අප්පමාදෙන මඝවා දෙවානං සෙට්ඨතං ගතොඅප්පමාදං පසංසන්ති පමාදො ගරහිතො සදා.
– ධම්මපදය – සක්දෙව් තෙම මාඝමාණවක කාලයෙහි පුරුදු කළ අප්‍රමාද හේතුයෙන් (දෙව්ලොවැ) දෙවියනට උතුම් බවට (රජ බවට) පැමිණියේ ය. (එහෙයින්) (බුද්ධාදි පණ්ඩිතයෝ) නොපමාබව පසසත්. පමාබව වනාහි හැම කල්හි ම (බුද්ධාදීන් විසින්) ගරහන ලද්දේ ය. අප්පමාදෙන මඝවා යන මේ ධර්මදේශනාව ශාස්තෘන්වහන්සේ වේසාලිය සමීපයෙහි කූටාගාරශාලාවේ වැඩවාසය කරන සමයෙහි සක්දෙව්රජුන් අරභයා වදාළසේක. වේසාලියේ මහාලි නම් ලිච්ඡවියෙක් විය. හෙතෙම…