Article
පිංවත් ඔබත් විවේකීව සිතන්න…
සිත නැවතිලා. ඇසට රූප පේනවා. කනට ශබ්ද ඇසෙනවා. ඒත් ඒවා නිසා විතර්ක සකස් වෙන්නේ නැහැ. දැස් ඇරගෙන සිටින්නේ. පරිසරය පෙනෙන්නේ නැවතිලා තියෙනවා වාගේ. දැස් වසාගනිද්දී පරිසරය මැකී යනවා. එතැනදී හිස් බවක් පෙනෙන්නේ. කාලය ගලාගෙන යනවා. සංස්කාර ගෙවීගෙන යනවා. වන පෙතේ දැඩි නිහඬතාවය නිහඬ සිත තව තවත් නිවා දමනවා. අරමුණක් නැහැ. බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ මරණය. කාගේවත්…
පටිච්චසමුප්පද ක්‍රියාවලිය.
සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධම්මානුපස්සනාවට අදාළ ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකින්නට කියල. සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්සනාවට අදාළව කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ඔබ තුළ වැඩෙන්නේ ධම්මානුපස්සනාවක් හැටියටයි. ධම්මානුපස්සනාව ගැන සිහිවෙනකොට භික්ෂුවට මුලින්ම කමටහන බවට පත්වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව. අතීතයේ යම්දවසක දීපංකර බුදුරජාණන් වහන්සේ අප මහා බෝධිසත්ත්වයන්ට ඔබ අසවල් කාලයේ ගෞතම යන නමින් නමින්…
පංචඋපාදානස්කන්ධය කෙරෙහි සත්වයා ඇති කොටගන්නා වූ තෘෂ්ණාවේ ඵලය.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘සත්වයා බැඳුණොත් බැඳෙන්නේ පංචඋපාදානස්කන්ධයට. සත්වයා නිදහස් වුණොත් නිදහස් වෙන්නේ පංචඋපාදානස්කන්ධයෙන්මය’ කියලා. භවයට සත්ත්වයාව බැඳ තබන පංචඋපාදානස්කන්ධය මාරයා හැටියටත්, භවයෙන් නිදහස් වීම පංචඋපාදානස්කන්ධ මාරයාගෙන් නිදහස් වීම කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබත්, මමත් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් කල්ප විනාශයන් දස දහස් ගණනක් පසුකරමින් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනක් අතපසු කොටගනිමින් පැමිණි…
නොබැඳෙන සිතක අවසානය අවබෝධයයි.
සංඝානුස්සතිය – 6. එම භික්ෂුව මීළඟට පූර්වේනිවාසානුස් සති ඤාණය ඔස් සේ සිත මෙහෙයවනවා. පූර්වේනිවාසානුස් සති ඤාණය කියන්නේ, පෙර ජීවිත දැකීමේ ඤාණයයි. එම භික්ෂුව ඇලීම් ගැටීම් වලින් තොර, උපේක්ෂාව කියන තැනට සිත පත් කර ගෙන අරමුණ ඔස් සේ ක්‍රියාත්මක වෙනවා. මෙතැනදී එම භික්ෂුව අරමුණු කරන්නේ වයස අවුරුදු දහයක පමණ පිරිමි දරුවෙක් . දරුවාට වයස අවුරුදු දහයක්…
නික්ලේශී මහා සංඝරත්නය.
බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ‘පුණ්න, මහණ, කාමයන් නොපතයිද, ප්‍රියමනාපයෑයි නොකියයිද, ගැලී නොසිටීද පුණ්න, එය නොපතන, ප්‍රියමනාප යෑයි නොකියන, ගැලී නොසිටින එම භික්ෂුවගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වේදිය කියලා. භික්ෂුවක් උතුම් පැවිදි ජීවිතයේදී ලබන, උතුම් සම්මා විමුක්තිය පැවිදි දිවියක පස්වැනි ඵලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේම උන්වහන්සේ දේශනා කරනවා, රහත්බවට පත්…
ධර්මරත්නයේ කල්නොයවා විපාක දීමේ විශ්වාසය මාර්ගය කෙරෙහි ඔබේ සැකය මරාදමනු ඇත.
ධම්මානුස්සතිය – 3. පිංවත් ඔබ මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන්කොට යම් තීරණාත්මක අවස්ථාවක් පැමිණෙනවා, තමා නිදහස් වුණාය කියලා. පංචඋපාදානස්කන්ධය නමැති ලෝකයෙන් නිදහස් වුණාය කියන සැහැල්ලුව දකිනවා. මේ චිත්තය තමා තුළින්මයි තමා දකින්නේ. මේ අවස්ථාව වන විට පිංවත් ඔබ පංච උපාදානස්කන්ධය කියන මාරයාත්, වසවර්ති දිව්‍ය මාරයාත්, මාර දූතියන් තිදෙනාත්, මාර සේනාවත් සමාධියේ අත්දැකීම් තුළින් අවබෝධයෙන්ම හඳුනාගෙනයි…
ධර්මය තුළින් ධර්මය දකින කළ එහි කොහිද වෙහෙසක්.
සංඝානුස්සතිය – 9. දුක නිමා කරන ආර්ය මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ග යේ සෘජුව ම ගමන් කරන නිසාම සංඝරත්නය ‘උජුපටිපන්න’ ගුණයෙන් යුක් ත වෙනවා. බාහිර මාර්ගවල ගමන් කරන්නේ නැහැ. අතීතයේ දෘෂ්ඨීන් හැට දෙකකින් පෝෂණය වුණ මිච්ඡා මාර්ග හැට දෙකක් ලෝකයේ තිබුණා. බුදුරජාණන් වහන්සේ නැමති ශ්‍රේෂ්ඨ කල්‍යාණ මිත්‍රයා, ධර්මරත්නය නමැති කල්‍යාණ මිත්‍රයා විසින් පෙන්වා වදාළ එම…
ධර්මය කියන්නේ අනිත්‍යයි.
භික්ෂුව මේ ලිපිය ලියන මොහොතේ වැඩසිටින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැලෑබද ආරණ්‍යයක. විශාල කඳුවැටි කිහිපයකින් වටව ඇති රමණිය බිමක්. උස් ගල් කන්දේ නැගෙනහිරට මුහුණලා භික්ෂුව වැඩසිටින කුටිය තිබෙන්නේ. කඳුමුදුනේ සිට බලනකොට කඳුපාමුල දර්ශනීය වැව, අතුරු කඳුවැටි, කුඹුරුයාය, අක්කර දසදහස් ගණනක විහිදුන වනපෙත, පක්ෂීන්, වන සතුන් සැබෑම ආරණ්‍යයක ලක්ෂණ සියල්ලම මෙහි තිබෙනවා. භික්ෂුව මේ ආසනය මත වාඩිවෙලා මේ…
ධර්මය ඔබ ජීවිතයේම කොටසකි… මුහුවකි… බද්ධයකි…
ධම්මානුස්සතිය – 6. පිංවත් ඔබට යම් දවසක් එනවා චතුරාය්‍ය සත්‍ය ධර්මය තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිදුවෙන. එදාට ඔබ චතුරාය්‍ය සත්‍ය ධර්මයත්, ජීවිතයත් එකක් කොට දකිනවා. යම් දවසක් ඔබට එනවා, පටිච්ඡසමුප්පාද ධර්මය තුළ ඔබේ ජීවිතය විසුරුවා දකින්නට සිදුවන. එදාට ඔබ දකිනවා, පටිච්ඡසමුප්පාද ධර්මයත්, ඔබට දෙකක් නොව, එකක්ය කියන කාරණය. ඔබට යම් දවසක් එනවා සතර සතිපට්ඨාන…
දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාවයි.
සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්සනාවට අදාළව කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ඔබ තුළ වැඩෙන්නේ ධම්මානුපස්සනාවක් හැටියටයි. ධම්මානුපස්සනාව ගැන සිහිවෙනකොට භික්ෂුවට මුලින්ම කමටහන බවට පත්වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව. අතීතයේ යම්දවසක දීපංකර බුදුරජාණන් වහන්සේ අප මහා බෝධිසත්ත්වයන්ට ඔබ අසවල් කාලයේ ගෞතම යන නමින් නමින් බුද්ධත්වයට පත්වෙනවාය කියලා නියත වියරණ ලබාදුන්නාද එය ධර්මතාවක්. දසපාරමී ධර්මයන් පූර්ණකොට ගෙන පැමිණි දීර්ඝ භවගමනක්…