සක් දෙවිඳුන්ගේ කථා වස්තුව.

පින්වලට කවුරුත් කැමතියි. නමුත් පින් වලින් ලැබෙන සැප මොනවාද කියා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. එ් නිසා පින් කරන්න කැමති වුණත්, පින්වලට උනන්දුවක් නැහැ. පින ගැන අවබෝධයක් තියෙනවා නම්, එ් කෙනා දක්ෂ මල් කාරයෙක් වගෙයි. මල් නෙලන්නට මල් තියෙන තැන් සොය සොයා යනවා වගේ පින් රැස්කරගන්නට පුළුවන් සෑම තැනකින්ම ප්‍රයෝජනය ගන්නවා. චාතුම්මහාරාජික, තාවතිංස නමින් දිව්‍ය ලෝක…

Read More

සංසාර බිය නැති කරන ජීවිතයට ඇති ආශාව.

තවත් දවසක් නිමා කරලා හිරු පරිසරයෙන් සමුගෙන යන්න දැන් හොඳටෝම ළඟයි, සැඳෑ අඳුර කැලෑ රොදෙන් විලි බියෙන් එබිකම් කරද්දී, ආලෝකය ඇයට තරවටු කරනවා, දවස තවමත් මගේ යැයි කියලා. හැමෝම ඉතින් රන්ඩු තමයි. කවුරුවත්ම කැමති නැහැ කතාබහ කරලා, ඉවසීමෙන් තමන්ගේ ප‍්‍රශ්නයක් විසඳාගන්න. පිංවත් ඔබගේ ඵස්සය තෘෂ්ණාවේ පැටලූනොත්, එතැන උපදින්නේ අවුලක්. අවුලෙන්, අවුලට ගිය ලෝකයක, අතීතයේ ජිවිතය…

Read More

මහ පොළොවත්, ඔය සිරුරත් වෙන්වේවිද හැමදාමත්.

මේ දෑස්‌ දෙක, කන් දෙක….. ඔබට අයිති නැහැ. එය වෙනස්‌වෙන දෙයක්‌. යම් දවසක මහපොළොවට පස්‌වෙන දෙයක්‌. මහපොළොවේ පස්‌ මිටක්‌ මනසින් දෝතට ගෙන ඔබේ ඇසත්, කනත්….. සමග සංසන්දනයකර දකින්න. කුසල් සංස්‌කාරයක්‌ නිසා භික්‍ෂුවට ලැබුණ ඇස, කන, නාසය ගැන භික්‍ෂුව සතුටුවෙනවා. වර්තමානයේ භික්‍ෂුවගේ ඇස්‌දෙක දුර්වලයි. හතලිස්‌ ඇඳිරියෙන් මෝදුකොටදුන් දුර්වලභාවය කාලයත් සමග තව තවත් දුර්වලකරනවා. භික්‍ෂුව ඇස්‌ දෙක…

Read More

තෙරුවන් කෙරෙහිමයී පින්වත් ඔබ ශ්‍රද්ධාව සකස්කොට ගතයුත්තේ.

පින්වත් භික්‍ෂුන් වහන්සේ විසින් මේ ලිපිය අප අතට පත්කළේ 2011 වසර අගදීය. ඒ වන විට මායාවරුන්ගේ දින දසුන ඈඳා ගනිමින් 2012 වසරේ සිදුවිය හැකි ලෝක විනාශයක් ගැන සැකයක්, බියක්, මතවාදයක් ලෝකයා තුළ විය. මේ ගැන අහම්බයෙන් දැනගන්නට ලැබුණු උන්වහන්සේ, එය ධර්මයට ගලපමින්, ධර්මය තුළ වන රැකවරණය සඳහන් කරමින් තැබූ මෙම සටහන, එම වකවානුවෙන් වසර කිහිපයක්…

Read More

ධර්මයෙන් ප්‍රමාද නම් කාලයට බණින්න එපා.

පින්වත මෙලොව සහ පරලොව වර්ණය, සැපය, බලය ඔබට ලැබෙන්නේ, ආජීව අට්ඨමක ශීලයේ ආරක්ෂාවෙන් ඔබ මහා සංඝරත්නය අරමුණුකොට පූජා කරගන්නා දානය තුළින්මයි. පින්වත පෙර ජීවිතයේ දී දන් පූජා කිරීම නිසා ඔබ මේ ජීවිතයේ දී වර්ණය, සැපය, බලය ලද පින්වතෙක් ද? ඔබ මේ ජීවිතයේ දී මහා ධනවතෙක්, බලවතෙක් වුවත් ඔබ නිරතුරුවම රෝගීභාවයන්ට, සතුරු කරදරවලට, සොරුන්, කප්පම්කරුවන් නිසා…

Read More

නිහඬ නවාතැන්පල.

දීර්ඝ අවිවේකී ධර්මදේශනා මාලාවක් නිමාකොට, විවේකී වස් සමයක නිහඬ නවාතැන්පල. මේ නවාතැන්පල මාගේ සුන්දර කුටිය නොව, අතීතයේ දස දහස් වාරයක්, මා වල දැමූ සුසාන භූමියයි. නෙත ගැටන දසුනින්, ආශ්වාදයද නොව, ආදීනවයද නොව, නිස්සරනයේම අර්ථය මතුකොට ගන්න දක්ෂ වෙන්න. දුප්පත් කටුමැටි කුටියක, පිරී ඉතිර යන ධර්මයේ පොහොසත් බව, අඳුරු රැයක වුවද, ප්‍රභාශ්වර සිතක උරුමය ඔබට ලබාදෙනු…

Read More

ධම්මානුපස්සනාවේ ප්‍රවේශය.

සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධම්මානුපස්‌සනාවට අදාළ ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකින්නට කියල. සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්‌සනාවට අදාළව කායනුපස්‌සනාව, වේදනානුපස්‌සනාව, චිත්තානුපස්‌සනාව ඔබ තුළ වැඩෙන්නේ ධම්මානුපස්‌සනාවක්‌ හැටියටයි. ධම්මානුපස්‌සනාව ගැන සිහිවෙනකොට භික්‍ෂුවට මුලින්ම කමටහන බවට පත්වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව. අතීතයේ යම්දවසක දීපංකර බුදුරජාණන් වහන්සේ අප මහා බෝධිසත්ත්වයන්ට ඔබ අසවල් කාලයේ ගෞතම යන නමින් නමින්…

Read More

සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය – 02.

චතුරාය්‍ය සත්‍යය නොදැනීම නිසා, කුසල් අකුසල් සංස්‌කාරයන් රැස්‌වන හැටි නුවණින් දකින්න. සංස්‌කාරයන් නිසා විඤ්ඤාණය සකස්‌වන හැටි නුවණින් දකින්න. විඤ්ඤාණය හේතුවෙන් නාම රූප සකස්‌වන හැටි නුවණින් දකින්න. නාමරූප හේතුවෙන් සලායතන සකස්‌වන හැටි නුවණින් දකින්න. පිංවත් ඔබේ රූපයට හිත යොමුකරලා, රූපයේ ඉපදීමට මූලික හේතුව අවිද්‍යාව වශයෙන් දකින්න. දෑස්‌ පියාගෙන ඔබේ රූපය තුළින් අවිද්‍යාවේ අඳුර දකින්න. අවිද්‍යාව නිරෝධය…

Read More

අම්රපාලී මහ රහත් තෙරණිය.

භික්‍ෂු – භික්‍ෂුණී ,උපාසක – උපාසිකා යන සිව්වනක් පිරිස ම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ නිවන් සුව අවබෝධ කරගත්හ. යමෙක් ගිහි ව සිටියදී සෝවාන් ආදී මාර්ග ඵලයකට පත් වූ කල්හි පැවිදිව විදසුන් වැඩීම බොහෝ සෙයින් සිදුවන්නකි. ස්තී‍්‍ර – පුරුෂ දෙපක්ෂයටම ප‍්‍රවෘජ්‍යාව ලබා ගැනීමට හැකිවීම නිසා පුරුෂයන් මෙන්ම ස්තී‍්‍රන් ද බුදුහිමියන් කරා පැමිණ පැවිදිව මාර්ගඵලාවබෝධ කොට ගත්හ.කුල,…

Read More

සෑහීමකට පත්නොවන හේතුව කුමක් ද?

භික්ෂුව මුණගැසෙන්නට පැමිණි මැදිවියේ මහත්මයෙක් ප්‍රකාශ කළේ, ස්වාමීන් වහන්ස, මගේ නෝනාගේ කන්දොස්කිරියාව අහලා මට දැන් ජීවිතයත් එපා වෙලාය තිබෙන්නේ කියලා. මගේ නෝනා කිසිම දෙයකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. නොසෑහීම ජීවිතය කොටගත් නෝනා මහත්මියක්ය කියලා. මම වෙළඳපොළට ගිහිල්ලා වටිනාම, හොඳම ඇඳුමක් පැළඳුමක්, ආහාරයක්, ගෘහ උපකරණයක් ගෙනත් දුන්නත්, ඒක අතට අරගෙන අසන්නේ අපෝ මීට වඩා හොඳ එකක් තිබුණේ…

Read More