මම උගත් , මම රූමත් , මම බලවත් , මම ජනප්‍රියයි ….
මේ ලෝක සත්වයා තුළ පවතින කෙලෙස් සිතුවිලි ය. සාමාන්‍ය ලෝක සත්වයා නොනවතින ගමනක් පසුපස දුවන්නේ ද ඉහත කී එක් දෙයක් හෝ තමා සතු කරගැනීමට ය..
ධර්මය තුළට ආ කෙනා එය දකින්නේ මිරිගුවක් ලෙසිනි ! ඈතට යමක් පේනවා යැයි දිස්වෙනව එහෙත් ලගට ගිය පසු කිසිත් නෑ. මේ ආකාරයෙන්ම මාන්නය ද මුලාවකි!
කුමක් කෙරෙහි මාන්නය වඩවා ගමුද?
රූමත් යැයි සිතන කෙනා උපාදාන කරන්නේ කුමක්දැයි ? විදර්ශනා ඇසින් බැලූ විට රූපය යනු දෙතිස් කුණප යෝය … කෙස් ලොම් නිය දත් සම ඇට මස් ලේ නහර මේවායෙහි මොන සාරයක්ද!!! නව දොරකින් ම වැගිරෙන්නේ මහා දුර්ගන්ධය සහිත අපවිත්‍ර දෑය! මූත්‍රා අසූචි සෙම් සොටු කුනු කෙල කබ කදුලු … මේවා දවසක් ම සෝදා පිරිසිදු නොකලහොත් කිසිවෙකුට ලං වන්නටවත් නොසිතෙනු ඇත ! අතින් තබා පයින් වත් පෑගීමට සුදුසු නැති කුනප කොටස් පිලිකුල් ය ! මේවා හොදයි කියා මෙනෙහි කලත් අසුභ යි කියා මෙනෙහි කලත් සත්‍යය ලෙසම සිදුවන්නේ සිතුවිල්ල ක් ඇතිවී නැතිවී යාම පමණි !
ඇති වූ විගස නැත්තටම නැතිවී යන කිසිදු දෙයක් ඉතුරු නොවන සිතුවිල්ල ක කුමක්දැයි ඇති වටිනාකම? මා උගත් කියා සිතුවත් බලවත් කියා සිතුවත් වැදගත් කියා සිතුවත් මේවා සියල්ල සිතුවිලි පමණි !!!!
කුමක්දැයි ඇති හරය ….
මේවා ගොඩගසාගෙන රැස් කරගෙන සිටීම මහා බරක් !
එය තේරුම් යන්නේ ධර්මාවබෝධය තුලින් ම පමණි ..
මේ බර හිසින් බිම තැබූ විට සිතට දැනෙන්නේ මහත් සැහැල්ලුවකි!
එවැනි කෙනා තමන් නිහතමානී යැයි බාහිර ලෝක සත්වයා කියනු ඇසීම පවා රුචි නොවේ !!! එය ධර්මයේ ඇති ආශ්චර්යජනක බවකි ….
ධර්මය තුලින් සිත පුහුණු කරන්නේ අත් හැරීමමය …
සත්‍යය සත්‍යය ලෙසම වටහාගෙන අත් හැරීම …. එය නිවන් මගයි !
අල්වාගත් සියල්ල බිම දැමූ පසු දැනෙන ඒ ශාන්ත නිවීම එන්න ඇවිත් බලන්න !