පින, පිනෙන් ම පිළිගන්න.

පිංවත අපේ ජීවිතවල තෘෂ්ණාව වැඩිවෙනකොට ඇලීම් සහ ගැටීම් ගොඩාක් කාර්යබහුල වෙනවා. එවිට විවේකයකින් තොර සිතුවිලි, අවිවේකීව අපිව වෙහෙසට පත්කරනවා. මේ අවිවේකී සිතුවිලි නිර්ලෝභීව අපිට තෑගිකොට දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයෝමයි. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ සංස්කාර ලෝකය හරිම අවිනිශ්චිතයි. පිංවත සංස්කාර ලෝකය අවිනිශ්චිත වුණේ අතීතයේ අපි ම ඇතිකොටගත් අකුසල් සිතුවිලි නිසා බව අපි සිහිනුවණින්…

Read More

වරදකරුවා නිවැරදි වීමට මාර්ගය කියන දහම.

පින්වත සමාජය තුළ කර්මය කර්මඵල විශ්වාසය දුර්වල වෙන කොට, මුසාවාද, පිසුණු වචන, පරුෂ වචන, සම්පප්‍රලාපයෝ කියන මිච්ඡා වාචාවන්ට ලොකු වටිනාකමක් ලැබෙනවා. පින්වත මැතිවරණ කාලයට බොරු කීමේ තරග අපිට දකින්නට ලැබෙනවා. සමහරක් පින්වතුන් දන්නවා බොරුව නැවත නැවත සමාජගත කිරීමෙන් බොරුව ඇත්තක්ම වෙලා යනවා ය කියලා. පින්වත මිච්ඡා සරණක් සොයන සමාජය ඉදිරියේ බොරුව ඇත්තක් කළත්, අවසානයේ සමස්ත…

Read More

කීකරුභාවය නිසා ම පිනෙන් පිරෙන ජීවිත.

පින්වත් මහත්මයෙක් අද උදෑසන පිණ්ඩපාත මඩුවේ දී භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට නිතරම අනතුරු සිද්ධ වෙනවා. එම නිසා තමන්ට ආශීර්වාද කරන්නය කියලා. එම මහත්මයාට තිබුණේ සිනහවක් නැති පරාජිත මුහුණක්. පින්වත, ඔබත් නිරතුරුව ම අනතුරුවලට ලක් වෙන පින්වතෙක් ද? පින්වත, කරුණාකර ඔය කතාව වෙන කාටවත් ම කියන්න නම් එපා. සත්‍යකින් ම එය ඔබට ලජ්ජා විය යුතු…

Read More

සංකීර්ණ වූ ලෝකයට ඉඩ දෙන්න ලෝකයේ ස්වභාවයෙන්ම පවතින්න.

පිංවත සත්‍යකින්ම ඔබ කැමතියි නේද, අපි ජීවත්වෙන සමාජය, අපි ජීවත්වෙන රට, අපි ජීවත්වෙන ලෝකය මනුෂ්‍ය ධර්මයන් රජ කරන, අවංක, සත්‍යවාදී, සමානාත්මතාවයට ගරුකරන සමාජයක්, රටක්, ලෝකයක් වෙනවා දකින්නට. පිංවත එම සත්පුරුෂ සිතුවිල්ල කවදාකවත් යථාර්ථයක් වෙන්නේ නැහැ. ඒ ඇයි කියලා සිතලා ඔබ වෙහෙසට පත්වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කර්මය විපාකදෙන හැටි සිතන්න එපාය කියලා. කර්මය විපාකදෙන…

Read More

තෘෂ්ණාවේ ළැව් ගිනි සමඟ අසිහියෙන් සෙල්ලම් කරන්න එපා.

පින්වත, ලෝකය යැයි ධර්මයේ සඳහන් වෙන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයට. පින්වත, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ කැඩිලා, බිඳිලා, විසිරිලා යන අපූරුව සමාජය තුළින් ඔබ දකිනවා නේද? පින්වත, මෙම සටහන ලියන මොහොතේ භික්ෂුව සිහිනුවණින් දකිනවා, අනාගතයේ යම් දිනක භික්ෂුවගේ රූපයත් කැඩිලා, බිඳිලා, විසිරිලා කොහේ හෝ සුසාන භූමියක බාහිර සතර මහා ධාතුවට මුහුවෙලා යන අපූරුව. පින්වත, ලෝකය…

Read More

නිහතමානි වෙමු.

මම උගත් , මම රූමත් , මම බලවත් , මම ජනප්‍රියයි …. මේ ලෝක සත්වයා තුළ පවතින කෙලෙස් සිතුවිලි ය. සාමාන්‍ය ලෝක සත්වයා නොනවතින ගමනක් පසුපස දුවන්නේ ද ඉහත කී එක් දෙයක් හෝ තමා සතු කරගැනීමට ය.. ධර්මය තුළට ආ කෙනා එය දකින්නේ මිරිගුවක් ලෙසිනි ! ඈතට යමක් පේනවා යැයි දිස්වෙනව එහෙත් ලගට ගිය පසු…

Read More

අත්වැල් බැඳගෙන පිහිනිය නොහැක.

සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස්‌ වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක්‌ ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක්‌ නොව, රාහුලයන්ද අතහැර දමාය….

Read More

සතර අපා දුකට එරෙහිව හදවතින් පිකටිං කරන්න.

පිංවත, අපි ඉපදුන මවුබිමට අපි හැමෝම ආදරය කරන්න ඕනේ. අපි හැමෝම උපන් මවුබිමට ගරු කරන්න ඕනේ. අපි ඇයව මවු සෙනෙහසින් පෝෂණය කරන්න ඕනේ. යම් පිංවතෙකුගේ උපන් බිම කියන්නේ අහම්බයක් නොවේ, හේතුඵල ධර්මයක්. සිදුහත් කුමාරයා දඹදිව කිඹුල්වත් නුවර උපදින්නේ හේතුඵල ධර්මයන් නිසාමයි. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා, කිඹුල්වත් නුවර දෙසින් හමාගෙන එන සුළඟත් සුවදායකයි කියලා. පිංවත,…

Read More

සංස්කාරයෝ අනිත්‍යයි, කටුකයි, බියකරුයී, රුදුරුයී.

අතීත සංස්‌කාරයන් විපාකදී අවසන්වන වර්තමානයේදී, පිංවත් ඔබ අනාගතයට, අනිත්‍යවූ සංස්‌කාරයන් රැස්‌කොටගන්නවා. අතීත සංස්‌කාරයන් වර්තමානයේද විපාක දෙනකොට, අනාගතයට සංස්‌කාරයන් එකතුකොට ගන්නවා. රූපය කෙරෙහි ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන්, හඳුනාගැනීම්, හොඳින් උපකාර කරනවා, අනාගත ලෝකය තීන්දුකරන සංස්‌කාරයන් රැස්‌කොටදෙන්නට. වර්තමානයේ ඔබේ ඇසට, කනට, නාසයට ඵස්‌සය වන සෑම රූපයක්‌ම අතීත සංස්‌කාරක ඵලයක්‌මයි. සුගතිය, දුගතිය, මහේශාක්‍යභාවය, අල්පේශාක්‍යභාවය, උගත්භාවය, නූගත්භාවය, ආයුෂ, වර්ණය, සැපය,…

Read More

සියළු සංස්කාරයෝ අනිත්‍යය, අප්‍රමාදී වෙන්න.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පෙරාතුව, භික්ෂූන් වහන්සේලා අමතා ප්‍රකාශ කරනවා, “මහණෙනි, පින්වත් ඔබලාට ධර්ම මාර්ගය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතොත්, එම ගැටළු බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින අවසාන මොහොතේදී, අසා දැන ගන්නය කියලා. නමුත් ස්වාමීන්වහන්සේලා නිහඬව සිටිය මිසක් කිසිදු ප්‍රශ්නයක් බුදුරජාණන්වහන්සේගෙන් විමසුවේ නැහැ. එවිට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා භග්‍යවතුන්වහන්සේ වෙහෙසට පත්වෙනවාය කියලා. ඔබට, ඇති ප්‍රශ්න නොවිමසා සිටින්න…

Read More