මෛත්‍රිය දෘෂ්ටිය අනුභවකර මස්‌ මාංශ නොකෑමෙන් පලක්‌ වේද?

එක්‌තරා ගිහි පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා ‘හාමුදුරුවෝ මස්‌ මාංශ අනුභවය ගැන ඔබ වහන්සේ දරන අදහස මොකක්‌ද?’ කියලා. එම පිංවතාට භික්‍ෂුව දුන්න පිළිතුර මෙහි සඳහන් කරනවා. ඔබ ගිහි පිංවතෙක්‌ නිසයි භික්‍ෂුව මෙහෙම පිළිතුරක්‌ දෙන්නේ. හැබැයි මේ පිළිතුර සමාජයේ සැමටම එකඟ නැහැ. එම පුද්ගලයා ලබා ඇති ධර්මාවබෝධය මත, පිළිතුරේ ස්‌වභාවය වෙනස්‌ වෙනවා. භික්‍ෂුව ගිහි කාලයේදී පැවිදිවීමට පෙරාතුව වසර…

Read More

සද්ධර්මය කාලයත් සමග වෙනස් වන දෙයක් නොවේ…

වස්කාලය ආරම්භයේදීම භික්ෂුව මුණ ගැසෙන්න තරුණ ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩියා. වස් කාලයේ ඔබ වහන්සේලා කොහේ වඩින ගමන්ද කියලා භික්ෂුව එම ස්වාමීන් වහන්සේලාගෙන් ඇසුවා. උන්වහන්සේලා දෙනම ප‍්‍රකාශ කළේ, අපි වස් සමාදන් වුනේ නැති බවයි. උන්වහන්සේලා දෙනම වස් එකක් සහිත උපසම්පදා හිමිවරුන් දෙපළක්. භික්ෂුව විමසුවා, ඇයි වස් සමාදන් වුනේ නැත්තේ කියලා. එතකොට උන් වහන්සේලා ප‍්‍රකාශ කරනවා වැස්ස…

Read More

අටවන තථාගතබලය.

(අතීත ජාති දන්නා නුවණ) “පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථීදං? එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්’පි ජාතියෝ තිංසම්’පි ජාතියෝ චත්තාර්සම්’පි ජාතියෝ පඤ්ඤාසම්’පි ජාතියෝ ජාතිසතම්’පි ජාති සහස්සම්’පි ජාතිසතසහස්සම්’පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පේ අමුත්‍රාසිං එවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එව’ මාහාරො එවං සුඛදුක්ඛපටිසංවේදී…

Read More

මස්‌ මාළුවල නොවෙයි කෙළෙස්‌වල පිළි ගඳෙන් මිදෙන්න.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලවකවානුවේදී මෙන්, සම්බුදු බණ පදයක්‌ අසා, ධර්මය දැකීමේ, අවබෝධකරගැනීමේ ස්‌වභාවයට පත්වීමට සමත්, පිනක්‌ සහිත පිංවතුන් වර්තමානයේ විරළය. එහෙයින් නිවීමේ මග පෙරට යා යුත්තේ මෛත්‍රිය, කරුණාව, ජීවිතය තුළ වඩවාගෙන, ඒ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය , ශීලය වඩමින් උත්සහයෙන්ම වීම ඒකාන්තය. ඒ වීර්යයයෙන් යන ගමනේ ඔබට යම් සන්ධිස්‌ථානයකදී මස්‌ මාංශද, නිර්මාංශද…

Read More

රූපය ලැබෙන්නේ අනිත්‍යය අවබෝධ කර ගන්නයි.

පිංවත ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ පිංබර උපත, සම්මා සම්බුද්ධත්වය, පිරිනිවීම මේ සෑම ධර්මතාවයක් ම සිද්ධවෙන්නේ ගහකොළ, පරිසරය ඇසුරු කොටගෙනයි. බුදුරජාණන් වහන්සේ, ශ්‍රාවක අපිට අවවාද කරන්නේ රුක්ඛ මූලයක, ආරණ්‍යයක, ශූන්‍යාගාරයක වැඩසිටින්නය කියලා. පිංවත උපසම්පදා භික්ෂූන් වන අපිට බුදුරජාණන් වහන්සේ ගසක කොළයක් හෝ මලක් කැඩීම පවා විනයානුකූලව තහනම් කරලයි තිබෙන්නේ. භික්ෂුවගේ මතකයට නැගෙනවා, භික්ෂුව ගතකළ වසරක සාමණේර කාලයේ…

Read More

අනුන් ඔබව මුරුංගා අත්තේ තැබුවත්, ඔබ ගහෙන් බසින්න දක්ෂ වෙන්න ඕන.

භික්ෂුව දන්න එක මහත්මයෙක් සිටියා. ඔහු බොහෝම උත්සහයෙන් සද්ධර්මය ශ‍්‍රවණය කරමින් දන් පූජා කරමින් ජිවිතය ධර්මය දෙට හොඳින් යොමු කොට ගත්තා. මේ මහත්මයා කිහිප වතාවක්ම භික්ෂුවට ප‍්‍රකාශ කොට තිබෙනවා තමා සද්ධර්මය මුණ ගැසීමට පෙර නරක යහළුවන් ඇසුර නිසා හුඟාක් වැරදි සිදුකරගත්තා කියලා. මොහුගේ යහපත් ක‍්‍රියාවන් දැකලා භික්ෂූවද මොහුට තව තව පිං සිදුකර ගැනීමට අවස්ථාවක් ලබා…

Read More

ඔබ ඔබට අවංක වුණු තැන, ඔබ සද්ධර්මයට අවංක වුණා වන්නේය.

ධම්මානුස්සතිය – 5. ධර්ම රත්නයේ තවත් උතුම් ලක්‍ෂණයක්‌ තමයි ‘සිත්හි ලා දැරීමට සුදුසුයි’ කියන කාරණය. තමා තුළින් වැඩීමට සුදුසු යැයි කියන කාරණය. තමා තුළින් දැරීමට සුදුසු, නුසුදුසු දේවල් තිබෙනවා. මිථ්‍යා දෘෂ්ටිය තමා තුළින් දැරුවොත්, සැපයට හේතුවෙන සම්මා දිට්‌ඨිය අහිමි වෙනවා. දුශ්ශීලභාවය ඔබ දැරුවොත්, සැපයට හේතු වන සිල්වත්භාවය ඔබට අහිමි වෙනවා. ලෝභකම ඔබ දැරුවොත් සැපයට හේතුවන…

Read More

කරණීය මෙත්ත සුත්‍රය(මෛත්‍රී සුත්‍රය).

කරණීයමත්ථකුසලේන යං තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උජූ ච සූජූ ච සුවචෝ චස්ස මුදු අනතිමානී යම් ශාන්ත වූ ඒ අමා නිවන් සුවයක් වේද, එය ලබාගන්නට කැමැති දක්ෂ කෙනාට ඒ ගැන කුසලතා තියෙන්න ඕන. ඍජුකම තියෙන්න ඕන. වඩාත් ඍජු වෙන්න ඕන. ඒ වගේම ධාර්මික අවවාද අනුශාසනාවලට කීකරු වෙන්න ඕන. මෘදු මොළොක් වෙන්න ඕන. නිහතමානී වෙන්න ඕන….

Read More

ආභස්‌සර බඹ ලොවින් පැමිණි ඔබ මෙතරම් ගොරෝසු මනුෂ්‍යයන් වූයේ කෙසේ ද?

සංඝානුස්සතිය – 4. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්‌වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්‌වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට්‌ එකක්‌ බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක්‌ බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්‌වීමේ ස්‌වභාවයයි. අතීතයේ ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක…

Read More

රුවන්වැලි මහා සෑයට කෙරෙන ජීවිත පූජාව නිවැරදිව සිදු කරමු..

රුවන්වැලි මහා සෑයට … ජීවිතය පූජා කරමින් , බාර කරමින් … සිදුවූ සියලු වරදයනට සමාකරගෙන සියලු යහපත සැනසීම උදාකරගනු පිනිස මේ පිලිවෙත ඔබත් අනුගමනය කරන්න … මාගේ ජීවිතය බුදුරජාණන්වහන්සේට පූජා කරමි…! පූජා වේවා …! බාර කරමි…! බාර වේවා …! මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්මයට පූජා කරමි …!පූජා වේවා …! බාර කරම්…! බාර වේවා…! මාගේ ජීවිතය ශ්‍රාවක…

Read More