Article
බුදුගුණ වර්ණනා කර ලැබූ මහත් වූ ආනිශංස.
’’මෙම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන්හට උතුම්වූ, අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්තවූ, දෙතිස් මහපුරිස් ලකුණු ඇති, ව්‍යාම ප්‍රභා (බඹයක් පමණ ඈතට රශ්මි)යෙන් යුත්, රැස් සමූහයෙන් ගැවසීගත්, නම්න් කාශ්‍යප නම් බුදුරජතෙම ලොව පහළවූහ. ’’(මෙම බුදුරජතෙම) සඳු මෙන් අස්වැසිලි කරන්නෙක. හිරු මෙන් පැහැ ඇතිකරන්නෙක. වැහි වලාවක් මෙන් (කෙළෙස්) ගිම් නිවන්නෙක. සයුර මෙන් ගුණ (මැණික්)වලට ආකරයෙක. ’’සීලයෙන් මහපොළොව…
සාධුකාර හඬ ඉදිරියේ ආශ්වාදයෙන් අන්ධ නොවන්න.
පිංවත තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව යැයි කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ධනය යැයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. යම් පිංවතෙක් ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක, දුක හැටියට දැකලා, මේ දුකට හේතුව තෘෂ්ණාව යැයි දැකලා, දුක නැති කිරීමට නම්, තෘෂ්ණාව තමා තුළින් නැතිකළ යුතුයි කියලා දැකලා, දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන්…
ඇලීම දුරු කිරීමට අනිත්‍යය දකින්න.
අප ගෙවන දිවිය ද අපගේ වටපිටාව ද හේතුඵල දහමට අයත් ය. එනම්, සංස්කාරයෝ ය. සංස්කාරයන්ගේ ස්වභාවය නම් හටගෙන නැසී යාම යි. එනිසා මේ අනිත්‍ය ධර්මයට ලොව සියල්ල ම යටත් ය. ඒ වග ඉතා හොඳීන් පසක් කොට වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත ධර්ම දේශනාවකට සිත යොමු කිරීම වටනේ ය. “එක් සමයෙක්හි අප භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර…
ජිවිතය දුකෙන් නිදහස්.
පිංවත අපි කවදා ද චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළ ජීවිතය දකින්නේ? ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ ජීවිතයට පීඩා කරත්දි, සතුටින් භුක්තිවිඳින සැප වේදනාවෝ වෙනස් වෙලා යද්දි, අපි දුකට පත්වෙනවා. මේ දුකට හේතුව සියලු සංස්කාරයෝ නිත්‍ය යැයි දකින, තමාගේම තෘෂ්ණාව බව කවදා ද අපි දකින්නේ? පිංවත අපි පිංකම් සිද්ධ කරලා මෙලොව සහ පරලොව සැපයම සතුටින් ප්‍රාර්ථනා කරනවා….
ඔබගේ දෙමාපියන් මහා බ්‍රහ්මයා ලෙසම දකින්න.
පිංවත ඔබ අනාගත සැපයට කැමති කෙනෙක් නම් මොනම හේතුවක් නිසාවත් ඔබේ අම්මාගේ සහ තාත්තාගේ සිත රිද්දන්න එපා. දෙමාපියන්ගේ අහිංසක බලාපොරොත්තු බිඳ දමන්න එපා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මහා බ්‍රහ්ම ගුණයන්ගේ සිත රිද්දුවොත්, පෙරළා දරුවන්ට අයිති වෙන්නේ කේන්තිය, පළිගැනීම, නොඉවසීම සහ විසිරුණ සිතුවිලි පමණක්මයි. භික්ෂුව දන්න තාත්තා කෙනෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මගේ දරුවො දෙන්නාට ලක්ෂ…
අනුන්ගේ වැරදිවලට විකල් නොවන්න.
පිංවත මනුෂ්‍ය ජීවිතවල ශීලය දුර්වලවෙත්දි, පිංවත් මනුෂ්‍ය සමාජයේ ඉන්ද්‍රීය සංවරභාවය දුර්වල වෙලා යනවා. ශීලය දුර්වලව යන සමාජයක මෛත්‍රිය ගැන කතා කරන්න කොහෙත්ම ඉඩක් නැහැ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශීලයට ඉහළිනුයි මෛත්‍රිය පනවලා තිබෙන්නේ. සම්මා සංකප්පයන් වැඩුණොත් තමයි ශිල්වත්භාවය අර්ථවත් වෙන්නේ. පිංවත සමාජයක ශිල්වත්භාවයට වටිනාකමක් නොලැබීමෙන් එම සමාජය බවභෝග සම්පත් දුර්වල වී, බලවත් ආර්ථික අර්බුදයන් උත්සන්න…
කෝටිපතියාගේ පිංකමට වඩා දුප්පතාගේ සතිපට්ඨාන විදර්ශනා කූසලය ශ්‍රේෂ්ඨයි.
පිංවත අවිද්‍යාව මොනතරම් නම් කරුමයක් ද? අවිද්‍යාව නිසාම උතුම් තෙරුවන් විවේචනය කරලා, තෙරුවන් නොසලකා හැරලා, සමහර මනුෂ්‍යයෝ මොනතරම් නම් අකුසල් සිදුකොට ගන්නවා ද? පිංවත මිථ්‍යාදෘෂ්ටියට නොපෙනුණාට බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් මහාකරුණා ගුණය මොනතරම් නම් මේ තුන් ලෝකයාටම ශාන්තියක් ද? පිංවත කෝටිපති මහත්මයෙක් සිටිනවා, මේ මහත්මයා ලක්ෂ ගණනක් මුදල් වියදම් කරලා, ප්‍රණීත, විසිතුරු මහා පිංකමක් කරනවා. මේ…
සෑම ආශ්වාදයක් පසුපසම ආදීනවය සැඟවී තිබෙනවා.
පිංවත භික්ෂුව මේ දවස්වල වැඩසිටින ගම්මානයේ උදෑසන පිණ්ඩපාත දානය බෙදන්න පැමිණෙන ගමේ පිංවතුන්ලාගේ අඩුවක් තිබෙනවා. භික්ෂුව කැපකරු මහත්මයාගෙන් විමසුවා, ගමේ පිංවතුන්ගේ පැමිණීම දුර්වල ඇයි කියලා. කැපකරු මහත්මයා කියනවා, ස්වාමීන් වහන්ස, මේ දවස්වල රබර් කිලෝවක මිල රුපියල් අටසියයක් වෙලා, ගමේ හුඟ දෙනෙක් උදෑසන තම රබර් ඉඩම්වල කිරි කපන්න යනවාය කියලා. භික්ෂුව වැඩසිටින කුටිය සමීපයේ තිබෙන රබර්…
සියලුම යාගයන් අතරින් ශ්‍රේෂ්ඨම යාගය ශීලයේ යාගයයි.
පිංවත බොරුව මුල් බැසගත්ත සමාජයක, ඇත්ත මතුකොට ගැනීමට නම්, බොරුවට මෙත් වඩන්නම වෙනවා. පිංවත් ඔබ සමාජගතවෙන බොරුවට ද්වේශ කරලා, වෛර කරලා, සත්‍යය මතුකොට ගැනීමට යාමෙන් ඇතිවෙන අධර්මානුකූල ඵලය වෙන්නේ, සමාජගතවෙන කාය කර්ම සහ වචී කර්මයන් හේතුවෙන් පිංවත් ඔබ ඊට වඩා බලවත් මනෝ කර්මයන් ජීවිතයට එකතුකොට ගැනීම පමණක්මයි. පිංවත බොරුව ඉදිරියේ ඔබ මෙත් සිතින් සත්‍යවාදී වෙන්න….
ලෞකික සැපයන් ලබන්න පරිසරය විකෘති නොකරන්න.
පිංවත පසුගිය මාස කිහිපය පුරාවට ඇදහැලුණ මහා වැසි දැන් නම් නැවතිලා. පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, පසුගිය වැසි කාලය පුරාවට තමන්ගේ නිවස පස් වතාවකට වැඩිය වැසි වතුරෙන් යටවුණාය කියලා. පිංවත පසුගියදා ඇදහැලුණු වැසි අකීකරු වුණත්, කරුණාකර වැස්සට චෝදනා කරන්න නම් එපා. වැස්ස කියන්නේ හුදු සතර මහා ධාතුවක් පමණක්මයි. පිංවත අපි වැස්සට චෝදනා කළොත් අධර්මයෝ අධර්මයෝම වඩත්ය…