Article
තෘෂ්ණාව.
පින්වත් ඔබේ දෑසට කඳුළු ගලන පලියට කඳුළු පිසදමන්න යන්න එපා. එවිට ඔබේ ලේන්සුව කඳුලින් තෙත් වේවි. ඔබේ සිතට සිතුවිලි නැගෙන පලියට ඒවා ගැන සිතන්න යන්න එපා. එවිට ඔබේ ලේන්සුවට ඉස්පාසුවක් ලැබේවි. සිතුවිලි සිතට නැගෙන පලියට ඔබ සිතුවොත් සංස්කාර නමැති කඳුලින් ඔබේ බවයට ගලාගෙන යන විඤාණය තෙත් වේවි. පින්වත් ඔබ තුල යම් අරමුණක් තිබුනොත් තමයි විඤාණයට…
තෘෂ්ණාව සැඟවිලා අපි හැමෝටම ඔච්චම් කරනවා නොවේ ද?
සත්ත්වයාගේ කුසල් අකුසල් සංස්කාරයන් හේතුවෙන්ම සකස්වෙන ස්වභාවික පරිසරය, සුන්දර ධර්මයේ අර්ථයනුත්, අසුන්දර අධර්මයේ අර්ථයනුත් ඔබට කියලා දෙනවා. කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස්මහ බැලුම් බලලා බුදුරජාණන් වහන්සේනමක් පහළවන යුගය කුසල් ධර්මයන්ගේ ඵලයෙන් ගොඩනැගෙන සුන්දර පාරිසරික කතාවක් අපට කියලා දෙනවා. කුසල් ධර්මයන්ගේම ඵලයෙන් බිහිවුණා වූ සුන්දර පරිසරයක්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීම විශාලා මහනුවර…
තෘෂ්ණාව දන් දී ආහාර පමණක් භුක්ති විඳින්න.
මීළඟට සබ්භාසව සූත්‍රයට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ප්රත්යාවේක්ෂාවෙන් ප්රහීනය කළ යුතු ආශ්‍රවයන් කියලා. කුමක්ද ඔබ ප්රත්යාවේක්ෂා කරන්නේ. ඔබ ගන්නා වූ ආහාරය, ඇඳුම් පැළඳුම්, ඖෂධ, නිවාස හෝ කුටිය. මේවා පරිහරණය කිරීමේදී සිහිනුවණින් පරිහරණය කරනවා. ආහාරයක්, ගිලන්පසක්, ඖෂධයක්, නිවාස පරිහරණය කිරීමේදී මේවා කෙරෙහි තෘෂ්ණාවක් ඇතිකොට ගතහොත්, ඒවා කෙරෙහි සුබ නිත්‍ය සංඥාවන් ඇතිකොට ගතහොත් ඔබ තුළ නැති ආශ්‍රවයන්…
තවත් පුතුන් කුමට පතන්.
භික්ෂුව හමුවීමට පැමිණි තරුණ තාත්තා කෙනෙක් භික්ෂුවගෙන් බොහෝම සංවේදී ප්‍රශ්නයක් ඇහුවා. ‘හාමුදුරුවනේ මම කුඩා දරුවෙක් ඉන්න තාත්ත කෙනෙක් දරුවාගේ වයස අවුරුදු 4යි. මේ පුංචි දරුවා හරිම දඟකාරයි. එයා එක වෙලාවකට සන්ඩුකරනවා. තව වෙලාවක සෙල්ලම් කරනවා. තවත් සමහර වෙලාවට අම්මා සමග ගාථා කියමින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. මේ දරුවා සෙල්ලම් කරන වෙලාවට නිතරම මම හාවා, මම…
තරුණ කාලයේදීම සුදුවත් දරාගත් උපාසක උපාසිකාවක් වෙන්න.
ධර්මය මේ සා සරළව පිංවත් ඔබට දේශනා කළ බුදුරජාණන් වහන්සේ, ඇට්ටේරියා වනයක වැඩසිටිමින්, තම අතට බිම වැටී තිබූ ඇට්ටේරියා කොළ අහුරක් ගෙන දේශනා කරනවා ‘මහණෙනි මම අවබෝධ කරගත් ධර්මය මේ ඇට්ටේරියා වනයේම ඇති කොළවලට සමාන බවත්, මා විසින් දේශනා කළ ධර්මය මගේ මේ අතේ ඇති කොළ ප්‍රමාණය තරම් බවත්. එසේ නම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ…
තරහා යාම පාලනය කරගන්න ක්‍රමයක්…
ගෞරවණීය ස්වාමීන් වහන්ස, අපි හැමෝට ම තරහා යනවා. මේ තරහා යාම පාලනය කරගන්න ක්‍රමයක් නැද්ද? මෙහෙමයි. තරහව කියන කාරණය, ද්වේශය කියන කාරණය, ව්‍යාපාදය කියන කාරණය අපිව දුකට දාන බොහො ම බලවත් ම අකුසල මූලයක්. තේරුණාද? ඒ බලවත් ම අකුසල් මූලය බව අපි නිරතුරුව ම දකින්න ඕන…. මම ඒකයි කිව්වේ, ලෝකයේ අපිට යමක් ලැබිලා තියෙනවා නම්,…
ජීවිතයත්, ධර්මයත් එකක් බවට පත්කොට ගන්න.
පින්වත් ඔබ ජීවත්වන සෑම නිමේෂයකදීම, අකුසල් මූලයන් ජීවිතයට එකතුකොට ගැනීමේ ක්‍රියාන්විතයක නිරතවෙලයි සිටින්නේ. පින්වත් ඔබ දානමය පින්කම් සිදුකළත්, සීලමය පින්කමක් සිදුකළත්, භාවනාමය පින්කමක් සිදුකළත්, පන්සලක බෝධිපූජාවක් සිදුකළත්, ලෝභ සිතක්මයි ඇතිකොට ගන්නේ. මගේ පින්කම, මගේ දානය, මගේ සීලය, මගේ සමාධිය මේ සෑම ක්‍රියාවකදීම මගේ ගොඩමයි වැඩිකොට ගන්නේ. සවසකට ප්‍රධාන විහාරස්ථානයකට ගිහින් බලන්න, බෝධීන්වහන්සේ අභියස, බෝධිපූජා තබන…
ජීවිතය අවබෝධ කරගන්න හොඳම කාලයයි.
අද උදෑසන භික්ෂුව පිණ්ඩපාතයේ වඩිනකොට, භික්ෂුවට ඇසෙනවා ගෙදරක අම්මා කෙනෙක් තම දරුවෙකුට බනිනවා, පණ්ඩිතකම් කතා නොකර කටවහගන්නය කියලා. දැන් කාලේ හැදෙන සමහරක් පිංවන්ත පුංචි දරුවන්, රූපවාහිනිය එහෙම බලලා, දෙමවුපියන්ටත් පණ්ඩිත කතා කියනවා කියලා, දෙමවුපියන් භික්ෂුවටත් කියලා තිබෙනවා. පාසල් වයසේ කුඩා දරුවෙක්, තම අම්මාට කියනවාලූ, අම්මේ, තාත්තා ගමනක් යද්දී, තාත්තාගෙන් අහන්න කොහෙද යන්නෙ, මොකටද යන්නේ, කීයටද…
ජිවිතය කියන්නෙ මිරිඟුවක්මයී.
දැන් වෙලාව සවස පහට පමණ ඇති. සුළඟ නැවතිලා පරිසරයම හරිම නිහඬයි. එ්ත් කුටිය ඇතුලේ නම් හරිම රස්නෙයි. අද රාත්‍රියේ වහින්න වගෙයි. සතර මහා ධාතුව හරියට විහිළුවක් වගේ, වරින් වර වෙනස් වී යන්නේ, මනුෂ්‍ය ජීවිතවලට, ඇලීම් සහ ගැටීම් ඇති තරම් ලබාදීලා. සතර මහා ධාතුවේ අනිත්‍ය වන ස්වභාවය හඳුනානොගත් පිංවතා, සංස්කාරයන්ගේ සිරකාරිත්වයට පත්වෙන්නේ, මුකුත්ම නොදන්නා කිරි දරුවෙක්…
චෛත්‍ය තැනීමට දායකත්වය ලබාදීමේ ආනිසංස.
මේ කාලසීමාවේදී ලංකාදීපයේ ස්ථාන කිහිපයකම ලොව්තුරා අංගීරස වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ උදෙසා මහා ස්ථූපයන් ගොඩනැංවෙමින් පවතිනවා. අප මේ ස්ථූප තැනීමේදී දායකත්වය ලබාදෙන විට අපගේ සිතේ, මා මේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසායි මේ පින්කම කරන්නේ. එහෙමත් නැත්නම් ඒ ශ්‍රාවක උතුමන් වහන්සේ උදෙසායැයි මේ ස්ථූපයට උදව් උපකාර කරන්නේ කියන අදහසින් කරනවා නම් ඒ තුළින්…