ලෝකය විනිවිද දැකිය හැකි සමාධිමත් සිත.

අද කළුවර පොහොය දවස, ගිම්හාන සෘතුවේ පණ්ණරසි පොහොය. මේ සඳ නැති කලුවර රාත‍්‍රියේ, භික්ෂුව කුටියේ සිට තනිවම අධිෂ්ඨාන පොහොය සිදුකරලා, පිරිසිදු භික්ෂු ජීවිතයක හෘදසාක්ෂියෙන් උපන්, විදර්ශනාමය ප‍්‍රීතිය සහ ඵස්සද්ධිය තුළ සිටිමිනුයි, පිංවත් ඔබට මේ සටහන තබන්නේ. සඳ නැති කළුවර රාත‍්‍රිය, මුළු කැලෑ පරිසරයම ඝණ අන්ධකාරයෙන් ගිලගත්තත්, ඒ ඝන අඳුරේ භික්ෂුවගේ සිත, සප්තබොජ්ඣංගයන්ගෙන් ආලෝකමත්වයි තිබෙන්නේ. අද…

Read More

පිංවත් ඔබ, බෞද්ධකමේ ආශ්වාදයට පමණක් යට වුණොත්…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්‌වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්‌වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට්‌ එකක්‌ බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක්‌ බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්‌වීමේ ස්‌වභාවයයි. අතීතයේ ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි බ්‍රහ්මයන්,…

Read More

ගිහි ජීවිතය විනිවිද දකින්න.

පින්වත, මේ දවස්වල අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ ගොඩාක් කාර්යබහුල වෙලා නේද? පින්වත, එක පැත්තකින් සංස්කාරයෝ විපාක දෙද්දී, තවත් පැත්තකින් සංස්කාරයෝ හරි, හරියට ප්‍රවර්ධනය වෙනවා. පින්වත, සංස්කාරයෝ දෙපැත්ත කමින් පෝෂණය වෙද්දී, සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණය දවස ගානේ, අලුත්, අලුත් විඤ්ඤාණයේ මැජික් සන්දර්ශන සමාජගත කරනවා. පින්වත, මිනී මරා ගැනීම්, අත්අඩංගුවට ගැනීම්, නිදහස් කිරීම්, මේ සෑම…

Read More

දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු.

“ව්‍යාඝ්‍ර‍පද්‍ය” නම් වූ කෝලිය රාජ පුත්‍ර‍යා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුන් වහන්සේගෙන් විචාළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උට්ඨානසම්පදාය, ආරක්ඛසම්පදාය, කල්‍යාණමිත්තතාය, සමජීවිකතාය යි මෙලොව යහපත පිණිස පවත්නා කරුණු සතරක් ඇති බව වදාළ සේක. උට්ඨාන සම්පදා යනු ගොවිකමින් හෝ වෙළඳාමෙන් හෝ ශිල්පයකින් හෝ ශාස්ත්‍ර‍යකින් හෝ රාජකාර්යයකින් හෝ ජීවත්වන තැනැත්තාගේ තමා කරන ඒ කටයුත්ත නුවණින් යුක්ත…

Read More

නොබැඳෙන සිතක අවසානය අවබෝධයයි.

සංඝානුස්සතිය – 6. එම භික්ෂුව මීළඟට පූර්වේනිවාසානුස් සති ඤාණය ඔස් සේ සිත මෙහෙයවනවා. පූර්වේනිවාසානුස් සති ඤාණය කියන්නේ, පෙර ජීවිත දැකීමේ ඤාණයයි. එම භික්ෂුව ඇලීම් ගැටීම් වලින් තොර, උපේක්ෂාව කියන තැනට සිත පත් කර ගෙන අරමුණ ඔස් සේ ක‍්‍රියාත්මක වෙනවා. මෙතැනදී එම භික්ෂුව අරමුණු කරන්නේ වයස අවුරුදු දහයක පමණ පිරිමි දරුවෙක් . දරුවාට වයස අවුරුදු දහයක්…

Read More

ශාසනයේ ආරක්ෂාවට රජකු අත්‍යවශ්‍යමය.

තවත් සුන්දර චීවර මාසයක් ගෙවී යනවා. භික්ෂුව සුන්දර චීවර මාසයක්ය කියලා සටහන් කළේ, යම් වස්ත‍්‍රයකට, චීවරයකට, චේතනාත්මකව වැඩිම ගෞරවයක්, වැඩිම පූජනීයභාවයක්, වැඩිම වටිනාකමක්, ජනතාවගෙන් ලැබෙන වන්දනීය මාසය, චීවර මාසය නිසායි. චීවර මාසය තුළ බෞද්ධ සැදැහැවත් පින්වතුන්ලා, කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පිනක් ජීවිතවලට එකතු කොට ගන්නවා වගේම, පිනට කැමැති සම්‍යක්දෘෂ්ටික දෙවිවරු, පිනෙන් සතුටුවෙන මාසයත්, මේ උතුම්…

Read More

පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි සත්වයා ඇති කොටගන්නා වූ තෘෂ්ණාවේ ඵලය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘සත්වයා බැඳුණොත් බැඳෙන්නේ පංචඋපාදානස්‌කන්ධයට. සත්වයා නිදහස්‌ වුණොත් නිදහස්‌ වෙන්නේ පංචඋපාදානස්‌කන්ධයෙන්මය’ කියලා. භවයට සත්ත්වයාව බැඳ තබන පංචඋපාදානස්‌කන්ධය මාරයා හැටියටත්, භවයෙන් නිදහස්‌ වීම පංචඋපාදානස්‌කන්ධ මාරයාගෙන් නිදහස්‌ වීම කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබත්, මමත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌ කල්ප විනාශයන් දස දහස්‌ ගණනක්‌ පසුකරමින් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ අතපසු කොටගනිමින් පැමිණි…

Read More

ඇතුලත ගිනි පිටතට නොදෙන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා. මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විවාහ ජීවිත ගතකරන අඹුසැමියන්ට. බුදුරජාණන් වහන්සේ ගෙදර ගින්දර පිටට දෙන්න එපාය කියලා කියන්නේ ගෙදර නෝනා සහ මහත්මයා අතර තියෙන ප්‍රශ්න පිට අයට කියන්න එපාය කියන කාරණයයි. අපි ජීවත් වන සමාජය තුළ දික්කසාද, අඹුසැමි සමගිය බිඳ වැටීම, විනෝදාංශයක් බවට…

Read More

“දුකම සොයා යන දෙමාපියන්”

සම්මා දිට්ටියේ අර්ථයන් ගැන සිහිපත් කරමින් සිටින කොට භික්ෂුවට තම අම්මා තාත්තා සිහිපත් වුනා. දස මාසයක් කුසේ හොවා ගෙන හදලා ලේ ටික කිරි කරලා පොවලා ශිල්ප උගන්වලා සමාජ යුතුකම් වගකීම් කියලා දීලා දෙවියන් මනුෂ්‍යයින් වන්දනා කරන තැනට මාව ඔසවා තියලා ඒ දෙමාපියන් භව ගමනේ ඈතින් ඈතට යන්න ගියා. දුක තුරුල් කොට ගනිමින් භවයේ ඈතින් ඈතට…

Read More

කල්පයක් ආයුෂ ලැබීමට.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ඔබට නිරෝගීභාවය ආයුෂ, වර්ණය, සැපය, බලය අවශ්‍ය නම් සතර සෘද්ධිපාද ධර්මයන් වඩන්නය කියලා. යම් පින්වතෙක් සතර සෘද්ධිපාද ධර්මයන් වැඩීමෙන් ඔහුට කල්පයක් ආයුෂ ජීවත්වෙන්න පුළුවන් ය කියලා. වර්තමානයේ කල්පයක් ආයුෂ කියන්නේ පරමායුෂ වන අවුරුදු 90ක් වැනි කාලයක්. සතර සෘද්ධිපාද ධර්මයන් යනු 01. ඡන්දය 02. වීර්යය 03. චිත්තය 04. විමංසා යන කාරණායි…

Read More