සියලුම යාගයන් අතරින් ශ්‍රේෂ්ඨම යාගය ශීලයේ යාගයයි.

පිංවත බොරුව මුල් බැසගත්ත සමාජයක, ඇත්ත මතුකොට ගැනීමට නම්, බොරුවට මෙත් වඩන්නම වෙනවා. පිංවත් ඔබ සමාජගතවෙන බොරුවට ද්වේශ කරලා, වෛර කරලා, සත්‍යය මතුකොට ගැනීමට යාමෙන් ඇතිවෙන අධර්මානුකූල ඵලය වෙන්නේ, සමාජගතවෙන කාය කර්ම සහ වචී කර්මයන් හේතුවෙන් පිංවත් ඔබ ඊට වඩා බලවත් මනෝ කර්මයන් ජීවිතයට එකතුකොට ගැනීම පමණක්මයි. පිංවත බොරුව ඉදිරියේ ඔබ මෙත් සිතින් සත්‍යවාදී වෙන්න….

Read More

අහෝ..! තිරිසන් අපාය.

පිංවත් ඔබේ දෑස්‌ ඉදිරියේ ජීවත්වන තිරිසන් සතුන් සතර අපායේ කොටස්‌ කරුවන්. සතර අපායෙන් එකක්‌ තමයි තිරිසන් ලෝකය. තිරිසන් ලෝකය සත්වයාට බොහෝම දුක්‌දෙන ස්‌ථානයක්‌. මේ සෑම තිරිසන් සතෙකුම පෙර භවයක මනුෂ්‍ය ජීවිතයක්‌ ගතකර සිදු කරගත් කාය, වචී, මනෝ අකුසලයන් හේතුවෙන් තිරිසන් ලෝකයට වැටුනු අය. මරණ බිය, කාමය, වෛරය, කුසගින්න තිරිසන් සතුන්ගේ ජීවිතයයි. පෙර මනුෂ්‍යයින්ව ඉපිද අනුනට…

Read More

තරුණ කාලයේදීම සුදුවත් දරාගත් උපාසක උපාසිකාවක් වෙන්න.

ධර්මය මේ සා සරළව පිංවත් ඔබට දේශනා කළ බුදුරජාණන් වහන්සේ, ඇට්‌ටේරියා වනයක වැඩසිටිමින්, තම අතට බිම වැටී තිබූ ඇට්‌ටේරියා කොළ අහුරක්‌ ගෙන දේශනා කරනවා ‘මහණෙනි මම අවබෝධ කරගත් ධර්මය මේ ඇට්‌ටේරියා වනයේම ඇති කොළවලට සමාන බවත්, මා විසින් දේශනා කළ ධර්මය මගේ මේ අතේ ඇති කොළ ප්‍රමාණය තරම් බවත්. එසේ නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ…

Read More

පෞද්ගලික සංස්කාර පාර්සලය ලිහා බලන්න.

පින්වත වැස්ස නැති නිසාම පින්වත් ගොවි මහත්වරුන් ඇළෙන් ලැබෙන වතුර අරපරිස්සමින් පරිහරණය කරලා තම ගොයම ආරක්ෂාකොට ගන්නවා. බලාපොරොත්තු පොදි බැඳගෙන හෙට දින අස්වැන්න නෙලා ගන්න සූදානම්ව සිටිය දී මහා වැස්සක් ඇවිල්ලා මුළු අස්වැන්නම විනාශ වෙලා යනවා. පින්වත ඔබ මෙවැනි අකාරුණික සිදුවීම් දැකලා තිබෙනවා ද? ඇත්තටම අපිට මෙවැනි සිදුවීම් ඉදිරියේ අනේ අපොයි කියලා කියවෙනවා. පින්වත සංස්කාර…

Read More

තිරිසන් අපාය.

අපාය සතර අතුරෙන් තිරිසන් අපාය වනාහි අප ඇස හමුවෙහි ම තිබෙන දෙයකි. එහි දුක ඉතිරි අපායන්හි දුක පමණ මහත් නො වෙතත්, මනුෂ්‍ය ස්කන්ධයන් පිළිබඳ දුඃඛයට වඩා අතිශයින් මහත් ය. ඒ තිරිසන් සත්ත්වයන් හට ආහාර පාන සපයා ජීවත් වන්නට තරම් සිහි නුවණ නැත. ස්වභාව ධර්මයෙන් ඉබේ ම ආහාර පාන නො ලැබුණ හොත්, ඔවුනට සාගින්නෙන් පිපාසයෙන් පෙළෙන්නට…

Read More

අපි මේ මුළු රටම ශීලයේ යාග භූමියක් බවට පත් කරමු.

ගිහි බෞද්ධ පිංවතුන්ලාත් ශීලය නැමැති යාග භූමියේ කොටස්‌කරුවන් වෙන්න. නිතිපතා පංචශීලය සමාදන්වෙලා එම ශිල්පද ආරක්‌ෂා කර ගන්න. නායක පිංවතුන්ලා බොරුකීවාට, ඔබලා බොරු කියන්න එපා. නායක පිංවතුන්ලා සොරකම් කළාට ඔබලා සොරකම් කරන්න එපා. තම බිරිඳගෙන් සැමියාගෙන් පමණක්‌ සතුටු වන ශිල්වතෙක්‌ වෙන්න. සවසට අරක්‌කු කඩ ඉදිරියේ පෝළිම් ගැසෙන්න යන්න එපා. පිංවත් ගිහි ඔබ ශීලය නමැති යාගභූමියේ ශක්‌තිමත්…

Read More

ආනන්ද මහ රහතන් වහන්සේ

මිහිකත සනසා සනසා මගේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් සත්වයාගේ නිර්වාණය නැමති සඳ මඬල විවර කරනවා. උන් වහන්සේ නිසාම එක් අයෙක් සැනසේ නමි ඔහු සදහාම මගේ බුදුරජාණන් වහන්සේ පා ගමනින්ම ගමි නියමිගමි වඩිනවා. මගේ බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ මුල් කාලයේ ස්ථීරවම උපස්ථාන කරන්න අයෙක් සිටියේ නැහැ. නාගසාල,නාගිත,උපවන,චුන්ද,සමනුද්දේස,සාගත,රාධ,මෙිඝිය යන තෙරණුවන් කාලයෙන් කාලයට උපස්ථාන කළා.වරක් නාගසාල තෙරණුවන් යෝජනා කල මාර්ගයේ…

Read More

ද්වේශ සිත.

සිතට මහත් වෙහෙසක්, කරදරයක් දැනෙයි.. කෙතරම් උත්සාහ කළත් සිතට එන තරහ පාලනය කර ගත නොහැකිය. මා කෙතරම් නිවැරදිව, හොදින් ඉන්නට උත්සාහ කළඳ අනෙක් අයගේ වචන මගේ සිත පාසාරු කරගෙන යයි. ඔවුන්ගේ ඇතැම් ක්‍රියා කලාප මට නොරිස්සුම ගෙන දෙයි. ඇතැමුන් මට ඉරිසියා කරයි. මුහුණට හොඳින් කතා බස් කරන, සිනහ වෙන අය මා නැති තැන මට දොස්…

Read More

පරාර්ථකාමතා වේශයෙන් වඤ්චක ලෝභය.

රේරුකානේ ස්වාමීන් වහන්සේ. උපුටා ගැනීම, වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම ග්‍රන්තයෙන්. පරාර්ථකාමතා” යනු කුශලච්ඡන්දයකි. අනුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන පරාර්ථකාමී සත් පුරුෂයන් ඒ නිසා කීර්ති ප්‍ර‍ශංසා ගරු බුහුමන් ලාබ සත්කාර තනතුරු ලබනු දක්නා තැනැත්තා කෙරෙහි තමාටත් ඒවා ලැබීමේ ආශාව ඇති වේ. කීර්ති ප්‍ර‍ශංසාදිය ලබනු පිණිස අනුන්ට වැඩ කිරීම වනාහි අනුන්ට යහපත කිරීමේ ආකාරයෙන් ආත්මාර්ථය ම…

Read More

සංඝයා වහන්සේලාගේ සිවුරු සේදීම කාන්තාවන්ට කැපද?

මෙහෙමයි කොතනකවත් අපිට කාන්තාවකට සිවුරක් හෝදන්න දෙන්න බැහැ. ඒක දෙන්න බැහැ. දැන් මගෙනුත් ඇවිල්ලා සමහර කාන්තාවන් කියලා තියෙනවා “ස්වාමීන් වහන්ස චීවරය දෙන්න හෝදලා ගෙනත් දෙන්නම්” කියලා. ඒක විනයට ගැළපෙන කාරණයක් නෙවෙයි. පිරිමි කෙනෙක් ඇවිල්ලා සිවුරක් ඉල්ලුවොත් ඒක අපිට දෙන්න පුළුවන්. කාන්තා පක්ෂය ස්වාමීන් වහන්සේලාගේ සිවුරු පිරිකර හේදීමේ කටයුතු වලට සම්බන්ධ වෙන එක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්….

Read More