නුවණින් දකින්න ජිවිතයේ යථාර්තය.

ජීවිතයේ ජරා ස්වභාවය දකින්නට එනම් දිරාගෙන යෑමේ ආදීනවය දකින්නට තමාගේ හිසේ කෙස් පැසෙන තුරු බලා සිටිය යුතු නොවේ. දෑත දෙපය දුබල ව එක් තැනක වැටෙනා තෙක් නතර වී සිටිය යුතු නොවේ. කුඩා දරුවෙකු වෙතින් පවා ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියේ ඇති ආදීනවය ගැන දහම් ඇසින් දැක ගත යුතු වේ. ඇසට,කනට සුවයක්, ප්‍රසන්න බවක් හැටියට පෙනුණත්,…

Read More

සාංඝික දාන සත.

1. එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍ර‍මුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍ර‍තිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ. 2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන…

Read More

පිනෙන්ම උපදින ලස්සන, ඔබ අවබෝධය උදෙසාම යොමු කොටගන්න.

අද පසළොස්වක පොහොය දවස, කුටිය අවට කැලෑ පරිසරය, හරියට සමාධිමත් සිතක් වගෙයි, හරිම නිශ්චලයි. සුළඟට හොඳ විවේකයක් ලැබිලා. සුළඟ විවේක ගන්නකොට ශරීරයට දැනෙන රස්නය නම් ටිකක් වැඩියි. සතර මහාධාතුවේ ආශ්වාදය සහ ආදීනවය අතර තිබෙන්නේ, බොහෝම පුංචි පරතරයක්. මේ පරතරය පුංචි කරන්නේ, සතර මහාධාතුව අනිත්‍ය වන වේගවත්භාවය නිසාමයි. භික්ෂුව සාමාන්‍යයෙන් රාත‍්‍රියට ඔරලෝසුවේ වේලාව බලන්නේ නැහැ. සැලසුම්…

Read More

දැවෙන සිත් නිවුන සිතින් දමනය කළ බුදුන් වහන්සේගේ පුරිසධම්ම සාරථි ගුණය.

බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන් ඉදිරියේ සිංහනාද ධම්මචක්‍රය පවත්වන්නේ තථාගත ධර්මයන්ගේ බලයෙන්ය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ තථාගත බලධර්මයන්ගේ ආශ්චර්යමත්භාවය නුවණින් දකිමින් බුද්ධානුස්‌සතියෙන් ශක්‌තිමත් වෙන්න. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව දියකිරීමේ මාර්ගය තරණය කළ නිසා, තෘෂ්ණාවෙන් තොර හැසිරීම් ඇති නිසා, අවබෝධ කළ ඥානයෙන් යුතුව ඊට අදාළ ධර්මානුධර්ම හැසිරීමෙන් යුතුව වැඩසිටිය නිසා විඡ්ජාචරණ සම්පන්න වෙනවා. උන්වහන්සේගේ සෑම ඉරියව්වක්‌ම…

Read More

මනුෂ්‍යය ලෝකයේ දුක්ඛය.

මිනිසත් බව හෙවත් මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය ද දාන ශීලාදි පින්වලින් ම ලැබිය යුත්තකි. නිකම් ම ලැබෙන දෙයක් නො වේ. පින් කොට උපදවා ගත යුතු බව ලබා ගත යුතු බව මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකයේ සංඛත ස්වභාවයයි. ඒ මනුෂ්‍ය ස්කන්ධ පඤ්චකය මඳ පිනකිනුදු ලැබිය හැකි බැවින් ලබා ගැනීම පිළිබඳ සංස්කාර දුඃඛය, දිව්‍ය බ්‍ර‍හ්ම ස්කන්ධ සම්බන්ධයෙන් වන සංස්කාර දුඃඛය…

Read More

දානය මහත්ඵල මහානිසංස වීමට…

ඔබව දන් දීමෙන් වළක්වන්න කවුරුන් හෝ සිටීනම් ඔහු මව්පියන් වේවා, බිරිඳ වේවා, දරුවන් වේවා, ඥාතීන් වේවා, හිතවතෙක් වේවා ඔහු ඔබගේ ඥාතියෙක් නොවන බව තරයේ සිහිතබා ගන්න. එවැනි අය මග හරින්න. එවැනි අයගෙන් දුරස් වන්න. යමෙක් ඔබට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩෙන, සිල්පද ආරක්‍ෂාවෙන, දන්දීමට පෙළඹෙන ක්‍රියාවන්ට අනුබල දෙන්නේ නම් ඔහු ඔබේ ලඟම ඥාතියා කර ගන්න. සිදු…

Read More

    මිථ්‍යා දෘෂ්ටිකභාවය පැවිදි වේශයෙනුත් සමාජය තුළ හැසිරෙනවා.

    පිංවත, උදාවුණ 2023 නව වසරේ දී, ගෙවී ගිය වසරේ දී බැඳුණ පංච නීවරණ මකුළුදැල් ඉවත් කරලා, ඔබේ ජීවිතය සප්ත බොජ්ඣඬ්ඟයන්ගෙන් අළුත් කර ගත්තා ද? ලෝකය නිරවුල්ව දකින්න නම් ඉන්ද්‍රීය සංවරයෙන් පෝෂණය වූ සමාධිමත් සිතක් තිබෙන්නම ඕනේ. අසංවර ඉන්ද්‍රියයෝ ලෝකය කනපිට හරවලා දකින්නේ. පිංවත, අළුත් අවුරුද්දට පිංවත් ඔබට ආදරණීය තෑග්ගක් භික්ෂුව සටහන් තබනවා. පිංවත, සම්මා ආදරය…

    Read More

    තවකෙනෙක් වෙනුවෙන් ලබාදිය හැකි වටිනා අළුත් අවුරුදු තෑග්ගක්.

    පිංවත් ඔබ උදෑසන, එසේත් නැතිනම් රාත්‍රියට, කායික පිරිසිදුභාවය ඇතිකරගෙන, තෙරුවන් සරණ පිහිටලා, උතුම් පංචසීලය සමාදන්වන අවස්‌ථාවේදි, පිංවත් ඔබ ජීවිතයට එකතුකොට ගන්නේ, සද්ධාවත් දානයත් ශීලයත් කියන අර්ථයන් තුන පමණක්‌මයි. මේ තත්ත්වය හරිම අවාසනාවක්‌. අතීතයේ වැඩසිටි රහතන්වහන්සේලා පහන් දැල්ලක්‌, පිරිසිදු රෙදිකඩක්‌, පරවීයන ලස්‌සන මලක්‌, බිඳී ගිය සිල්පදයක්‌ කමටහන් කොටගෙන ආර්ය ශ්‍රද්ධාවත්, ආර්ය ශීලයත්, ආර්ය සමාධියත්, ආර්ය ප්‍රඥාවත්…

    Read More

    නිදහස් පරිසරය.

    මේ ජීවිතය තුළදීම නිවීම සාක්‍ෂාත් කරගැනීම සඳහා වෙහෙසෙන භික්‍ෂුවකට නිදහස්‌ පරිසරය අත්‍යවශ්‍යය. නිදහසට එක අර්ථයක්‌ දිය නොහැක. ලෞකික. ලෝකෝත්තර වුවමනාවන් අනුව නිදහසේ අර්ථය වෙනස්‌ වෙයි. කෙනෙක්‌ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ගුරු පත්වීම්, රජයේ රැකියාව, දේශපාලනය නිදහස ලෙස දකියි. මේ කිසිත් වරදක්‌ නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටීන්ය. එහෙත් ඒ ලොව්තුරා නිර්වාණ ප්‍රතිපදාව නොවේ. මෙහි සඳහන් කරුණු අදාළ වන්නේ…

    Read More

    උතුම් සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණය.

    පිංවත උපතින් ම දෑස් අන්ධ පිංවතෙක් කෙසේ නම් නිල් මැණිකක වටිනාකම හඳුනා ගන්න ද? එම දෑස් අන්ධ පිංවතාගේ දෙපාවල නිල් මැණික් වැදුණත්, එය හුදු ගලක් ලෙසින්මයි ඔහු හඳුනා ගන්නේ. එය එම අන්ධ පිංවතාගේ වරදක් නොවේ, අන්ධ දෑස්වල වරදයි. පිංවත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයන්…

    Read More