තිසරණයෙන් ඇති පිහිට.

අපගේ මා පිය නෑ මිතුරෝ දුකක් පැමිණි කල්හි ඉන් අප මුදා ගැනීම සඳහා ක්‍රියා කරති. එසේ ම අපට නො ලැබූ සැප සම්පත් බා දීමට ද ක්‍රියා කරති. අපට රෝගාදි දුකක් පැමිණි කල්හි අප සුවපත් කරනු පිණිස තථාගතයන් වහන්සේ නො පැමිණෙති. අපට අන් උපකාරයක් කිරීමට ද උන් වහන්සේ නො පැමිණෙති. ධර්ම, සංඝ යන රත්න දෙක ද…

Read More

සංස්කාරයෝ අනිත්‍යයි, කටුකයි, බියකරුයී, රුදුරුයී.

අතීත සංස්‌කාරයන් විපාකදී අවසන්වන වර්තමානයේදී, පිංවත් ඔබ අනාගතයට, අනිත්‍යවූ සංස්‌කාරයන් රැස්‌කොටගන්නවා. අතීත සංස්‌කාරයන් වර්තමානයේද විපාක දෙනකොට, අනාගතයට සංස්‌කාරයන් එකතුකොට ගන්නවා. රූපය කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන්, හඳුනාගැනීම්, හොඳින් උපකාර කරනවා, අනාගත ලෝකය තීන්දුකරන සංස්‌කාරයන් රැස්‌කොටදෙන්නට. වර්තමානයේ ඔබේ ඇසට, කනට, නාසයට ඵස්‌සය වන සෑම රූපයක්‌ම අතීත සංස්‌කාරක ඵලයක්‌මයි. සුගතිය, දුගතිය, මහේශාක්‍යභාවය, අල්පේශාක්‍යභාවය, උගත්භාවය, නූගත්භාවය, ආයුෂ, වර්ණය, සැපය,…

Read More

සිංහල අලුත් අවුරුදු නොනගතය, ධර්මානුකූලව….

සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය සියලු වැඩ අතහැර නොනගතයෙනුයි පටන් ගන්නේ. සියලුම කාර්යයන්ගෙන් මිදී තෙරුවන්ගේ ආශිර්වාදය ලබා, බෝධි පූජා, බෝධි වන්දනා, පිරිත් සජ්ඡායනා, බණ භාවනා තුළින් අලුත් අවුරුද්දේ උදාවට සැරසෙන්න පිංවත් ඔබට මාර්ගය කියලා දෙන්නේ පින වැඩෙන, කුසලය වැඩෙන, දුක තුනීවන මාර්ගය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ඔබව ශක්‌තිමත්කොට, නව අවුරුදු උදාවට යොමුකිරීමටමය. ‘නොනගතය’ කියන අර්ථය…

Read More

සද්ධර්මයේ භාග්‍යය උරුමකර ගැනීම.

පිංවත, අපවත් වී වදාළ මාගේ උපාධ්‍යායන් වහන්සේ වන අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ වන ගෞරවනීය දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානමය පින් පරලොව ජීවිතයේ සැපය පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධය පිණිසම හේතු වේවා යැයි අපි සියළු දෙනාම මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. පිංවත, අපේ පිංවතුන්ලා පිංකම් කරන්න, දන් පූජා කරන්න…

Read More

අප්‍රේල් 1 වන දා මාරයා ඔබව මෝඩයා කරන දිනයක් නොවන්න..

ඔබ බොරුවක් කියා යම් කිසිවකු රවටා ඔහු හෝ ඇය මෝඩයා වූ බව සිතුවත් සැබෑම මෝඩකම සිදු කරගෙන ඇත්තේ මුසාවාද ශික්ශා පදය බිඳගත් ඔබමය. අනුන් මුලාකරවන අදහසින් ඇති දෙය නැත යයිද, නැති දෙය ඇත යයිද, වූ දෙය නොවූයේය යිද, නොවූ දෙව වූයේය යිද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මුසාවාදය නම් වේ. මුසාවාද…

Read More

කීකරුභාවය නිසා ම පිනෙන් පිරෙන ජීවිත.

පින්වත් මහත්මයෙක් අද උදෑසන පිණ්ඩපාත මඩුවේ දී භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට නිතරම අනතුරු සිද්ධ වෙනවා. එම නිසා තමන්ට ආශීර්වාද කරන්නය කියලා. එම මහත්මයාට තිබුණේ සිනහවක් නැති පරාජිත මුහුණක්. පින්වත, ඔබත් නිරතුරුව ම අනතුරුවලට ලක් වෙන පින්වතෙක් ද? පින්වත, කරුණාකර ඔය කතාව වෙන කාටවත් ම කියන්න නම් එපා. සත්‍යකින් ම එය ඔබට ලජ්ජා විය යුතු…

Read More

අපි හැමෝම පටිච්චසමුප්පන්න ලේ ඥාතීන්.

පිංවත, ඔබ මේ ජීවිතයේ දී උපත ලැබුවේ ගමේ තිබෙන ග්‍රාමීය රෝහලක ද එසේත් නැතිනම් නගරයේ තිබෙන රජයේ රෝහලක ද? පිංවත, ඔබ කැමති ද ඔබේ ඊළඟ පටිච්චසමුප්පන්න මනුෂ්‍ය ජීවිතය ප්‍රකෝටිපති මවුපිය දෙපළකට දාව කොළඹ නගරයේ ප්‍රධාන පෞද්ගලික රෝහලක උපදින්න. පිංවත, මාතෘභූමිය තුළ ක්‍රියාත්මක වෙන දුශ්ශීල දේශපාලනයෙන් යහපත් හෙටක් බලාපොරොත්තු වෙන්න එපා. දිනෙන් දින ඔඩුදුවන ආර්ථික අගහිඟකම්…

Read More

බිඳුණ සිල්පදය විනිවිද දකින්න.

පිංවත් ගිහි පින්වතුන්ලා තේරුම් ගත යුතුයි. අතීතයේ සිදුවූ යම් සිල්පදයන්ගේ දුර්වලතාවයන් වෙතොත්, අනිත්‍ය සංඥව තුළින් එම බිඳුණ සිල්පදය විනිවිද දකින්න. එවිට ඔබ බිඳුණු සිල්පදය උපයෝගී කොටගෙන සංසාර බිය අවම කරගත් දක්‍ෂයෙක්‌ වෙනවා. ඉකුත් සටහනේ සඳහන් කළා උපසම්පදා භික්‍ෂුවකට ගසක කොළයක්‌ කැඩීම වරදක්‌ය කියලා. මෙතැනදී ගසක කොළයක්‌ කැඩීම වරදක්‌ය කියලා පනවන්නේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේලාට පමණයි. ගිහි…

Read More

ඔබේ රූපය තුළින් අට්ඨික සංඥාව දකින්න.

ගෞරවනීය පිංවත, ඔබ බුදු දහම දැකලා තිබෙනවා ද? බුදු දහම යම් තැනකද එතැන ආර්ය අෂ්ටාංගික මාර්ගය, සප්ත බොජ්ඣඬ්ඟයෝ, සතර සතිපට්ඨාන ධර්මයෝ, ඉන්ද්‍රීය ධර්ම, බල ධර්ම, සතර සම්‍යක්ප්‍රධාන, සතර ඍද්ධිපාද මේ සියල්ලෝම තිබෙනවා. මේ සියලු ලෞකික සහ විදර්ශනාත්මක ධර්මයෝ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය නමැති එකම අම්මාගේ පුණ්‍යවන්ත දරුවෝ. පිංවත් ඔබ නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතුකොට…

Read More

බිය දැනුණු තැන සිහි කරනු මේ බුදු වදන්.

දැන් වේලාව රාත්‍රි අටට විතර ඇති. කුටිය ඉදිරිපිට ලෑලි බංකුවේ වාඩි වෙලා පරිසරය දෙස බලද්දී පොසොන් සඳඑළියෙන් පරිසරය හොඳටෝ ම ආලෝකවත් වෙලා. කුටිය ඉදිරිපිට වැලිමළුව මතට පතිත වී ඇති කොළ සහ අතු වල සෙවණැලි සුළෙඟ් රිද්මයට බොහෝම විරාගී නර්තනයක් ඉදිරිපත් කරනවා වගේ. ස්වාභාවික සතර මහා ධාතුවේ කිපීම් නිසා ප්‍රචණ්ඩ වන පරිසරය තවත් වරෙක පුංචි දරුවෙක්…

Read More