පින්වත් ඔබගේ යුගදිවිය කඳුළු කථාවක් නම්…

වර්තමාන සමාජයේ සමහරක් පින්වතියන් සමාජයෙන් ලැබෙන වැරදි ආදර්ශයන් හේතුවෙන් ධර්මානුකූලව කර්මය කර්මඵල විශ්වාසයේ ඇති දුර්වලතාවය හේතුවෙන් නිරතුරුවම, තම ස්වාමිපුරුෂයත් සමග ගැටෙන දිශාවන්ට ස්වාමිපුරුෂයන් ප්‍රතික්ෂේප කරන දිශාවන්ට ගමන් කරනවා. ඔබට ලැබුණ ස්වාමීපුරුෂයා, අකීකරු කෙනෙක් නම්, ඔබට ලැබුණ ස්වාමිපුරුෂයා ආදරය නොහඳුනන කෙනෙක් නම්, එය ස්වාමිපුරුෂයාගේ වරදක් නොවේ. පින්වත් බිරිඳගේම අතීත අකුසල් විපාකයන් බව තේරුම්ගත යුතුයි, අපේ වරදට, අනුනට දොස් පවරලා වැඩක් නැහැ. බිරිඳගේ අතීත අකුසල් විපාකයන්, විපාකයට එනකොට, ඔබ ස්වාමිපුරුෂයා සමග ගැටෙන දිශාවට ගියොත් ස්වාමිපුරුෂයාව ද්වේශයෙන් ප්‍රතික්ෂේප කිරීමේ දිශාවට ගියොත්, ඔබ අතීත අකුසල් හේතුවෙන් වර්තමානයේ තව අකුසල් රැස්කොටගන්නා අවාසනාවන්තියක් වෙනවා.

පින්වත් ඔබගේ යුගදිවිය කඳු`ඵ කථාවක් නම්, එම කඳු`ඵවලට
එරෙහිව පින්වත් ඔබ කවදාකවත් සටන් කරන්න යන්න එපා. ඔබ දක්ෂවෙන්න, ඔබ හෙලන, සෑම කඳුලක්ම ඔබ සංසාරයේ, අනුනට දුන් කඳුලක්ම බව නුවණින් දකින්න. වේගයෙන් සිල් පද දුර්වලකරගන්නා සමාජයක, වේගයෙන් අකුසල් මූලයන් වර්ධනය කොට ගන්නා සමාජයක, සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිත තුලින් සෝදාපාළුවී යන සමාජයක, ආදරය නැමැති වචනයේ අර්ථය, රාගය විසින් උදුරාගත් සමාජයක, ආදරය නැමති වචනයේ අර්ථය, ද්වේෂය විසින් උදුරාගත් සමාජයක, ආදරයේ නාමයෙන් අනාගතයේ නැවත කවදාකවත් ටජම්හල් ඉදිවෙන්නේ නැහැ. ආදරයේ නාමයෙන් අනාගතයේ ඉදිවු‌ණොත් ඉදිවෙන්නේ කඳු`ඵ ස්මාරකයක් පමණකමයි. මුදල් මත සියල්ල තීරණය වන සමාජයක ආදරය යනු රාගයට ගොදුරු සොයාදෙන, මරුවැලක් පමණකමයි. වර්තමාන සමාජයේ ආදරයට හිමි තැන එතැන වුවත් පින්වතඔබ ආදරයෙන් පළායන්න එපා. ආදරය තුළත් කෙටි, සුන්දර ආස්වාදයක් තිබෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ආදරයේ කෙටි ආශ්වාදය දීර්ඝ ආදීනවයක් කරා ඔබව රැගෙන යනවා. කරුැලු ලොක්යෙ සෙබඩ කියන්නේ ආදරයේ කෙටි ආශ්වාදය තුළින් ලැබූ දීර්ඝ කාලීන ආදීනවයේ ඵලයක් වෙනවා. ගිහි පින්වත් ඔබ ආදරයට ආදරය කරන්න. හැබැයි ආදරය කියන අර්ථය තුළ සැඟවී ඇති කටුක යථාර්ථය ධර්මය තුළින් මතුකොටගන්න දක්ෂවෙන්න.

දෑස් දෙක පියාගෙන පින්වත් ඔබ මොහොතක් ආවර්ජනය කරන්න. මේ ලෝකයේ ජීවත්වෙන සෑම කාන්තාවක්ම, සෑම පිරිමියෙක්ම පින්වත් ඔබට, අතීත සංසාරයේ පෙම්වතෙක් පෙම්වතියක් වෙලා තිබෙනවා, මේ ලෝකයේ ජීවත්වෙන සෑම කාන්තාවක්ම පිරිමියෙක්ම සංසාරයේ ඔබට බිරිඳක් ස්වාමිපුරුෂයෙක් වෙලා තිබෙනවා. අතීතයේ ආදරය කරපු කෙනෙකුට වර්තමානයේ නැවත ආදරය කරන එකේ තේරුමක් නැහැ. අතීතයේ විවාහවෙච්ච කෙනෙක්ම නැවත විවාහකරගෙන තේරුමක් නැහැ. පින්වත් ඔබ ලබන ඔය ධර්මානුකූල දැක්මයි, අවබෝධයෙන්ම ආදරය කියන වචනය තුල සැඟවී ඇති කටුක යථාර්තය මතුකොට ගැනීමට හේතුවෙන්නේ. මෙතැනයි අර්ථවත්ම පුරුෂාධිපත්‍යයට, ස්ත්‍රි ආධිපත්‍යයට එරෙහිව සැබෑම විකල්පය සැඟවිලා තිබෙන්නේ. පින්වත් ඔබ ඔබේ ජීවිතය තුලින් අකුසලයන් විපාක දෙන බව, හඳුනාගත් සැනින්, ඊට එරෙහිව සටන්කරන්න යන්න එපා, එවිට තව තව අකුසල්මයි රැස්වෙන්නේ. අකුසලය ඉදිරියේ, පින්වත් ඔබ නවතින්න, උපේක්ෂා සහගත වෙන්න. නෙතට නැගෙන කඳු`ඵ ඉදිරියේ සිතට දැනෙන දුක් වේදනා ඉදිරියේ ඔබ මෛත්‍රි චිත්තයක් ඇතිකොට ගැනීමට දක්ෂ නම් අකුසලය තුලින් කුසලයක් මතුකොටගත් සැබෑම දක්ෂයෙක් බවට ඔබ පත්වෙනවා.

සංසාරයේ ඔබම කරපු අකුසල් ඔබම උපේක්ෂාවෙන් විඳ දරාගෙන ස්වාමිපුරුෂයා කියන අර්ථය දුකක් නම් බිරිඳ කියන අර්ථය දුකක් නම් මම මේ භව ගමනේ ලබන අවසාන ස්වාමිපුරුෂයායි, අවසාන බිරිඳයි, මේ ලැබුවේ කියන චිත්තයෙන් ආදරය කෙරෙහි තිබෙන තෘෂ්ණාව ධර්මානුකූලව දකිමින් අතහරින්න. අකුසලයේ කඳු`ඵ තුලින්ම සැනසුමේ නිවීම මතුකොට ගන්න දක්ෂවෙන්න. ඔබේම අකුසල් ඔබට විපාක දෙනකොට ඒවාට එරෙහිව සටහන් කිරීමට ගොස් පින්වත් ඔබත් අනාගත භවයේ මොනරෙක්, සෙබඩක් නොවන්න. ආදරය කෙරෙහි ඇති ඇලීමත් අනාදරය කෙරෙහි ඇති ගැටීමත් කෙරෙහි ඇති තෘෂ්ණාව පින්වත් ඔබ අවබෝධයෙන්ම අතහරින තැන නොඇලෙන, නොගැටෙන උපේක්ෂාව කියන අර්ථය තුලට ඔබ එනවා. උපේක්ෂාව කියන ධර්මතාවයන් අනිත්‍යයි කියලා දකින තැන පින්වත් ඔබ පුරුෂාධිපත්‍යයෙනුත් ස්ත්‍රි ආධිපත්‍යයෙනුත් මිදුන නිදහස බුක්ති විඳිනවා. පුරුෂාධිපත්‍යයෙනුත්, ස්ත්‍රි ආධිපත්‍යයෙනුත් මිදුන තැන හරිම නිදහස් සුන්දර තැනක්.
එහි ඇලීම්, ගැටීම්, උපේක්ෂා කිසිවක්ම නැහැ. සංස්කාරයෝ අනිත්‍යයි කියන ධර්මථාවය තුල, ඔහුට සමාජයේ ජීවත්වන සෑම පුරුෂයෙක්ම, ස්ත්‍රියක්ම අනිත්‍ය වූ සංස්කාරයක් පමණක්මයි. ඔහු නුවණින් දකිනවා සංසාරයේ ස්ත්‍රිත්වය, පුරුෂත්වය නිසා ඇතිකොටගත් ආදරය නිසා අනාදරය නිසා හෙ`ඵ කඳු`ඵ මහ සාගරයේ ජලයට වඩා වැඩිය කියලා. ආදරය කළ සිතින්ම බත් කැවූ අතින්ම හිස ගසා මරා දැමූ අවස්ථාවන් දස දහස් ගණනකට වඩා වැඩිය කියලා. සිය`ඵ සංස්කාරයෝ අනිත්‍යයි, සංස්කාරයන් විපාක සලස්වලා අනිත්‍ය වී යන්නේ අනාගතයේ විපාකයට අ`ඵතින් සංස්කාරයක් උපද්දවලා. ඒ නිසාමයි පින්වත් ඔබට නැවත නැවතත් මතක්කොට දෙන්නේ. සැප වේදනාවත් දුක්වේදනාවත් දෙක ඉදිරියේදීම සතිය සිහිය ඇතිකොටගන්නය කියලා.