Article
රූපයට රැවටීම.
පිංවත අපි රූපය වින්දොත්, පටිච්චසමුප්පන්නව තවත් රූපයකට බැසගැනීමට අදාළව සංස්කාර රැස්කොට ගන්නවා. අපි රූපය නොවින්දොත්, අපි එක තැනම නැවතුණා වෙනවා. අපි රූපය විදර්ශනා නුවණින් දැක්කොත්, රූප තෘෂ්ණාවේ නිරෝධයට හේතු වෙනවා. පිංවත ඉහත කාරණා තුනෙන් ඔබ වඩාත් ම කැමති කුමකට ද? දවසින් දවස ලෞකික ප්‍රඥාවෙන් දුර්වලවෙන සමාජය දෙස බලත්දි අපි දකින්නේ, රූපය විඳින පිරිසේ මහා වැඩිවීමක්….
ධර්මයෙන් ප්‍රමාද නම් කාලයට නොබනින්න.
පිංවත මෙලොව සහ පරලොව වර්ණය, සැපය, බලය ඔබට ලැබෙන්නේ, ආජීව අට්ඨමක සීලයේ ආරක්ෂාවෙන් ඔබ මහා සංඝරත්නය අරමුණුකොට පූජා කරගන්නා දානය තුළින්මයි. පිංවත පෙර ජීවිතයේ දී දන් පූජා කිරීම නිසා ඔබ මේ ජීවිතයේ දී වර්ණය, සැපය, බලය ලැබුවා වූ පිංවතෙක් ද? ඔබ මේ ජීවිතයේ දී මහා ධනවතෙක්, බලවතෙක් වුවත්, ඔබ නිරතුරුවම රෝගීභාවයන්ට, සතුරු කරදරවලට, සොරුන්, කප්පන්කරුවන්…
කැමැත්ත අකමැත්ත ඉදිරියේ ධර්මයේ උපේක්ෂාව.
පිංවත ඔබ සිතනවා ද ඔබට කාගෙන් හරි අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවාය කියලා. සමාජයේ ජීවත්වෙන සමහර පිංවතුන් සිතනවා තමන්ට සමාජයෙන්, රජයෙන් විතරක් නොවේ දෙවියන්ගෙන්, අමනුෂ්‍යයින්ගෙන් පවා අසාධාරණයන් සහ පීඩාවන් සිද්ධ වෙනවාය කියලා. අධික වැසි සහිත කාලයට වැස්ස පීඩා කරනවාය, අධික වියලි කාලයට හිරුඑළිය අපිට පීඩා කරනවාය කියලා කියන පිංවතුන් මොනතරම් නම් අපි අතර සිටිනවා ද? පිංවත…
ඇත්ත වසා දමමින් ප්‍රශ්න වලින් පලා නොයන්න.
පිංවත, කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම දුර්වල වෙනකොට, මනුෂ්‍ය ජීවිතවල මිච්ඡා ආජීවයෝ වැහි වහිනවා. මෙම මිච්ඡා ආජීවයන්ගේ මහා වැසිවලට තෙමිලා, අහිංසක ජනතාව වයස් භේදයකින් තොරවම බලවත් කර්ම රෝගයන්ට ගොදුරු වෙනවා. අද උදෑසන පිණ්ඩපාත මඩුවට පිළිකා රෝගය වැළඳුණ පිංවතියන් තුන් දෙනෙක් ඇවිත් සිටියා. සංඝ සමාජයේ අපි රකින ශීලයේ ශක්තියෙන්, මෙත් සිතින් ආශීර්වාද කරනවා හැරෙන්නට,…
ඔබේ සුභ නැකත ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
පිංවත සිංහල අලුත් අවුරුදු නැකත් පිළිබඳව සමාජය තුළ මත ගැටුමක් ඇතිවෙලා තිබෙනවා නේද? එක පාර්ශ්වයක් කියනවා රාත්‍රී කාලයේ යෙදී ඇති අවුරුදු නැකත් නිවැරදිය කියලා. අනෙක් පාර්ශ්වය කියනවා අවුරුදු නැකත් වැරදිය කියලා. පිංවත සුබ නැකතක්, අසුබ මත ගැටුමක් බවට පත්වෙන්න අපි මොනතරම් නම් අකුසලයේ සිරකරුවෝ ද? පිංවත ඉහත ගෞරවනීය ජ්‍යෝතිර්වේදී පාර්ශ්ව දෙකෙන්, එක පැත්තක්වත් ඔබ ගන්න…
දහම සොයන ජිවිතේ.
පිංවත මෙය සටහන් තබන භික්ෂුව අද උදෑසන පිණ්ඩපාත මඩුවට වැඩියා. පිංවත ගමේ ශ්රද්ධාවන්ත දායක පිංවතුන් භික්ෂුවගේ පාත්‍රයට පූජා කළේ හිමිදිරි උදෑසන නිවසේ පිසගත්ත බත් මුට්ටියේ මුල්ම කොටසයි. නිවසේ පිසගත්ත ව්‍යංජන හට්ටියේ මුල්ම කොටසයි. නිවසේ සාදාගත් කැවිලිවල මුල්ම කොටසයි. ගමේ ලොකු කුඩා හැමෝම පාත්‍රයට දානය පූජා කළේ භික්ෂුව අසල දණ නවාගෙන, භික්ෂුවගේ පාත්‍රයට දන් හැන්ද පූජා…
රූපයන්ට ඇලී හෝ ගැටී සිල්පද දුර්වල කර නොගන්න.
පිංවත උතුම් සද්ධර්මය යැයි කියන්නේ ජීවිතයෙන් පලායන දහමක් නොවේ. ජීවිතය ජයගන්නා දහමක්. ජයත්, පරාජයත් යන දෙකම, අනිත්‍ය වූ ධර්මතාවයක් යැයි අවබෝධ කොටදෙන දහමක්. පිංවත ජීවිතය ජයගන්නා දහමක්, ජීවිතය අවබෝධ කොටගන්නා දහමක් සරණ ගිය අපි, ඇයි මේ අසරණව ජීවත් වෙන්නේ? පිංවත තෘෂ්ණාවෙන් ගිනි ගන්නා ලෝකයක් මැද්දේ, තෘෂ්ණාවේ ගිනි නිවන්න උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිසිල් ජලය අවශ්‍යම…
විවාහ වන්නට පෙර සෙවිය යුතු සමානකම් හතරක්.
බෞද්ධයකු වශයෙන් යම් කෙනෙක් විවාහ ජීවිතයකට ඇතුළත් වනවාය යනු ගිහි ජීවිතයක ඉතාමත්ම වැදගත් තීරණයක් ගැනීම ලෙසයි අප කල්පනා කරනු ලබන්නේ. බුදුසමය එහිදී මූලික කරුණු හතරක් ගැඹුරින් අවධානය යොමුකළ යුතු බවට යෝජනා කරනු ලබයි. සමශ්‍රද්ධා, සමසීල, සමත්‍යාග, සම ප්‍රඥා යන කාරණා හතර කෙරෙහි ගැඹුරු අවධානයක් යොමුකිරීම, විවාහ අපේක්ෂිතයකු විසින් සිදුකළ යුතු බව බුදුසමය අවධාරණය කරනු ලබයි….
බුදුගුණ වර්ණනා කර ලැබූ මහත් වූ ආනිශංස.
’’මෙම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන්හට උතුම්වූ, අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්තවූ, දෙතිස් මහපුරිස් ලකුණු ඇති, ව්‍යාම ප්‍රභා (බඹයක් පමණ ඈතට රශ්මි)යෙන් යුත්, රැස් සමූහයෙන් ගැවසීගත්, නම්න් කාශ්‍යප නම් බුදුරජතෙම ලොව පහළවූහ. ’’(මෙම බුදුරජතෙම) සඳු මෙන් අස්වැසිලි කරන්නෙක. හිරු මෙන් පැහැ ඇතිකරන්නෙක. වැහි වලාවක් මෙන් (කෙළෙස්) ගිම් නිවන්නෙක. සයුර මෙන් ගුණ (මැණික්)වලට ආකරයෙක. ’’සීලයෙන් මහපොළොව…
සාධුකාර හඬ ඉදිරියේ ආශ්වාදයෙන් අන්ධ නොවන්න.
පිංවත තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව යැයි කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ධනය යැයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. යම් පිංවතෙක් ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක, දුක හැටියට දැකලා, මේ දුකට හේතුව තෘෂ්ණාව යැයි දැකලා, දුක නැති කිරීමට නම්, තෘෂ්ණාව තමා තුළින් නැතිකළ යුතුයි කියලා දැකලා, දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන්…