අකුසලය කෙරෙහි කලකිරීම ඇති කරගන්න.

අකුසලය කෙරෙහි කලකිරීම ඇති කරගන්න… මීට වසරකට පමණ පෙරාතුව, භික්‍ෂුව මුණගැසීමට බොහොම කනස්සල්ලෙන් පැමිණි මහත්මයෙක්, භික්‍ෂුවට ප‍්‍රකාශ කළා, ස්වාමින් වහන්ස, අපි බලාපොරොත්තු නැති මොහෙතාක, මගේ බිරිඳගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තාය කියලා. එම අවස්ථාවේ, භික්‍ෂුව එම මහත්මයාට ප‍්‍රකාශ කළේ, ඔබලා මේ මොහොතේ, දරුවෙක් බලාපොරොත්තු නොවුණාට, ඔබේ පීතෘත්වය, බිරිඳගේ මාතෘත්වය බලාපොරොත්තුවෙන්මයි. ඔය දරුවා පටිච්චසමුප්පන්නව ඔබේ බිරිඳගේ මවුකුසට…

Read More

ගෞරවණීය ස්වාමීන් වහන්ස, අත්හැරීම කියලා කියන්නේ කුමක් ද ?

මෙහෙමයි පුතේ, අත්හැරීම කියන කාරණය වරදවා පටලවා ගන්න නම් එපා. මේ අත්හරින්න කියලා කියන්නේ, මේ ගෙදර අත් හරින්නවත්, බිරිඳ අත් හරින්නවත්, දරුවා අත් හරින්නවත්, රැුකියාව අත් හරින්නවත්, ව්‍යාපාරය අත් හරින්නවත් නෙවෙයි. තේරුණාද? අත් හරින්න කියන්නේ, මේවා කෙරෙහි තියෙන තෘෂ්ණාවයි අත් හැරෙන්න ඕන. දැන් සමහරෙකුට මම කියනවා, දැනුම අත හරින්න කියලා. දැනුම අත හරිනවා කියන්නේ මේ…

Read More

සංස්කාර – 08.

පංචඋපාදානස්‌කන්ධයට අදාළව, සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය ගැන, මෙම සටහන අවසන් කිරීමට සූදානම්වන මොහොතේ, භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේ මුල් මාස කිහිපය තුළ විපාකයට පැමිණි, කුසල් සංස්‌කාරයක්‌ ගැන මෙහි සටහන් තබනවා. භික්‍ෂුවට මතක්‌වෙනවා මීට වසර අටකට පෙරාතුව, භික්‍ෂුව සාමනේරකෙනෙක්‌ වශයෙන් ආරණ්‍යයක වැඩසිටියදී අහම්බෙන් වගේ සිදුවූ හමුවීමක්‌. ඒ හමුවීම තමයි මෙම ලිපි පෙළ ඉදිරිපත් කරන ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයාගේ හමුවීම. කළුතර වසන්ත…

Read More

සසරින් එතෙර වීම.

1. මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමට ඇත්තේ කණ කැස්බැවකු විය සිදුරෙන් අහස බැලීමේ සම්භාවිතාවයට වඩා අඩු සම්භාවිතාවක් බව බුදු රදුන් කියා ඇත. එවන් දුර්ලභ දෙයක් එනම් මනුෂ්‍ය ආත්මයක් ඔබ ලබා ඇත. 2. අබාධිත හෝ මන්ද බුද්ධික ඉපදීමක් නොලබා සාමාන්‍ය මනුෂ්‍ය භවයක් ලැබී ඇත. 3. සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා කිසියම් දෙයක් වටහා ගැනීමට හැකිවන ප්‍රඥාවක් සහිතව ඉපදී ඇත….

Read More

යෝනිසෝ මනසිකාරය.

කෙළවරක් නොපෙනෙන සසර පුරා අප පුරුදු පුහුණු කරමින් පැමිණියේ කෙලෙස් වලට යටවෙමින් තව තවත් සසර දිගු කර ගැනීමට කටයුතු කිරීමය. අවිද්‍යාව මෝහය මුල් බැස ගෙන ඇති සත්වයාගේ සිත් තුල මේ ලෝකයේ යථා ස්වභාවය පිලිබඳ අවබෝධයක් තිබුනේ නැත. මේ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දැකීමට තරම් හැකියාවක් ඔවුනට නැත. වැඩිපුරම දුගති වල සැරිසරමින්, ඉඳහිට සුගතියකට යමින් ගමන්…

Read More

ඔබේ ආරක්ෂකයා, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

පින්වත, ධර්මය සොයමින් ලෝකෙ වටා, රට වටා ඇවිදින්න අවශ්‍ය නැහැ. පින්වත, මෙවන් සුන්දර වස්සානයක බුදුරජාණන් වහන්සේ විනය කාරණාවන් පනවා, උපසම්පදා භික්ෂූන් වහන්සේලා වන අපගේ චාරිකාවන් පවා සීමා කරන්නේ, රට තුළින්, ලෝකය තුළින් නොව, තමා තුළින් ම උතුම් ධර්මය මතු කොට ගැනීමට මයි. පින්වත, ඔබේ පුණ්‍යවන්ත ජීවිතය යැයි කියන්නේ, ධර්ම පාරාදීසයක්, හැබැයි එම ධර්ම පාරාදීසය සක්‍රිය…

Read More

දුටුගැමුණු රජතුමා – කැළණිතිස්ස රජු කළ පවට මුහුද ගොඩ ගලයි.

නිර්දෝෂී කැලණිතිස්ස රහත් තෙරණුවෝ උණු තෙල් කටාරමෙහිලා මෘතදේහය මුහුදට විසි කිරීමට අණ කිරීම පිළිබඳ රජතුමා බොහෝ පසුතැවීමට පත්විය. තමන් විසින් කරගන්නා ලද ආනන්තරිය පාප කර්මයේ විපාක සුළුපටු නොවන බව වටහාගත් රජතුමා ඉමහත් කම්පාවට පත්විය. හදිසි කෝපය නිසා තමන් විසින් කළ වරද පවසා භික්ෂූන් වහන්සේලාගෙන් සමාව අයැද සිටියේය. මුහුද ප්‍රචණ්ඩ වී ඇතැයි ද , එම නිසා…

Read More

පංච උපාදානස්කන්ධ ලෝකයට වැරදි කියන්න එපා.

පිංවත, සම්මා සම්බුද්ධ සාසනය තුළ අවුල්, වියවුල්, ගැටුම්, මතභේද, විවේචන තිබෙන්නට විදිහක් නැහැ. සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයයි. විනය ශිල්පද දෙසිය විස්සකින් සහ වරද නිවැරදි කරන අධිකරණයන් හතකින් ජීවය ලබන සම්මා සම්බුද්ධ ශාසනය, අපි හැමෝම චතුරාර්ය සත්‍යය අවබෝධය දක්වාම සමාධියෙන්, ප්‍රඥාවෙන්, ඥාන දර්ශනයන්ගෙන්, විමුක්තියෙන් ජීවත් කරවනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ ජීවිතය කියන්නේ මේ…

Read More

පංචශීලය ආරක්ෂා කිරීමේ අනුසස්

මුසා බස් නොපැවසීමේ ආනිශංස අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම සැප ස්පර්ශ ඇත්තෙකු වීම දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම සුවච කීකරු පරිවාර ජනයා ඇති…

Read More

අපි හැමෝම මාරයාගේ සේවකයෝ.

පිංවත, කාමයේ ආශ්වාදය හරිම භයානකයි. කෙටි ආශ්වාදය අපිව දීර්ඝකාලීන ආදීනවයන්ට යොමු කරනවා. ආශ්වාදය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමයි. පිංවත, ආශ්වාදයට කවු ද අකමැති? ආශ්වාදයට අපි හැමෝම කැමති නිසාම, ජාතියක් හැටියට වර්තමානයේ අපිට ඉතිරි වෙලා තිබෙන්නේ දීර්ඝ ආදීනවයේ බංකොලොත්භාවය පමණක්මයි. පිංවත, බංකොලොත්භාවය ආදීනවයක් වුව ද, අපි බංකොලොත්භාවයත් ආශ්වාදයක් කොටගත් කල්හි, පදංග වශයෙන්…

Read More