රූපයේ ආශ්වාදයත්, කාමයේ ආශ්වාදයත් මගේම ආත්මය කොටගත් තැනදී තාරුණ්‍යයේ සිතුවිලි විනයෙන් සදාචාර ධර්මයන්ගෙන්, ශීලාචාර ධර්මයන්ගෙන් පෝෂණය වීමේ ඉඩකඩ හොඳටෝම අඩු වෙනවා.
මහා පරළාහ නිරයේ යම් තිරිසනෙක් කනෙන් යම් ශබ්දයක් ඇසුවොත්, තමන් අකමැති ශබ්දයක්මයි අසන්නේ. කවදාකවත් තමන්ට කැමැති ශබ්දයක් ඇසෙන්නේ නැහැ. එම නිරිසතුන් තම නාසයෙන් දිවෙන් ශරීරයෙන් යම් විඳීමක් ලැබුවොත් එම විඳීම තමන් අකමැති විඳීමක්මයි. තමන් කැමැති තමන් සතුටු විඳීමක් කවදාකවත් ලබන්නේ නැහැ. මහා පරළාහ නිරයේ යම් තිරිසනෙක්, තම සිතින් යම් සිතුවිල්ලක් සිතුවොත් එම සිතුවිල්ල දුක, වේදනාව, අමිහිර දෙන සිතුවිල්ලක්මයි. කවදාකවත් සතුටු සිතක් පි‍්‍රයමනාප සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. මෙම ස්වභාවය මහා පරළාමහ නිරයේ ජීවත්වෙන නිරිසතුන් විඳින අකුසල් විපාකයක්.
තෘෂ්ණාවේ අසිහියෙන් මත්වෙලා කාමයේ ආශ්වාදයෙන්, රූපයේ ආශ්වාදයෙන් මත්වෙලා, කැමැති කැමති සිතුවිලි සමඟ පොරබදන, අපිට අකමැති දේවල්ම විඳින මහා පරළාහ නිරය කමටහනක්ම වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක අධික, සතුටක් නැති මහා පරළාහ නිරයට වඩා දරුණු කටුක බිහිසුණු අනතුරක් තරුණ මධ්‍යම මහලූ අපිට තිබෙනවාය කියලා. එම බිහිසුණු අනතුර තමයි, යම් පිංවතෙක් ජාති, ජරා, ව්‍යාධි, මරණ මේ දුක යයි දුක තතු සේ නොදනීද, මේ දුකට හේතුව තෘෂ්ණාව යැයි දුකට හේතුවන කාරණය තතු සේ නොදනීද, මේ දුකේ නිරෝධය යැයි, දුකේ නිරෝධය තතු සේ නොදනීද, මේ දුක නිරෝධය කිරීමේ මාර්ගය යැයි, දුක නිරෝධය කරන මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන තතු සේ නොදනීද, ඒ නිසාම නැවත උපතකට අවශ්‍ය වෙන සංස්කාරයන් කෙරෙහිම තෘෂ්ණාවෙන් ඇලෙයිද, දුකට හේතුවන සංස්කාරයන්ම ජීවිතයෙහි රැස්කොට ගනීද, එය මහා පරළාහ නිරයට වඩා අනතුරුදායක බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්, ධර්ම රූපයන් සොයාගෙන තෘෂ්ණාවේ අසිහියෙන්, ඉන්ද්‍රිය අසංවර භාවය ඇති කොටගත් ආශ්වාදයේ කරවටක් ගිලූනු ඕනෑම පිංවතෙකුට උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති කියන ධර්මතාවය තුළ මහා පරළාහ නිරය, කල්ප ගණනක් දීර්ඝ වාසස්ථානය වෙන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් අරුණෝදයක් වේද, එම අරුණෝදය උදාවෙන, නව යොවුන් හිරුට පෙර නිමිත්තක්ය කියලා. දෙසැම්බර් මාසයේ දී නම් පාන්දර පහයි තිහට, කුටියේ මිදුල අමදින්න අවශ්‍ය ආලෝකය පරිසරයේ තිබුණා. මේ ජනවාරි මාසයේ හිරු උදා වෙන්නේ ටිකක් ප‍්‍රමාද වෙලා. ඒ නිසා භික්‍ෂුව උදෑසන හය වෙනකම් සිටිනවා මිදුල අමදින්න. අපි සෑම බුද්ධ වන්දනාවක්ම අවසානයේ දීම, පිංකමක් අවසානයේදී, පිණ්ඩපාත දානයක් අවසානයේදී මියගිය ඥාතීන්ට, දෙවියන්ට, පිං අනුමෝදන් කරන්නේ, අප වටා අපට නොපෙනෙන, දෙවියන් අමනුෂ්‍යයන් සිටින නිසාමයි. භික්‍ෂුවට හොඳටෝම විශ්වාසයි, පිණ්ඩපාත මඩුවක් අසල පිංවත් ඔබ බෙදන දානයට, අත ගහලා සතුටු වෙන්න, ඔබ සිදු කරන පිංකම් දැකලා සතුටු වෙන්න, ඔබ ලබාදෙන පිං අනුමෝදන් වෙන්න සිය ගණන් දෙවියන්, අමනුෂ්‍යයන් රැස්වෙලා සිටිනවාය කියන කාරණය. භික්‍ෂුව උදෑසනට සවසට කුටිය අවට පිරිසිදු කරන්නේ මනුෂ්‍යයන් පින්වත් ඔබලා වගේම පිනට කැමැති පින සොයාගෙන පැමිණෙන දිව්‍ය සහ අමනුෂ්‍ය ප‍්‍රජාවන් සතුටු කිරීම උදෙසාමයි. මේ දැක්ම උතුම් සම්මා දිට්ඨියෙන් පෝෂණය වූ උතුම් අර්ථයක්.
අපි හැමෝම ලස්සනට කැමැතියි. පිරිසිදුකමට කැමැතියි. අපි ලස්සනට පිරිසිදු භාවයට අකමැති නම් එය බලවත් අකුසලයක්. පිංවත් ඔබ කවදාකවත් පන්සලක, ආරණ්‍යයක, කුටියක, වැලි මළුවක් අපවිත‍්‍ර කරන්න එපා. ඊයේ පෙරේදා දවසක පුංචි දරු පැටියෙක්, භික්‍ෂුව ලස්සනට ඇමදලා තිබ්බ වැලි මළුවේ තම සිඟිති දෙපාවලින් එක එක හැඩයේ රූපයන් ඇඳලා. භික්‍ෂුව එම පුංචි පිංවත් දරුවාට ප‍්‍රකාශ කළා, දරුවෝ කුටියේ වැලි මළුව අපිරිසිදු කරන්න හොඳ නැහැ. ඔබේ හිසකෙස් අවුල් සහිත හිසකෙස් බවට පත්වෙන්න පුළුවන්. සමහර පිංවත් කාන්තා පක්‍ෂයේ පිංවතියන්ගේ හිසකෙස් හරියට අවුල් වැඩියි. මේවා ධර්මානුකූල හේතුඵල ධර්මයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, සිල්වත්ව, මෙත් සිතින්, මනුෂ්‍යයන්, දෙවියන්, අමනුෂ්‍යයන් සතුටුවේවා යැයි කියලා, මාගේ භික්‍ෂු ජීවිතයේ කෙලෙස් සියුම්වීම උදෙසා, භික්‍ෂු වත, ශක්තිමත් වේවා යැයි සිතලා ලස්සනට අමදින මිදුල, අපවිත‍්‍ර කිරීමෙන් අගෞරවයෙන් පාවහන් පයලාගෙන ඇවිදීමෙන් තරුණ කාලයේදීම ඔබේ හිසකෙස් ඇද වෙන්න පුළුවන්. හිසකෙස් වැටෙන්න පුළුවන්. ඔබට අපිරිසිදුව සිටින්නට සිතුවිලි සකස් වෙන්න පුළුවන්. හැමෝගේම ආදරයෙන්, අවධානයෙන් අපි බැහැර වෙන්න පුළුවන්. හිසකෙස් සුදු වෙන්නේ, හිසකෙස් වැටෙන්නේ පීනස නිසා බව තුන්දොස් කිපීම නිසා බව ඇත්ත. නමුත් තුන්දොස් කිපීමටත් හේතුවක් තිබෙනවා. ඒ හේතුවට බෙහෙත් තිබෙන්නේ ධර්ම රත්නය තුළ පමණක්මයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ඉර, සඳ, ආලෝකය නොදෙන මහා ඝන අඳුරේම සැමදා ගිලී පවතින ස්ථානයන් මේ ලෝකයේ තිබෙනවාය කියලා. ඒවායේ ජීවත් වෙන සත්වයන්ට පෙනෙන ඇස් දෙකක් තිබුණත්, එකිනෙකා පෙනෙන්නේ නැහැ. මෙම අඳුරම උරුම කොටගත් දුක්ඛිත සත්වයන්ට, එකිනෙකා පෙනෙන්නේ තමන් වගේම තවත් සත්වයන් මේ අඳුරේ ජීවත් වෙන බව දකින්නේ, කල්ප ගණනාවකට වරක් උදාවෙන ලෙව්තුරා බුදුරජාණන් වහන්සේටත් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොට ගන්නා නිමේෂයේදී පමණක්මයි. මේ මොහොතේ භික්‍ෂුව දෑස් දෙක පියාගෙන නුවණින් දකිනවා අතීත සංසාරයේ පටිච්චසමුප්පන්නව කල්ප කොච්චර නම් කාලයක් අඳුරේම ගිලී පවතින මේ ලෝකයන් තුළ මම දුක් විඳින්න ඇතිද කියලා.
මම බුද්ධෝත්පාද කාලවල ඉපදිලා, විද්‍යාව කියන අර්ථයට, විමුක්තිය කියන අර්ථයට විහිළු කරලා අවිද්‍යාව ශක්තිමත් කොටගෙන මෙවන් අඳුරු ගුහා තුළ මොන තරම් දුක්විඳින්න ඇතිද?
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ඉර, සඳ, එළිය නොදෙන හැමදාමත් ඝන අඳුරේ ගිලී පවතින, අඳුරු ස්ථානයන්හි සත්ත්වයා විඳින දුකට වඩා වැඩි දුකක් මේ ලෝක ධාතුවේ තිබෙනවාය කියලා. එම අඳුරට වඩා බිහිසුණු වියරු අඳුරක් ලෝකයේ තිබෙනවාය කියලා. එම අඳුර තමයි, යම් භික්‍ෂුවක් යම් ගිහි පිංවතෙක්, ජාති, ජරා, ව්‍යාධි, මරණ මේ දුක යැයි තතුසේ නොදනීද, මෙයයි දුකට හේතුව යැයි, තෘෂ්ණාව ගැන නොදනීද, මෙයයි දුකේ නිරෝධය යැයි තතු සේ නොදනීද, මෙයයි දුක නිරෝධය කරන මාර්ගය යැයි, තතුසේ නොදනීද මේ නොදැනීම නිසාම දුකට හේතුවෙන සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාවන්ම බැඳෙයිද, නැවත නැවත උපතකට අදාළ සංස්කාරයන්ම රැස්කොට ගනීද, සඳු, හිරු එළිය නොදෙන වියරු ඝනාන්ධකාරයට වඩා චතුරාර්ය සත්‍යය ධර්මයක් නොදැනීමේ බිහිසුණු අඳුර බලවත්ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක් උතුම් දස පාරමී ශක්තියෙන් උපන් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට ඒ තුළින් ලබන විද්‍යා විමුක්තියට අපහාස කළොත්, විහිළු කළොත් ඉර, හඳ, ආලෝකය නොදෙන මහා ඝන අඳුරු ලෝකයන්, පටිච්ච සමුප්පන්නව ඔබ එනතුරු මඟ බලාගෙන සිටිනු ඇත.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි විදර්ශනා නුවණින් අවබෝධ කොටගත යුත්තේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ අනිත්‍ය භාවය යැයි කියලා. අපි රූපය විතරක් අනිත්‍යයයි කියලා දකිමින් සිටියාම අර්ථවත් ඵලයක් ලැබෙන්නේ නැහැ. අපි වේදනාව පමණක් අනිත්‍යයි කියලා දකිමින් සිටියාට අර්ථයේ ඵලයක් ලැබෙන්නේ නැහැ. අපි පංචඋපාදානස්කන්ධ ධර්මයෙන්ගේම වර්තමාන අතීත අනාගත අනිත්‍ය භාව අවබෝධ කොටගන්න ඕනේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අප විදර්ශනා නුවණින් ප‍්‍රහාණය කළ යුත්තේ අවිද්‍යාව සහ භාවයට ඇති තෘෂ්ණාවයි කියලා. ඉර, සඳ, ආලෝකය නොදෙන මහා ඝන අඳුරේ ගිලී පවතින ලෝකයන්ට වඩා අවිද්‍යාවේ අඳුර අති බිහිසුණු නම් කරුණාකර පිංවත් ඔබ, අවිද්‍යාව දුරු කරන්න. අවබෝධයෙන්ම පහකොට දමන්න. භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණවලට තෝතැන්නක් නම් කරුණාකර, භවාත‍්‍රය කෙරෙහි තෘෂ්ණාව අවබෝධයෙන්ම දුරු කරන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇති ඉහත ධර්මයෙන් පැහැදිලි වෙනවා, මේ උතුම් ආර්ය විනයෙහි, සැපයෙන් වාසය කිරීමක් හැටියට සැලකෙන ලෞකික ධ්‍යාන සම්පත්තීන් තුළත්, අනාගත දුකටම හේතුවෙන, තෘෂ්ණාව බැසගෙන තිබෙනවාය කියන කාරණය.
සුන්දරම ලෞකික සැපය වන ලෞකික ධ්‍යාන සම්පත්තීන් තුළත්, දුකට හේතුවෙන තෘෂ්ණාව බැසගෙන තිබෙනවා නම් අපිට ඉතිරිව ඇත්තේ දුක සහ සැප දෙකම සකස්කොට දෙන පංචඋපාදානස්කන්ධ ලෝකය අනිත්‍ය වශයෙන් විදර්ශනා නුවණින් දකිමින් ලෝකය නිරෝධය කිරීම පමණක්මයි.
සුන්දරව ලෞකික ධ්‍යාන සැපයන් තුළින් දුකට හේතුව තෘෂ්ණාව බැසගෙන තිබෙනවා නම්, වර්තමාන සමාජයේ පිංවත් ඔබට, දුක අමතකකොට දුක මතින්, දුක බොරුවෙන්, අමතකකොට එන්න අපිත් සමඟ සැප ලබන්න යැයි ඔබට අතවනන, පංචනීවරණ මිච්ඡා ශාස්තෘවරුන්ගේ වැදි බණ, මොන තරම් නම් මිථ්‍යාවක්ද?
ඇත්ත මොන තරම් සුන්දර වුවත්, ඇත්ත මතුකොට දකින්න නම් අතීතයේ දී චතුරාර්ය සත්‍යය ධර්මය නමැති ඇත්ත අවංකවම ජීවිතයට එකතුකොට ගැනීමෙන්, ඇති කොටගත් කුසල් සංස්කාරයන් අත්‍යවශ්‍යම වෙනවා.
පංචඋපාදානස්කන්ධ ලෝකය කෙරෙහි තෘෂ්ණාව උපදින්නේ, ඵස්සය කෙරෙහි ඇති කොටගත් කෑදරකමේ අඩු, වැඩි භාවය නිසාමයි. අනාගාමී ඵලයට පත්වූ පිංවතාටත්, පංචඋපාදානස්කන්ධ ලෝකය කෙරෙහි කාම, රාග, පටිස ධර්මයන් නිරෝධය වූ එහෙත් ඵස්සය කෙරෙහි අනුශය තෘෂ්ණාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අශූචි කන්දත්, අශූචි බිඳත්, එකම ගඳකින් යුක්තයි කියලා. ඒ නිසාම භවයේ බියකරු බව දකින ආර්ය ශ‍්‍රාවකයා, උතුම් අනාගාමී ඵලයට පත් පිංවතාට ඉතිරිව ඇති එකම ආත්ම භාවයන් අශූචි බිඳක් හැටියට දකින්න කියලයි අපිට දේශනා කොට තිබෙන්නේ.
පිංවත් ඔබ උතුම් අනාගාමීඵල අවබෝධය, තාෂ්ණාවෙන් යුතුව, ආශ්වාදයෙන් යුතුව, නිත්‍ය සංඥාවෙන් යුතුව, වර්ණනා කරනවා නම්, භික්‍ෂුව සිතනවා. පිංවත් ඔබ එම නිත්‍ය සංඥාවෙන්, බැහැරවෙන තුරාවට, ඔබට උතුම් සෝවාන් ඵල අවබෝධයට පත්වෙන්න බැහැය කියලා.
භික්‍ෂුව මුණගැසෙන්න පැමිණිි, පුංචි දියණියකගේ මව්පිය දෙපළක්, ප‍්‍රකාශ කළා ස්වාමීන් වහන්සේ අපේ දියණිය උදේට පාසල් යෑමට සූදානම් වීමේදී අපිව කේන්ති ගස්සනවාය කියලා. මේ ප‍්‍රශ්නය පාසල් වයසේ දරුවන් සිටින දෙමාපියන්ට බහුලව තිබෙනවා. මෙවැනි ප‍්‍රශ්න අපේ අම්මා තාත්තලාගේ හෘද සාක්‍ෂියට, තට්ටු කරලා කියනවා, අප තවම අනුන්ගේ පාලනයෙන් මිදිලා නැහැය කියලා.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.