Article
කඨින චීවර පූජාව මහත්ඵල මහානිසංස වන්නේ ඇයි ස්වාමීන් වහන්ස?
මෙහෙමයි දරුවෝ. කඨින පින්කමක් කියන්නේ, වස් සමාදන් වීමක් කියන්නේ අමතර වූ ශික්ෂාවක් සමාදන් වීමක්නේ. සාමාන්‍ය භික්ෂුවක් නෙමෙයි එදාට ඉන්නෙ. එතකොට අපි අමතර වූ ශික්ෂාවක් සමාදන් වෙනව වස් තුන් මාසය තුළ. ඒ තුන් මාසය තුළ අපිට සතියකට වඩා කුටියෙන් පිටව යන්නත් බැහැ. දැන් අපට ඕනෙ නම් අද කුටියෙන් යනවා කියලා කුටියෙන් පිටව ගිහින් මාසයක් විතර ඉදලා…
ඔබේ ඇලීම ගැටීමටත් මිලක් දෙන සමාජයක, ඔබ වෙනුවෙන් ඉස් මස් පවා කැපකළ සරණක්.!
සැබෑ ක්‍රිස්තියානි භක්තිකයෙක්, කවදාකවත් බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් තෘෂ්ණාවෙන් ඔද්දල් වුණු විඳීමේ විවිධත්වයන් සොයා ගෙන යන රස්තියාදුකාර සිතකට පුළුවන් තමා තමාට ම අවීචි මහා නිරයට ඇද දමන්නට. අසත්පුරුෂ භාවයෙන් පෝෂණය වුණ රස්තියාදුකාර සිතුවිල්ලකින්, මතුවෙන මුහුණේ සිනාරැල්ල ගිනි ජාලාවකින් මතු වෙන ගිනි දැල්ලක් මයි කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. විවිධත්වයෙන් යුත් විඳීම් සොයා ගෙන…
උතුම් ධර්ම මාර්ගය…
ධර්ම මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් බෝධිසත්වවරයෙක් දස පාරමී ධර්ම පූර්ණ කරලා, උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ, මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකයාට මතුකොට දෙන්න. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදනවා. සීලයට අදාළව බුදුරජාණන්වහන්හසේ දේශනා කරනවා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කාරණා තුන….
ඇලීම් ගැටීම් ඇති ජීවිතේ සංවර බවක් නැත.
පරිසරය මළානික කළ නිදිබර අහස්කුස, මේ ළදරු රාත්‍රියේ භික්ෂුවටත් ඇය සේම නිදන්නට යැයි ඉඟි කරද්දී, භික්ෂුව ඇයට නොඅවනතව ධර්මයේ ඇසින් නිදිබර ඇය දෙස බලද්දී භික්ෂුව තුළින් සතර මහා ධාතුවේ අනිත්‍යභාවය හෙවත් ධාතුමනසිකාරය හිමිදිරි උදෑසනක් සේ අවදි වූයේ පංච නීවරණයන්ට සහ නින්දට සිත් සේ අවනත වන ඇයට සංසාරය තව කොතෙක් නම් දුර වෙයි ද යැයි භික්ෂුව…
අවිද්‍යාව අමනාප කරගන්නට ඇති අකමැත්ත.
පිංවත, බලාපොරොත්තු කඩවීම් දෝරෙගලා යද්දී, අපේ ජීවිත ඇලීම් සහ ගැටීම් අතර සිරවෙලා. මොකක්ද මේ ලෝකයට සිද්ධවෙන්නේ. මේ සිදුවන සිදුවීම් අරුමයක්ද, පුදුමයක්ද, එසේත් නැතිනම් ලෝකයේ සැබෑම අර්ථයද. පිංවත් ඔබගේ සිතට විවේකයක් අවශ්‍යයි, ඉහත ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් ලබාගන්නට. අපි අපේ මස් ඇසින් දකින ලෝකයට වඩා, අපි සද්ධර්මයේ ඇසෙන් දකින ලෝකය, අහසයි පොළවයි වගේ වෙනසක් තිබෙනවා. භික්ෂුව ලෝකය…
අපායෙන් ගැලවී විත් මහණ දම් පිරූ තරුණයෙක්.
මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි. අතීතයේ පංචේන්ද්‍රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ. එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ….
අතීත විඤ්ඤාණය, වර්තමාන විඤ්ඤාණය අනිත්‍යවී ගියා නම්, අනාගත විඤ්ඤාණය අනිත්‍යයි.
අතීතයේ ඔබ පටිච්චසමුප්පන්නව සක්විති රජවෙලා සිටියදී රාජ භෝජන නිසා, රාජ්‍ය සම්පත්, රාජ්‍ය බලය නිසා, දිව්‍යාංගනාවන්, ස්ත්‍රී රත්නය නිසා ලෝකයම දිග්විජය කරන පුතුන් දහසක් නිසා, සෘද්ධියෙන් යන අජානේය අශ්වයා නිසා, මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොටගන්න ඇතිද? සශ්‍රීක දිව්‍යතලවල ඉපදෙන වෙලාවේ, සශ්‍රීක දිව්‍ය සැප නිසා, දිව්‍ය භෝජන, දිව්‍ය අප්සරාවන්, දිව්‍ය විමාන නිසා මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොට…
අටවන තථාගතබලය.
(අතීත ජාති දන්නා නුවණ) “පුන ච පරං සාරිපුත්ත, තථාගතො අනෙක විහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං? එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්’පි ජාතියෝ තිංසම්’පි ජාතියෝ චත්තාර්සම්’පි ජාතියෝ පඤ්ඤාසම්’පි ජාතියෝ ජාතිසතම්’පි ජාති සහස්සම්’පි ජාතිසතසහස්සම්’පි අනෙකෙ’පි සංවට්ටකප්පෙ අනෙකෙ’පි විවට්ටකප්පෙ අනෙකෙ’පි සංවට්ටවිවට්ටකප්පේ අමුත්රාසිං එවං නාමො එවං ගොත්තො එවං වණ්ණො එව’ මාහාරො එවං සුඛදුක්ඛපටිසංවේදී…
අකුසල් සංස්කාරයෝ හෘද සාක්ෂියටත් අකීකරුය.
පිංවත් ඔබ, මම ඔයාට ආදරෙයි කියලා, කාටහරි කියලා තිබෙනවා ද? ආදරය කියන වචනය බොහෝම ලෙන්ගතු වචනයක් වුණත්, ආදරය කියන අර්ථය තුළ, මුළු ලෝකයම තිබෙනවා. මුළු ලෝකයම කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන ධර්මතාවයන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ, කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි කියලා. පිංවත් ඔබ කැඩෙන, බිඳෙන, විසිරෙන දේවල් හොඳ සිහි නුවණින්…
අකුසල පිරි ගෙවී යන වසරට සමුදෙමු.!
අනාගත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි, ඇතෙක් බරට බලාපොරොත්තු පොදි බැඳගෙන, අද හෙටම තවත් අලූත් අවුරුද්දක් උදාවෙනවා. දෙසැම්බර් 31 වැනිදා රාත්‍රී පුපුරා යෑමට නියමිත රතිඤ්ඤා හඬේ දෝංකාරය, අපේ අනාගත බලාපොරොත්තුවල තරම, නොසඟවා ප්‍රකාශ කරාවි. සත්‍යකින්ම උදාවෙන අලූත් අවුරුද්දේ අපි අලූත් බලාපොරොත්තු ඇති කොටගත යුතුයි. ලබන්නා වූ අලූත් අවුරුද්දේ අපිට පුළුවන් නම්, තවදුරටත් දිය…