කාලය හරිම සූදුවක්.

වර්තමානය හරිම වේගවත්. සෑම නිමේෂයකදීම වර්තමානය අතීතයට එකතුවෙලා. වර්තමානය අතීතයට එකතුවෙන්නේ අනාගතයට සංස්කාරයන් සකස්කොට දීලයි. වර්තමානය තුලමයි අනාගතයට අවශ්‍ය සාධක සකස්වෙන්නේ. වර්තමානය ගොඩනගා දෙන අනාගතය වර්තමානය බවටම පත්වි නැවතත් අතීතයට ම එකතු වෙනවා. කාලය හරිම සූදුවක්… පිංවත් ඔබ වර්තමානය අනිත්‍ය වශයෙන් දකින්න. ඒ කියන්නේ මේ නිමේෂයේ සකස්වෙන සිත අනිත්‍ය වශයෙන් දකින්න. එසේ නොවුනොත් පිංවත් ඔබ…

Read More

සතිය සිහිය කියන්නෙ කුමක් ද? අධර්මය කියන්නේ කුමක් ද?

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා ‘ස්‌වාමීන් වහන්ස, සතිය සිහිය කියන්නේ කුමක්‌ද..?’ කියලා. පිංවත් ඔබ ආසනයක වාඩිවෙලා, බුදුගුණ භාවනාව මෙනෙහි කරමින් සිටිනවාය කියලා හිතන්න. මොහොතකින් ඔබේ සිත බාහිර අරමුණක්‌ කරා ඇදී යනවා. ඔබ ඇස්‌දෙක පියාගෙන සිටියත්, ඔබේ සිත දැන් තිබෙන්නේ වෙනත් රූපයක්‌ ඔස්‌සේ ඇදී ගිහින්. දැන් ඔබ සිටින්නේ ඇතිකොටගත් සැබෑ අරමුණ කෙරෙහි අසිහියෙන්. තමා අසිහියෙන් සිටින…

Read More

ඕපාදූප නැමති මිච්ඡා වචාවන්ගේ ආශ්වාදයට යට වීමට පෙරාතුව ආදීනවය නුවණින් දකින්න.

ඕපාදූප කතාකරනවා කියන්නේත් සංස්කාර රැස්කොට ගැනීමක්ම වෙනවා. ඒ කියන්නේ ඕපාදූපත්, සංස්කාරත්, හේතුඵල ධර්මයක්ම වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වචී සංස්කාර වශයෙන් දේශනා කොට තිබෙන්නේ විතක්ක, විචාර කියන අර්ථයන් දෙකයි. වචී සංස්කාර කියලා කියන්නේ වචනයක් ප‍්‍රකාශ කිරීමට පෙරාතුව ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කිරීමේ මූල බීජමය අවස්ථාවයි. ඵස්සය හේතුවෙන් ඇතිකොට ගන්නාවූ විතර්කය, තමන්ගේ තෘෂ්ණාවට අදාළව පෝෂණය කිරීම විචාරය වෙනවා….

Read More

අන්තිමයා වීම අගනේය.

මේ ආත්මභවයේදීම නිවන් අවබෝධ කර ගැනීමේ අධිෂ්ඨානය ජයගැනීමට විර්යයෙන් පෙරට යන “භික්‌ෂුවට” වත යනු කප්රුකකි. වත යනුවෙන් හඳුන්වන්නේ ආරණ්‍යය තෘෂ්ණාවෙන් “ආරණ්‍යය මගේ, මම ආරණ්‍යයේ” යන මමත්වයෙන් කුටි හදන කානු කපන, ගොඩනැඟිලි තනන, මල් වවන දෙවල් නොවේ. භික්‍ෂුව ප්‍රතිපත්ති ගරුක නම් එම කටයුතු ගිහි දායකයන් විසින් සපුරා දෙනු ඇත. එසේ නොවන්නේ නම් භික්‍ෂුවගේ යුතුකම ලද දෙයින්…

Read More

භික්ෂුව මල් පාවඩ මතින් ගමන් කළේ ඇයී ?

ගිහි පිංවතුන්ලාට පින විපාක දෙන විට, එම සැපයන්ගෙන් පලා යන්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ, පෙර පින නිසා ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලය ශිල්පද ආරක්‍ෂාකොටගෙන භුක්‌ති විඳින්නය කියලයි. ගිහි පිංවත් ඔබ පින ප්‍රතික්‍ෂේප කරනවා නම්, සැපය ප්‍රතික්‍ෂේප කරනවා නම් ඒ තමන් ප්‍රතික්‍ෂේප කරන්නේ ධර්මයේ අර්ථයනුයි. මේ සටහන් තබන භික්‍ෂුව පසුගිය වසර දෙකේදී…

Read More

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ, වසංගත රෝග වලින් මිදී ජීවත් වන ක්‍රමය…

ස්වාමින් වහන්ස වසංගත රෝගවලින් මිදී ජීවත් වන ක්‍රමය පිළිබඳව බුදුරජාණන් වහන්සේ බුදු දහමට අනුව පැහැදිලි කර දෙන්නේ කොහොමද ස්වාමින්වහන්ස…??? පිළිතුර – වසංගත රෝගවලින් මිදීම ගැන නෝනා, ඉතින් දැන් අර විශාලා මහනුවර මහා දුර්භික්ෂයක් ඇති වෙනවානෙ.. නේද…? ඒ දුර්භීක්ෂයක් ඇතිවෙලා මහා ව්‍යසනයක් වෙනවානේ. ඉතින් ඒ දුර්භීක්ෂය ඇතිවෙලා මහා ව්‍යසනය ආවා කියලා බුදුරජාණන් වහන්සේ වැස්සටවත්,ඉඩෝරයටවත් දොස් පවරන්න…

Read More

ලෞකික සැපයට මාර්ගයත් උතුම් ආර්‍යආෂ්ටාගික මාර්ගයමයී.

සැබෑ ක‍්‍රිස්තියානි භක්තිකයෙක්, කවදාකවත් බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් තෘෂ්ණාවෙන් ඔද්දල් වුණු විඳීමේ විවිධත්වයන් සොයාගෙන යන රස්තියාදුකාර සිතකට පුළුවන්, තමා තමාටම අවීචි මහා නිරයට ඇද දමන්නට අසත්පුරුෂ භාවයෙන් පෝෂණය වුණ රස්තියාදුකාර සිතුවිල්ලකින්, මතුවෙන මුහුණේ සිනාරැල්ල ගිනි ජාලාවකින් මතුවෙන ගිනි දැැල්ලක්මයි කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. විවිධත්වයෙන් යුත් විඳීම් සොයාගෙන ලෝකය හඹාගෙන යෑමේ නිදහස පිංවත්…

Read More

පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි සත්වයා ඇති කොටගන්නා වූ තෘෂ්ණාවේ ඵලය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘සත්වයා බැඳුණොත් බැඳෙන්නේ පංචඋපාදානස්‌කන්ධයට. සත්වයා නිදහස්‌ වුණොත් නිදහස්‌ වෙන්නේ පංචඋපාදානස්‌කන්ධයෙන්මය’ කියලා. භවයට සත්ත්වයාව බැඳ තබන පංචඋපාදානස්‌කන්ධය මාරයා හැටියටත්, භවයෙන් නිදහස්‌ වීම පංචඋපාදානස්‌කන්ධ මාරයාගෙන් නිදහස්‌ වීම කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබත්, මමත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌ කල්ප විනාශයන් දස දහස්‌ ගණනක්‌ පසුකරමින් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ අතපසු කොටගනිමින් පැමිණි…

Read More

සංස්කාරයන්ට අනුව ජිවිතය නොදැක්කොත්…?

පිංවත් ඔබ සැවොම පිංකම් කිරීම සදහා බොහෝම කැපවීමෙන් කටයුතු කරනවා. නමුත් සමාජයේ ජීවත්වන තවත් පිරිසක්‌ සිටිනවා ඒ අය පිංකම් කිරීම කෙරෙහි එතරම් වෙහෙසක්‌ ගන්නේ නැහැ. එම පිංවතුන් කල්පනා කරනවා අපි කාටවත් වැරදි කරන්නේ නැහැ. අපි පව් වැඩ කරන්නෙ නැහැ. එම නිසා අපට පිං කිරීමේ අවශ්‍යතාවයක්‌ නැහැ කියලා. එහෙම කියන ගමන් ඒ අය ප්‍රකාශ කරනවා පව්…

Read More

තිලෝක විජය චක්‍රවර්ති රජතුමා ගේ මනෝමය දානය.

පින් පව් වනුයේ ඒ ඒ ක්‍රියා සිදු කරන්නා වූ සිත් ය. යම් කිසි දාන වස්තුවක් ප්‍රතිග්‍රාහකයකුට දෙන්නා වූ සිත හෙවත් දීමේ දී පහළ වන්නා වූ සිත බඳු වූ සිතක්, දාන වස්තුවක් හා ප්‍රතිග්‍රාහකයකු නො මැතිව යමකුට තමාගේ සන්තානයෙහි ඇති කර ගත හැකි නම්, ඒ සිත ද සත්‍ය වශයෙන් දීම සිදු කරන්නා වූ සිත සේ ම…

Read More