෙන්නේ…? සිදුවෙමින් පවතින අපි අකමැති දේවල් නැවත්විය නොහැකිද..? එසේත් නොමැතිනම් මේ ලෝකධර්මතාවයන්ද…? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කර ගන්න. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරවෙන්නෙ නැහැ. ඔබ ලෝකය දැකල කම්පාවෙන්නෙ නැහැ. ඉපදීම තිබුණ නම් දුක තිබෙනවා. ඒ දුක නේද අපි අත්විඳින්නේ. මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් ඒවායේ අර්ථයෙන් ඈත්වෙනවිට ඒ හේතුවෙනුයි ආයුෂය…

Read More

සෑම තරාතිරකම පාලකයන් වෙත කරුණාවෙනි…

බ්‍රොයිලර් කුකුළන් සිය දවස්‌ හතළිස්‌ පහක ජීවිත කාලය තුළ කුඩා කූඩුවකට කොටුවී සිට නිසි වයස්‌ වැඩුණු පසු හිස ගසාදැමීමට ලක්‌වීමේදී අදාළ සත්වයන් කර්ම විපාක දෙකක්‌ ගෙවනවා. එකක්‌ ප්‍රාණඝාත අකුසලය. ඒ හේතුවෙන් හිස ගැසුම් කනවා. අනික්‌ අකුසලය තමන්ගේ දියුණුව උදෙසා අනුන්ගේ ජීවිතය සීමාකිරීමයි. එහි විපාක හැටියට තිරිසන් ලෝකයේ ඉපදුණද, සෙසු තිරිසන් සතුන්ට මෙන් ඇවිදීමේ නිදහසක්‌ නැතිව,…

Read More