Article
ධර්මය ඔබ ජීවිතයේම කොටසකි… මුහුවකි… බද්ධයකි…
ධම්මානුස්සතිය – 6. පිංවත් ඔබට යම් දවසක් එනවා චතුරාය්‍ය සත්‍ය ධර්මය තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිදුවෙන. එදාට ඔබ චතුරාය්‍ය සත්‍ය ධර්මයත්, ජීවිතයත් එකක් කොට දකිනවා. යම් දවසක් ඔබට එනවා, පටිච්ඡසමුප්පාද ධර්මය තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිදුවන. එදාට ඔබ දකිනවා, පටිච්ඡසමුප්පාද ධර්මයත්, ඔබට දෙකක් නොව, එකක්ය කියන කාරණය. ඔබට යම් දවසක් එනවා සතර සතිපට්ඨාන…
දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාවයි.
සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්සනාවට අදාළව කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ඔබ තුළ වැඩෙන්නේ ධම්මානුපස්සනාවක් හැටියටයි. ධම්මානුපස්සනාව ගැන සිහිවෙනකොට භික්ෂුවට මුලින්ම කමටහන බවට පත්වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව. අතීතයේ යම්දවසක දීපංකර බුදුරජාණන් වහන්සේ අප මහා බෝධිසත්ත්වයන්ට ඔබ අසවල් කාලයේ ගෞතම යන නමින් නමින් බුද්ධත්වයට පත්වෙනවාය කියලා නියත වියරණ ලබාදුන්නාද එය ධර්මතාවක්. දසපාරමී ධර්මයන් පූර්ණකොට ගෙන පැමිණි දීර්ඝ භවගමනක්…
දානයන් අතරින් ශ්‍රේෂ්ඨතම දානය…
“බුදු රජාණන් වහන්සේ කියනවා ලෝකයේ දානයන් අතරින් ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. ධර්ම දානය නොදීම නිසා තමන්ට ධර්මය ලැබෙන්නෙ නැහැ හුඟක් වෙලාවට. සමහරුන්ට ධර්මය වැඩක්ම නැහැනෙ,තේරෙන්නෙ නැහැනෙ.නමුත් මනුස්සයො වෙලා ඉපදුනා. මනුස්සයො වෙලා ඉපදෙන්න කුසලයක් තියෙන්න ඕන. නැත්නම් මනුස්සයො වෙලා ඉපදෙන්නත් බැහැ. පෙර ජීවිතයේ මනුස්සයො වෙලා ඉපදිල ඉදල පින් දහම් කළා. බණත් ඇහුවා. ඒ නිසා…
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළින් ධර්ම මාර්ගය කෙරෙහි වීර්යය මෝදු කොටගන්න.
ඒ අයෝමය චරිතය පුරා බලනකොට කල්ප ගණනාවක් පිරූ පාරමීධර්මයන්ගේ ඵලය ප්‍රඥාව හැටියට ජිවිතයට එකතුකොටගත් ආදර්ශයමයි අපිට වැදගත් වෙන්නේ. මේ පාරමී ශක්තියේ ඵලය තුළින් තමයි මහාසීහනාද සුත්‍රයේ දේශනාකරන බුදුරජාණන්වහන්සේ ලෝකයාට සිංහනාද කරන තථාගත බලයන් සකස්වෙන්නේ. බුදුරජාණන්වහන්සේ සතුවු උතුම් ඤාණයන් ගැන නුවණින් මෙනෙහි කරන්න. සත්වයාගේ අතීත අනාගත වර්තමාන කර්මයන් දැකීමේ ඥානය, සත්වයාගේ පෙර ජිවිතය දැකීමේ පුර්වේනිවාසානුස්සති ඥානය,…
ජිවිතය කියන්නේ හරිම පරස්පරයක්.
අපි නිදහස විවේකය උදෙසා කොපමණ දේවල් කරනවාද? විවේකය ගත කිරීම සඳහා කොතරම් වියදම් කරනවාද? නමුත් එක සිතිවිල්ලක් නවතා ගැනීම තුළ මොන තරම් නිදහසක් ලබන්න පුළුවන්ද? අපි විවේකය කියලා හොඳට කාලා බීලා නිදාගෙන විනෝද වෙලා පංචනීවරණ තීව්ර වෙලා. තව තවත් කෙළෙස්වළ සිරගත වීමකුයි කරගන්නේ. දුක නිසා සැප සොයනවා. සැප නැවතත් දුකකටම ඇද දමනවා. ඒ නිසාමයි නැවත…
ගුරුකමේ රඟ.
කලෙක භික්ෂුව මනුෂ්‍ය වාසයෙන් මදක් ඈතින් වැසි වනාන්තර ලක්ෂණ සහිත වූ කුඩා ආරණ්‍යයක වැඩ සිටියා. මෙම කුඩා ආරණ්‍යයේ මාස 15 කින් කිසිවෙක් වැඩ ඉදල නැහැ. පාළුවට ගිහින් තිබුණ ස්ථානයක්. ඉහත කාලය තුළ එක ස්වාමීන්වහන්සේ නමක් සති දෙකක් පමණ වැඩ ඉඳලා ඉවත්ව ගිහින් තිබෙනවා. මීට මාස පහළවකට පෙරාතුව මෙහි තනිවම වැඩසිටි වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ අපවත්වීම නිසයි…
කෝරව්‍ය රජුගේ පැනය සහ උතුම් සෝවාන් ඵලයේ අග්‍රභාවය.
රට්ඨපාල ස්වාමීන්වහන්සේගෙන්, කෝරව්‍ය රජු අසනවා ‘හිමියනි, මෙතරම් යෞවන වයසේ, කඩවසම්, ජවාධික ඔබ දෙමාපියන්, රූමත් බිරින්දෑවරුන්, ධන සම්පත් අතහැර පැවිදි වූයේ කුමන හේතුවක් නිසාද කියලා. එවිට රට්ඨපාල මහරහතන් වහන්සේ දේශනා කරනවා ‘රජතුමනි, සත්ත්වයා නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ කරාම යනවා. කාටවත් වළක්වන්න බැහැ. රජතුමනි ඔබතුමා වයසට යන ස්වභාවය, රෝගී වන ස්වභාවය, මරණයට පත්වන ස්වභාවය කාටවත්ම වළක්වන්න…
ක්‍රමානුකූලව පල්ලම් බහින බෞද්ධ මනෝභාවය.
බුදුරජාණන්වහන්සේ පහළ වුණ දඹදිව සමාජයේ බුදුරජාණන්වහන්සේ පහළවීමට පෙරාතුව දානය, සීලය, සාමධිය, මෛති‍්‍රය කියන අර්ථයන් මනුෂ්‍යයින් හොඳින් පුහුණුකොට තිබුණා. එදා මනුෂ්‍ය සමාජය හොඳින් පුහුණුකොට තිබූ දානය, සීලය, මෛති‍්‍රය, සමාධිය සම්මා දිට්ඨියෙන් පෝෂණය කොට, ආර්්‍යය දානයක් ආර්්‍යය සීලයත් ආර්්‍යය සමාධියත් ආර්්‍යය මෛති‍්‍රයක්, බවට පත්කොට ගැනීමේ මාර්ගය පෙන්වා දුන්නේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේයි. භවයේ දුකත්, සැපත් දෙක අතර දෝලනයවීම සඳහා…
කසපහර තුන්සියය ඉවසන්න පිංවත! මන්ද…
පංච උපාදානස්කන්ධය තේරුම් ගනිමු. පංචඋපාදානස්කන්ධය කෙරෙහි ඡන්දරාගය දුරුකිරීමේ මාර්ගය වන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිංවත් ඔබ ගමන් කරලා, මූලිකව ඔබ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවතා, උතුම් සෝවාන්ඵල අවබෝධය සාක්ෂාත් කොටගෙන පංචඋපාදානස්කන්ධය කෙරෙහි තමන් ඇතිකොටගෙන තිබූ සක්කාය දිට්ඨිය හෙවත් මමත්වයේ දැඩිභාවය නිරෝධය කොට දමනවා. මේ සක්කායදිට්ඨිය හෙවත් මමත්වයේ දැඩිභාවය කියන වචනයේ අර්ථය සත්ත්වයාට මොනතරම් දුක්…
කටු අත්තක්.
පින්වත් ඔබව කටු අත්තක පැටලුනොත් විවේකිව අනතුරකින් තොරව කටු අත්ත ගලවලා දමන්න පුළුවන්. පින්වත් ඔබ තුල සකස්වන ඵස්සය, තෘෂ්ණාව නැමැති කටු අත්තේ පැටලුනොත් භවයට ගලාගෙන යන සංස්කාරයක් ඔබතුල සකස් වෙනවාමයි. ඇසින් දැක්ක දෙය දැක්කාය කියන තැන නවතින්න, කනින් අසුන දෙය ඇසුනාය කියන තැන නවතින්න. සිතට දැනුන දෙය දනුනාය කියන තැන නවතින්න. එව්ට තෘෂ්ණාව නමැති කටු…