Article
වරදකරුවා නිවැරදි වීමට මාර්ගය කියන දහම.
පින්වත සමාජය තුළ කර්මය කර්මඵල විශ්වාසය දුර්වල වෙන කොට, මුසාවාද, පිසුණු වචන, පරුෂ වචන, සම්පප්‍රලාපයෝ කියන මිච්ඡා වාචාවන්ට ලොකු වටිනාකමක් ලැබෙනවා. පින්වත මැතිවරණ කාලයට බොරු කීමේ තරග අපිට දකින්නට ලැබෙනවා. සමහරක් පින්වතුන් දන්නවා බොරුව නැවත නැවත සමාජගත කිරීමෙන් බොරුව ඇත්තක්ම වෙලා යනවා ය කියලා. පින්වත මිච්ඡා සරණක් සොයන සමාජය ඉදිරියේ බොරුව ඇත්තක් කළත්, අවසානයේ සමස්ත…
පිණ්ඩපාත දානය පූජා කිරීමේ පුණ්‍ය විපාක.
“ඒක පිණ්ඩපාත දායිකා” තෙරණින් වහන්සේ එක් භවයකදී පිණ්ඩපාත දානයක් පූජා කර තිබුණි. අතීත භවයන් වලදී බුදු පියාණන් වහන්සේලා මුණ ගැසෙමින් නිවන් දකින්නට බොහෝ පිංකම් රැස්කර ගනිමින් අ මෙම තෙරණින් වහන්සේ බන්ධුමතී නුවර උපත ලැබුවා ය. තරුණ වයසේදී එහි සිටි බන්‍ධුමත් නම් රජුගේ බිරිඳ වූවාය. හැම සම්පතක්ම විඳිමින් සිටිය දී මෙතුමිය දිනක් මෙසේ කල්පනා කළා ය….
සියලු බ්‍රහ්ම ලෝකවල විස්තර
බුදු දහමේ කියැවෙන පරිදි බ්‍රහ්ම ලෝක ගණන (20) දිව්‍ය ලෝක ගණනට වඩා වැඩිය. බුදු දහමේ ඉගැන්වීමට අනුව බ්‍රහ්ම ලෝක ගැන විස්තර පහත දැක්වේ. රූපාවචර බ්‍රහ්ම ලෝක ________________________ අරූපාවචර බ්‍රහ්ම ලෝක මෙන්ම රූපාවචර බ්‍රහ්ම ලෝක ද ධ්‍යාන වැඩීමෙන් අත්කරගන්නා මානසික තත්ත්වයන් තුළින් පමණක් ළඟා කරගත හැක. ඊට අදාළ වන්නේ රූප ධ්‍යානයන් ය. නමුත් අරූපාවචර ධ්‍යාන වලට…
සම්බන්ධතාවයන් පුපුරා ඉරි තලා ගිය සමාජය.
පින්වත මේ ලෝක ධාතුවේ එකම පරම සත්‍යයයි තිබෙන්නේ. එම පරම සත්‍යය තමයි තෘෂ්ණාව තිබෙනවා නම්, එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ තිබෙනවා ය කියන පරම සත්‍යය. යම් පින්වතෙක් තෘෂ්ණාව පරිපූර්ණ වශයෙන් නිරෝධය කරයි ද, ඔහු ජාති, ජරා, ව්‍යාධි, මරණයෝ නිරෝධය කරනවා ය කියන පරම සත්‍යය. පින්වත මේ පරම සත්‍යය අපේ ජීවිතවලට ගොඩාක් ඈතින් නේද…
දෙව් දුවක් සමඟ නිවසේ වාසය කරමු.
පඨම සංවාස සුත්තං – එකට වාසය කිරීම ගැන වදාළ පළමු දෙසුම. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මධුරාවට ත්, වේරඤ්ජාවට ත් අතර වූ දිගු මාර්ගයට පිළිපන් සේක. එකල්හී බොහෝ ගෘහපතියෝ ද, ඔවුන්ගේ බිරින්දෑවරු ද මධුරාවට ත්, වේරඤ්ජාවටත් අතර දිගු මාර්ගයට පිළිපන්නාහු වෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මගින් බැහැර ව එක්තරා රුක් සෙවණක වැඩහුන් සේක. ඒ ගෘහපතිවරු ත්, ඔවුන්ගේ…
සංස්කාරයන්ට රැවටෙන්න එපා.
පින්වත වධකයා නමැති වචනය සිහිපත් වෙන කොට ඔබට බියක් ඇති වෙනවා නේද? පින්වත අපි හැමෝම වධකයා නමැති අර්ථයට බියක්, පිළිකුලක් ඇති කොට ගත්තත්, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, පින්වත් ඔබව ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන්ගෙන් වධයට පමුණුවන සැබෑ ම වධකයා සිටින්නේ පින්වත් ඔබ තුළමයි කියලා. පින්වත මේ වධකයා රතු ලේබල් ගැසූ ජාත්‍යන්තර…
ලෝභ සිත් මහා සාගරයේ ජලය තරම් විශාලය.
පින්වත අපි ගෙවා ගෙන පැමිණි අති දීර්ඝ පටිච්චසමුප්පන්න භව ගමනේ දී අපිට වැඩියෙන් ම මුණ ගැසුණේ බුද්ධෝත්පාද කාලයන් ද? එසේත් නැතිනම් අබුද්ධෝත්පාද කාලයන් ද? පින්වත අපිට මුණ ගැසී තිබෙන බුද්ධෝත්පාද කාලයන් ඉතාමත් පුංචි කාලයක්. අපිට මුණ ගැසී තිබෙන අබුද්ධෝත්පාද කාලයන් මහමෙරක් වගේ විශාලයි. එසේ නම් පින්වතුනි, අපි සංසාරයේ වැඩියෙන් ම පුහුණු කරලා තිබෙන්නේ ධර්මය ද?…
ආනිශංස ධර්මයෝ හොඳින් හැසිරෙන මොහොතක්.
පිංවත “ධර්මයෝ ධර්මයෝ ම වඩත්, අධර්මයෝ අධර්මයෝ ම වඩත්” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පිංවත ඔබ මෛත්‍රියය වඩන්න, එවිට සමාජය තුළ මෛත්‍රියයේ ආනිශංස ධර්මයෝ ම වැඩිලා යාවි. පිංවත ඔබ සිල්වත්භාවය ම ජීවිතවලට එතකු කොට ගන්න, එවිට සීලයේ ආනිශංස ධර්මයෝ ම සමාජය තුළ වැඩිලා යාවි. පිංවත ඔබ දානය, ත්‍යාගය ම ජීවිතයට පුහුණු කරන්න, එවිට…
සද්ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කර ගන්න.
පිංවත අවිද්‍යාවේ දොර ජනෙල් වසාගෙන ජීවත් වෙන්න එපා. සද්ධර්මයේ ඒහිපස්සික සිසිල් සුළං ඔබේ ජීවිතයට නො වදීවි. අවිද්‍යාවේ දොර ජනෙල් විවෘත කොට තබන්න, එවිට විද්‍යාවේ ආලෝකය වන චතුරාර්ය සත්‍යය දැක්මෙන් ඔබේ ජීවිතය ආලෝකවත් වේවි. පිංවත ඔබේ නිවසේ විදුලි බුබුළු සියයක් දැල්වුණත්, ඔබ අකුසල් වඩනවා නම්, එම විදුලි ආලෝකයට ඔබේ ජීවිතය ආලෝකවත් කරන්න බැහැ. ඝනාන්ධකාර රාත්‍රියක දී…
භිස ජාතකය
එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක උපන්හ. මහාකඤ්චන කුමාරයෝ ය යි උන්වහන්සේට නම තැබූහ. උන් වහන්සේට බාල සහෝදරයෝ සදෙනෙක් ද සහෝදරියක් ද වූහ. කාමය කෙරෙහි නො ඇලුණා වූ ඔවුහු විවාහ ජීවිතයට බැස නො ගත්හ. ඔවුහු මාපියන් ජීවත් වන තාක් ඔවුනට උපස්ථාන කරමින් සිට මාපියන් ඇවෑමෙන් ඔවුනට හිමි…