දුක් ගොඩක් වූ පඤ්චස්කන්ධයට ඇලුම් කිරීමේ හේතුව.
උපාදන ස්කන්ධ පඤ්චකය, එයට ඇලුම් කරන්නවුන්ට යට දුඃඛ සත්ය කතාවෙහි දැක්වුණු පරිදි අනේකාකාරයෙන් පීඩා කරන්නා වූ ද රාග ද්වේෂ මෝහ ජාති ජරා මරණාදි ගිනිවලින් දැවෙන්නා වූ ද මහා දුඃඛ ස්කන්ධයක් වේ නම් සත්ත්වයනට එපා විය යුතුය. එයට බියක් මිස කලකිරීමක් මිස ඇල්මක් සතුටක් ඇති නොවිය යුතුය. එසේ නොවී සත්ත්වයන් තුළ මේ උපාදාන ස්කන්ධ පඤ්චකය ගැන…