පිං පව් එනවා අපි පසු පස්‌සේ – 2.

මේ ලිපිය ලියන අවස්‌ථාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රජරට ප්‍රදේශයේ ආරණ්‍යයකය. භික්‍ෂුව වැඩසිටින ගල් කන්දේ ඉහළ කුටියට ගල් කන්ද පාමුල පිහිටි වැව හොඳට පෙනෙනවා. ඉඩෝර කාලය නිසා වැව හුඟක්‌ හිඳිලා. ඊයේ රාත්‍රී 8.00 පමණ මුළු කඳුවැටියම දෝංකාර දෙමින් වෙඩි හඬක්‌ ඇසුනා. මෙය මේ ප්‍රදේශයට සාමාන්‍ය සිද්ධියක්‌. පිපාසයට ජලය සොයාගෙන එන වන සතුනට දඩයක්‌කරුවන් වෙඩි තියනවා. මුළු රාත්‍රිය…

Read More

දහම සමග ගලා යන ජීවිතය.

පිංවත, මහා බ්‍රහ්ම ගුණයන් යැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙන්නේ, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ටයි. කාම ලෝකයේ ආශ්වාදයන්ගෙන් තාවකාලිකව මිදී, වේදනාවේ ආශ්වාදය හෙවත් රූපාවචර සහ අරූපාවචර ධ්‍යාන සුවය විඳින බ්‍රහ්මයින් වගේම, කාමරාග, පටිඝ ධර්මයෝ පරිපූර්ණ වශයෙන් නිරෝධය කොට පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනුශය අනිත්‍යභාවය නුවණින් දකිමින් සිටින අනාගාමී බ්‍රහ්ම තලවල බ්‍රහ්මයින්ගේ ද, බ්‍රහ්ම ගුණයන් වෙන්නේ මෙත්තා, කරුණා,…

Read More

සලායතන දැක්කොත් – ඔබ මේ විලසින.

කායානුපස්‌සනාව – සලායතන භාවනාව මීළඟට බුදුරජාණන්වහන්සේ කායානුපස්‌සනාවට අදාළව දේශනා කරන්නේ සලායතන භාවනාවයි. මේ කය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස වශයෙන් කොටස්‌ හයක්‌ කොට දකින්නය කියලා, ගව ඝාතකයෙක්‌ එළදෙනක්‌ මස්‌ කරලා මස්‌, කටු, බොකු, සම් වශයෙන් වෙන්කොට ගොඩගසා තිබෙන්නා සේ, මේ ආයතනය හය වෙන් වශයෙන් අරගෙන විදර්ශනාවට ලක්‌කරන්නය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇස නිසා…

Read More

මධ්‍යම ප්‍රතිපදාව තුළ ජීවත් වෙන්න.

පින්වත, මෙම සටහන තබන මොහොතේ භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයට අනුකම්පාවකින් තොරව ම වහිනවා. ඊයේ සවස හතරට පමණ පටන් ගත්ත වැස්ස, දැන් පාන්දර තුනයි තවමත් වහිනවා. පින්වත, භික්ෂුව වැඩ සිටින කුටිය මායිමේ තිබෙන මහා ජලාශයේ බඩකට පිරෙන්න ම වතුර පිරිලා. ගම පුරා ම කුඹුරු යායවල පුංචි පැළ ගොයම, තල, රටකජු, ගොඩ ගොවිතැන් වැසි දියෙන් හොඳටෝම හෙම්බත්…

Read More

ඇලීම් ගැටීම් ඇති ජීවිතේ සංවර බවක් නැත.

පරිසරය මළානික කළ නිදිබර අහස්කුස, මේ ළදරු රාත්‍රියේ භික්ෂුවටත් ඇය සේම නිදන්නට යැයි ඉඟි කරද්දී, භික්ෂුව ඇයට නොඅවනතව ධර්මයේ ඇසින් නිදිබර ඇය දෙස බලද්දී භික්ෂුව තුළින් සතර මහා ධාතුවේ අනිත්‍යභාවය හෙවත් ධාතුමනසිකාරය හිමිදිරි උදෑසනක් සේ අවදි වූයේ පංච නීවරණයන්ට සහ නින්දට සිත් සේ අවනත වන ඇයට සංසාරය තව කොතෙක් නම් දුර වෙයි ද යැයි භික්ෂුව…

Read More

සැදැහැ සිතින් දෙන දානයේ අනුසස්.

*කාශ්‍යප බුදුන් වහන්සේට සැදැහැ සිතින් දුන් දානයේ අනුසස්* පින් රැස් කිරීමට නිශ්චිත වේලාවක් හෝ ස්ථානයක් නොමැත. අවශ්‍යතාවය තිබේ නම් අන් කෙනෙකුගේ කුසල කර්මයකට වූවද සැදැහැ සිතින් එක් වී දිව්‍ය සැප සම්පත් ලැබූ අය පිළිබඳ තොරතුරු ඇත. ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වය ලැබීමට පෙරුම් පුරන සමයේ, වේදේහ රටේ මියුලු නුවර නිමි රජව උපන්නාහ. නිමි රජු…

Read More

මහපොළවත් කම්පා කල ප්‍රේමණීය සමුගැනීම…

මහා කස්සප මහරහත් මුනිඳුන්ගේ ගිහිකල පෙම් පුවත. ඇය භද්‍රාකාපිලානි විය. මදුරට සාගල නුවර ධනවත් දෙමාපියන් දෙදෙනෙකුගේ ආදරණීය දුවණිය විය. ඇය තරම් රුවැත්තියක් එකල සාගල නුවර නොවීය. මිණි කැට සේ බබලන දිගු නෙත් සගල තරුනයන් වශී කලේය. නීල වර්ණ දිගු කෙස් වැටිය මොණර පිල් කළඹක් ලෙසින් බැබළුනේය. දෙව්ලොවින් බට සුර කුමරියක් සේ ඇය ලස්සන විය. ඇයගේ…

Read More

ඔබ වහන්සේ ගිහි ජිවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයි ?

දැන් විශ්වවිද්‍යාලවල, පාසල්වල ළමයි අපට මුණගැහුණම අහන්නේ ‘ස්‌වාමීන්වහන්ස, පංතියෙ අනෙක්‌ ළමයින් හොඳින් පාඩම් කරනවිට වැඩියෙන් ලකුණු ගන්නවිට මට හරි ඊර්ශ්‍යාවක්‌ ඇතිවෙනවා. මේක මගේ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක්‌ වෙනවා. මේකට මොකද කරන්නේ’ කියලා. පාසල් වියේදීම තරඟකාරීත්වය නිසා දරුවන්ගේ ජීවිත සක්‌කායදිට්‌ඨියෙන් පිරෙනවා. මේ මමත්වයේ දැඩිභාවය සකස්‌ වෙන්නේ රැකියාව, විවාහය, අවසන් ඉලක්‌කය කරගෙනයි. අම්මා තාත්තාත් දරුවන්ගේ සක්‌කායදිට්‌ඨියට පොහොර දමනවා….

Read More

මේ භයංකාරත්වය බුදුවරයෙකුම හැර වෙන කව්රුන් ඔබට පහදා දෙන්න ද?

බුද්ධානුස්සතිය. වේරඤ්ජ බමුණා, බුදුරජාණන් වහන්සේව හමුවෙලා චෝදනාවක්‌ කරනවා ‘භවත් ගෞතමයන් වූ ඔබ, මහලු වූ බමුණන්ට වඳින්නේ නැහැ. පෙරගමන් කරන්නේ නැහැ. ආසන පනවන්නේ නැහැ. අසුනින් නැගිට ගරු කරන්නේ නැහැ’ ය කියලා. ඒ අවස්‌ථාවේදී බුදුරජාණන්වහන්සේ වේරඤ්ජ බමුණාට දේශනා කරනවා ‘බමුණ මම යම් පුද්ගලයකුට වඳිම්ද, නැගිට පෙරගමන් කරම්ද, අසුන් පවරම්ද එබඳු පුද්ගලයෙක්‌ දෙවියන් සහිත මරුන්, බඹුන්, මනුෂ්‍යයන් සහිත…

Read More

බුදු සිතක උපදිනා සිතිවිල්ලක්, ‌ඔබේ සිත තුළත් උපදවාගන්න.

තවත් ජනවාරි පළවැනිදාවක්‌ අත ළඟය. අප මේ අදියරේදී කතා කරමින් සිටින්නේ ‘සතර අපායෙන් මිදීම’ ගැනය. මේ නිමිති දෙක සැලකූ විට මෙම ලිපිය තවත් වරක්‌ පළ කිරීමට සිත්විය. ‘මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ’ ලිපි මාලාව කියවන්නට පසුව එක්‌වූ හෙවත් මෙම ලිපිය මගහැරුණු පාඨකයන් වෙනුවෙන්ද, මෙම ලිපිය මින් පෙර කියවා ඇති පාඨකයන්ට එම අදහස්‌ තව තවත් කාවද්දනු පිණිසද…

Read More