Article
ධනයෙන්, බලයෙන්, අවියෙන් අවිද්‍යාව තව තවත් බලවත් වෙනවා.
පිංවත ලෝකයේ මහා බලවතා වෙන්නේ ඇමෙරිකාව හෝ වෙනත් රාජ්‍යයක් නොවේ. ලෝකයේ මහ බලවතා වෙන්නේ අවිද්‍යාවයි. පංච නීවරණයන්ගේ ධනයෙන් බලවත්වෙන අවිද්‍යාව පෙර පිනට අදාළව සංස්කාර හේතුවෙන්ම සකස්කොට ගන්නා ඇලීම් සහ ගැටීම් මුල්කොටගෙන ධනයෙන්, බලයෙන්, අවියෙන් අවිද්‍යාව තව තවත් බලවත් වෙනවා. පිංවත ලෝකයේ බලවත් යැයි සම්මත රාජ්‍යයන්ගෙන් උපදෙස් හා ගුරුහරුකම් ගන්නවා යැයි කියන්නේ, අවිද්‍යාවෙන් උපදෙස් ගන්නවාය කියන…
ජීවිතය හරි මඟට.
පිංවත ලස්සන රෝස මලක් පිපී තිබෙන රෝස මල් ගසක් දැක, පිංවත් ඔබට සිතෙන්නේ නැති ද අනේ මටත් මේ වගේ නිදහසේ පිපී විකසිත වෙන රෝස මලක් වෙන්න ඇත්නම් කියලා. හැමෝම දැක සතුටුවෙන රෝස මලක් වෙන්න ඇත්නම් කියලා. පිංවත ඔබටත්, මටත් කවදාකවත් රෝස මලක් වෙලා පිපෙන්නට බැහැ. රෝස මලක් කියන්නේ බීජ නියාමයන්ගෙන් උපන් හුදු සතර මහා ධාතුවක්…
මනෝ සංස්කාරයෝ අයිති අනිත්‍ය වූ ධම්මානුපස්සනාවටයි.
පින්වත සුන්දර වස්සානය අවසන් කරලා උදාවුණ චීවර මාසය ගෙවී යන්න තවත් සතියක කාලයයි ඉතිරි වෙලා තිබෙන්නේ. වසරේ පිනෙන් පිරුණ මාසයයි චීවර මාසය යැයි කියන්නේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගරුත්වයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, ප්‍රණීතභාවයෙන්, සියතින් සකසා මහා සංඝ රත්නය උදෙසා පූජා කොටගන්නා කඨින චීවරයක් තුළින් චේතනාන්විතව ඔබ අයිතිකොට ගන්නා, පවේ අභියෝගයන් හමුවේ නොකැඩෙන පින, පින් කැමති සියළු…
සතිපට්ඨානය හඳුනා ගන්න.
සතිපට්ඨානය කියලා කියන්නේ මේ ලෝකයේ කිසි ම තැනකට, කිසි ම කෙනකුට අයිති නැති, එහි වාසය කරන කෙනා ලෝකයෙන් අයින් කරලා නිවන පිණිස ම අරගෙන යන තව එක පොළොවක්. කාම භූමිය ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආධ්‍යාත්මික ආයතන හයයි, රූප, ශබ්ද ගන්ධ, රස, ඵොට්ඨබ්බ, ධම්ම කියන බාහිර ආයතන හයයි කියන දොළොස් ආයතන තුළ හැසිරෙනකමට…
ලෝකය සංස්කාරයන්ගේ විවිධත්වයයි.
පින්වත ඉපදීම නිසයි දුක සකස් වෙන්නේ. අපි අතීතයේ ඉපදීම නිරෝධය කළා නම් අපි ලෝකයෙන් නිවී ගිහිල්ලා. ඉපදීම නිසාම ජරා, ව්‍යාධි, මරණ දුක තිබෙනවා. අපේ දුකට අපි අනුනට බැණලා වැඩක් නැහැ. තමන්ගේ දුකට අනුනට තොරතෝංචියක් නැතුව බණින මනුෂ්‍යයෝ මොනතරම් නම් සිටිනවා ද? පින්වත අවිද්‍යාවෙන් උපදින සංස්කාර ලෝකය දුක සහ සැප යන දෙකටම අයිතියි. සමාජය දක්ෂ වියයුතුයි…
දිනුම සහ පැරදුම, බිදෙන විසිරෙන අනිත්‍ය වු සංස්කාරයක්.
පින්වත, භික්ෂුව වැඩසිටින ප්‍රදේශයට වැස්සේ ඉවරයක් නම් නැහැ. දිගටම කඩින් කඩ වහිනවා. පසුගිය කාලයේ නියඟයට බැන්න පින්වත් මනුෂ්‍යයෝ වර්තමානයේ වැස්සට බනිනවා. පින්වත මේ ලෝකයේ බැනුම් නාහන ධර්මතාවයක් නැහැය කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. පින්වත මේ ලෝක ධාතුවේ උත්තරීතරම අර්ථය වන උතුම් බුදුරජාණන් වහන්සේ සහ උතුම් ධර්ම රත්නයත් අසත්පුරුෂ ලෝකයාගෙන් බැනුම් අහනවා. පින්වත ලෝකය යැයි බුදුරජාණන්…
හේතුඵල ධර්මය පුද්ගල සංඥාවෙන් දැකීම.
පින්වත, පුරා තුන් මාසයක් මහා සංඝරත්නය සිතෙන්, කයෙන් සහ වචනයෙන් එක්තැන් වී සිටි තවත් වස්සානයක අවසාන හෝරා කිහිපයයි මේ ගත වෙන්නේ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් විදර්ශනාවේ රස සහ ගුණ තැවරුණ පුණ්‍ය මංගල්‍යයක ගෙවී යන විසිතුරු මතකයන් අනිත්‍ය වූ අතීත පංච උපාදානස්කන්ධයන් යැයි දකිද්දි, තවමත් නොනිමි වස්සානය තුළ නිමි අතීතය ධම්මානුපස්සනාවටම නිකෙලෙස් ආහාරයක් වෙනවා. පින්වත…
සුන්දර හේතුඵල ධර්මය.
පින්වත, සමාජ අසාධාරණය ඉදිරියේ ඔබ නිහඬ වුණොත්, ඔබේ නිදහසට විලංගු වැටෙනවා. පින්වත සමාජ අසාධාරණය ඉදිරියේ ඔබ ආවේගශීලී වුණොත් ඔබ තුළ වැඩෙන දශ අකුසල් නිසාම, ඔබගේ කුසල් යටපත් වී තිබෙන නිදහසත් අහිමිකොට ගන්නවා. පින්වත ආවේගශීලීභාවයමයි නැවතත් ඔබේ නිදහසට විලංගු වැටෙන නිහඬතාවයකට අත්පැන් වත් කරන්නේ. පින්වත අවිද්‍යාවේ ජවයෙන් ලෝකය, ලෝකයට සුපුරුදු ගමනක් යන්නේ. පින්වත ලෝකය වෙනස් කරන්න…
ධර්මයට උකටලී සිත.
පින්වත, ලෝකය තිබෙන්නේ නිවැරදි කරන්න නොවේ. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වෙලත් නිවැරදි නොවූ ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා වසර පන්සියයක් ඉක්ම යද්දී, දඹදිවින් බුදු දහම පවා අතුරුදහන් වෙලා යනවා. පින්වත අවිද්‍යාවෙන් උපන් තෘෂ්ණාවෙන් දුවන ලෝකය නිවැරදි කරන්න යන්න එපා. නිවැරදි නොවන ලෝකය උපයෝගී කොටගෙන ඔබ නිවැරදි වෙන්න. ලෝකයට ලෝකයේ ස්වභාවයෙන් තිබෙන්නට…
නොනිමෙන ගමනක්.
පින්වත අද උදෑසන වයෝවෘද්ධ අම්මා කෙනෙක් තම මැදිවියේ දියණියක් සමග පිණ්ඩපාත මඩුවට දානය බෙදන්න පැමිණියා. වයෝවෘද්ධ අම්මා පිණ්ඩපාතයට බෙදුවේ බත් හැන්දක්. දියණිය බෙදුවේ ව්‍යංජනයක්. එය ප්‍රණීතභාවයට අයිතිවෙන ව්‍යංජනයක්. ඒ අම්මා බත් හැන්ද බෙදුවේ හරිම සතුටකින්. ඒ වයෝවෘද්ධ අම්මා දැනගෙන සිටියේ නැහැ, බත් හැන්දේත් ප්‍රණීත දානයේත් වෙනස. හැබැයි තම දියණිය ඒ වෙනස ගැන දැනගෙන සිටියාය කියලා…