Article
සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය – 06.
මීළඟට බුදුරජාණන් වහන්සේ සබ්බාවස්‍රව සුත්‍රයට අදාළව වීර්යෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රවයන් ගැන සඳහන් කරනවා. නිවන් අවබෝධයට අදාළ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුළ වැඩිපුරම කියැවෙන වචනය තමයි වීර්යය කියන වචනය. වීර්යෙන් තොරව ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස්මහ බැලුම් බලල. ඊට සුදුසු කාල පරාසයක. වර්තමානයේ කවදාකවත්…
සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය – 05.
පිංවත් ඔබ සිතන්න ඔබ සීමාව ඉක්මවා ශරීරය ඉස්මතු කර පෙන්වන ඇඳුමක් ඇඳගෙන ප්‍රසිද්ධ ස්ථානයක හැසිරෙනවා කියලා. එම ශරීරය මතුකර පෙන්වන ඇඳුම නිසා ඔබත් කාමච්ඡන්දයන් සකස් කරගෙන ආස්‍රවයන් වැඩි කරගන්නවා. ඔබේ නොගැලපෙන ඇඳුම නිසා අනුනුත් නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්ෂවෙන්න ඔබේ ඉන්ද්රිය සංවරභාවය තුළින් ඔබේ අසල්වැසියන්ටත් යහපතක් සලස්වන්න. එසේ නොවුණහොත් ඔබේ ඉන්ද්රිය අසංවරභාවය…
සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය – 04.
පංචඋපාදානස්කන්ධය අනිත්‍යය වශයෙන් නුවණින් මෙනෙහි නොකරන පුද්ගලයා නිරතුරුවම ආත්මීය සංඥාව නිසාම නැති ආශ්‍රවයන් ඇති කර ගන්නවා වගේම ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. පිංවත් ඔබ නිරතුරුවම පංචඋපාදානස්කන්ධයේ ක්‍රියාකාරිත්වය පහත ආකාරයට දකිමින් ජීවත් වෙන්න. ආධයාත්මික රූපයත්, භාහිර රූපයත්, විඥාණයත් හේතුවෙන් ඵස්සය හටගන්නවා. ඵස්සය කියල කියන්නේ දැක්කා, ඇසුණා, දැනුණා කියන අර්ථයට. ඔබට යමක්ද ඇසෙන්නේ, යමක්ද දැනෙන්නේ, යමක්ද දකින්නේ එයට…
සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය – 03
පංච උපාදානස්කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස් වෙන ඵලය තමයි සංස්කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්කාර සකස්කොට ගන්නවා. සංස්කාර ධර්මයන් කුසල්, අකුසල් කියලා කොටස් දෙකකට බෙදෙනවා. පිංවත් ඔබ රැස්කොට ගන්නා සෑම කුසල් අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත්වෙනවා. විපාක දී අනිත්‍යභාවයට පත්වන සංස්කාරයන් අප ‘මගේ’ කර ගන්නවා. සංස්කාරයන් තුළ ‘මම’ සිටිනවාය කියලා දකිනවා. මා තුළ…
සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය – 02.
චතුරාය්‍ය සත්‍යය නොදැනීම නිසා, කුසල් අකුසල් සංස්කාරයන් රැස්වන හැටි නුවණින් දකින්න. සංස්කාරයන් නිසා විඤ්ඤාණය සකස්වන හැටි නුවණින් දකින්න. විඤ්ඤාණය හේතුවෙන් නාම රූප සකස්වන හැටි නුවණින් දකින්න. නාමරූප හේතුවෙන් සලායතන සකස්වන හැටි නුවණින් දකින්න. පිංවත් ඔබේ රූපයට හිත යොමුකරලා, රූපයේ ඉපදීමට මූලික හේතුව අවිද්‍යාව වශයෙන් දකින්න. දෑස් පියාගෙන ඔබේ රූපය තුළින් අවිද්‍යාවේ අඳුර දකින්න. අවිද්‍යාව නිරෝධය…
සංඝයා වහන්සේලාගේ සිවුරු සේදීම කාන්තාවන්ට කැපද?
මෙහෙමයි කොතනකවත් අපිට කාන්තාවකට සිවුරක් හෝදන්න දෙන්න බැහැ. ඒක දෙන්න බැහැ. දැන් මගෙනුත් ඇවිල්ලා සමහර කාන්තාවන් කියලා තියෙනවා “ස්වාමීන් වහන්ස චීවරය දෙන්න හෝදලා ගෙනත් දෙන්නම්” කියලා. ඒක විනයට ගැළපෙන කාරණයක් නෙවෙයි. පිරිමි කෙනෙක් ඇවිල්ලා සිවුරක් ඉල්ලුවොත් ඒක අපිට දෙන්න පුළුවන්. කාන්තා පක්ෂය ස්වාමීන් වහන්සේලාගේ සිවුරු පිරිකර හේදීමේ කටයුතු වලට සම්බන්ධ වෙන එක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්….
ශීලයෙන් පරිපූර්ණ වූ පමණින් භවයේ සුරක්ෂිත වේ ද?
භික්ෂුව ගම්මානයක වැඩ සිටිනකොට, එම ගමේ එක් කණ්ඩායමක් කිසි ම දිනක පිණ්ඩපාත මඩුවට පිණ්ඩපාතය ගෙනාවේ නැහැ. ඒ ගැන ගමේ කැපකරුගෙන් විමසනකොට ඒ මහත්තයා කියනවා, “හාමුදුරුවෝ ගමේ කුලයෙන් අඩු අයගේ පිණ්ඩපාතය පිළිගන්න නිසා ඒ අය පිණ්ඩපාතය පූජා කරන්නේ නැහැ” කියලා. මේ කණ්ඩායමට කුලයෙන් උසස් අය කියලයි කියන්නේ. මේ කණ්ඩායම ගමේ පන්සලට දානෙ පූජා කරන්නෙත් නැහැ. ගමෙන්…
වධකයා කළණ මිතුරු වෙස් ගෙන ඒවි, පරිස්සමෙන්…
තෘෂ්ණාවෙන් පෝෂණය වුණ විඤ්ඤාණය නැමති වදකයා කළ්‍යාණ මිතුරෙක්සේ ඔබව පෝෂණය කරනවා. තමා තුළින්ම සතුරා, වදකයා පෝෂණය කරමින් සතුරා හැටියට දකින්නේ භාහිර රූපයක්මයි. භික්ෂුව ඔබට උදාහරණයක් දක්වනවා. කෙනෙක් පිංවත් ඔබට චෝදනාවක් කරනවා. ඔබ ඔහුත් සමග සන්ඩුවට යනවා. අනුනගේ ක්‍රියාවක් ඔබේ කර පෙන්වා ඔබව අකුලයට යොමුකළේ ඔබ තුළ සැඟවී සිටි වදකයාමයි. වදකයා නිරතුරුවම ඵස්සය ළඟ නැවතී ඵස්සය…
රැවුල සහ කණ්නාඩිය.
ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, අතීතයේ දඹදිව් තලයේ තරුණ, මධ්‍යම, වැඩිහිටි වයස්වල බලකාර, නිලකාර, සාමාන්‍ය, දුගි දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසනතලය ඒකාලෝක කළේ ශාසනය තුළ කිසිදු විනයක් පනවා නොතිබියදීය. වසර 20 ක් පුරාවට අනන්ත අප්‍රමාණ පිරිසක් නිවී සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුළ සිහිය, සතිය, නිවීම කෙරෙහි ඇති වීර්යය නිසාය. එහෙත් කාලීනව බිහිවූ…
රාග සිතක් සංවර කරගන්නේ කෙසේ ද?
භික්ෂූන් වන අපිට, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සය ළඟ නවතින්න කියලා. ඒ නිසාම භික්ෂුවත් පස්සය ළඟ නැවතිලයි සිටින්නේ, ඒ නිසාම, පසළොස්වක සඳ එළියේ සුන්දරත්වය ගැන විතර්ක භික්ෂුව තුළ සකස් වෙන්නේ නැහැ. තව මොහොතකින්, මේ සුන්දර පසළොස්වක සඳ කළු වළාවකින් වැසී ගියොත්, පරිසරයේ සියලූම චමත්කාරයන් වෙනස්වෙලා යාවි. සුන්දර පසළොස්වක සඳ එළියේ වෙනස් වීම හෙවත් ආදීනව සංඥාව,…