Article
සයනයේ ප්රේතිය.
අමනුෂ්යයන්ගේ ලෝකය හරිම විවිධත්වයෙන් යුතුය. විවිධත්වය වශයෙන් අපි දකින්නේ නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුතු අනිත්යයයි. භික්ෂුවක් එක් අවස්ථාවක සමාධියෙන් පසුවන විට ගෙදරක වාසය කරන ප්රේතියක් දුටුවා. ඇය වයස 25 පමණ තරුණියකගේ ස්වභාවයෙන් යුතු බවයි භික්ෂුවට හැඟුණේ. ඇය අවිවාහක බවක්ද හැඟුණා. භික්ෂුව මුලින් දුටුවේ නිවසේ නිදන කාමරය. ඒ නිදන කාමරය බොහොම පිළිවෙළට තිබුණා. එහි ගුප්ත බවකුත් තිබුණා….
සතර සතිපට්ඨානය සඳහා ප්රවේශය.
සතර සතිපට්ඨානය, කෙනෙකු විසින් අඛණ්ඩව වඩනු ලැබුවහොත් අවමය දින 7ක් හෝ උපරිමය වසර 7ක් තුළ රහත්භාවයට පත්වන්නේ යැයි භාග්යවතුන් වහන්සේ වදාළ සේක. එය ඝෝර, කටුක, භයානක සසර දුකෙන් මිදී යාමට ඔබ සතු හැකියාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් සහතිකයක් වැන්න. නමුත් භාවනාව වැඩීමට පිංවතුන් කළ යුතු පූර්වකෘත්යයක් ගැන සඳහන් අතිශයින් වටිනා සූත්රයක් වේ. ඒ වනාහි…
සතර සතිපට්ඨානය සඳහා ප්රවේශය – 15.
මැසි මදුරුවන්, කුහුඹින්, කැරපොත්තන්, ගොයම් මැස්සන් වැනි කෘමීන් වැනි උවදුරු මඟහැරයැමට ඇති අදක්ෂභාවය නිසාම සමාජය නිරතුරුවම නැති ආශ්රවයන් ඇතිකර ගන්නවා. ඇති ආශ්රවයන් වර්ධනය කරගන්නවා. එමනිසා පිංවතුන් දක්ෂවෙන්න, මෙවැනි කෘමි උවදුරු ආරක්ෂක ක්රමවේදයක් උපයෝගී කරගෙන මඟහැරයන්න. මදුරුවන් ගැවසෙනවානම්, මදුරු දැලක් පාවිච්චි කරන්න. කුහුඹින් පැමිණෙනවානම් ඊට අදාළව ආරක්ෂිත උපක්රම ඇතිකරගන්න. මැසි මදුරුවන්, කුහුඹින් වැඩිපුර ගැවසෙන නිවාසවල ජීවත්වන…
සතර සතිපට්ඨානය සඳහා ප්රවේශය – 14.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නපුරු සතුන් මඟහැර යන්න කියලා. පිංවත් ඔබ සිතන්න. නපුරු බල්ලෙක් සිටිනවා, බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ නපුරු බල්ලා මඟහැර යන්න කියලා. ඔබ නපුරු බල්ලා ඉදිරියට ගියොත් ඒ බල්ලා ඔබව සපාකන්න පුළුවන්. සමහර විට ඒ නපුරු බල්ලා ඔබව දැකල දුවන්න පුළුවන්. නපුරු බල්ලා ඔබව දැකල දුවන විට ඔබ තුළ නැති ආශ්රවයන් ඇතිවෙනවා. මගේ ශීලය,…
සතර සතිපට්ඨානය සඳහා ප්රවේශය – 07.
පිංවත් ඔබ ආහාරයක් නොලැබී යාම විදර්ශනා නුවණින් දකින්න දක්ෂවුණොත් ඒ ලබන විදර්ශනා නුවණ නිසාම කුසගින්න ඔබෙන් පලා යනවා. භික්ෂුව දිනක් උදේ පිණ්ඩපාතයට අදාළ නිවසට වඩිනවිට දැඩි සුළඟක් සමග ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුනා. ටික දුරක් වඩිනවිට කුඩය ඔසවාගෙන යන්න බැරිතරමටම සුළඟ වැඩිවුණා. මුළු සිරුරත්, පාත්රයත් හොඳටම තෙතබරිත වෙලා. වැස්සේ අඩුවක් නැහැ. භික්ෂුව තීරණය කළා මෙහෙම තෙමිල…
සතර සතිපට්ඨානය සඳහා ප්රවේශය – 06.
මීළඟට බුදුරජාණන් වහන්සේ සබ්බාවස්රව සුත්රයට අදාළව වීර්යෙන් ප්රහීන කළ යුතු ආශ්රවයන් ගැන සඳහන් කරනවා. නිවන් අවබෝධයට අදාළ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් තුළ වැඩිපුරම කියැවෙන වචනය තමයි වීර්යය කියන වචනය. වීර්යෙන් තොරව ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස්මහ බැලුම් බලල. ඊට සුදුසු කාල පරාසයක. වර්තමානයේ කවදාකවත්…
සතර සතිපට්ඨානය සඳහා ප්රවේශය – 05.
පිංවත් ඔබ සිතන්න ඔබ සීමාව ඉක්මවා ශරීරය ඉස්මතු කර පෙන්වන ඇඳුමක් ඇඳගෙන ප්රසිද්ධ ස්ථානයක හැසිරෙනවා කියලා. එම ශරීරය මතුකර පෙන්වන ඇඳුම නිසා ඔබත් කාමච්ඡන්දයන් සකස් කරගෙන ආස්රවයන් වැඩි කරගන්නවා. ඔබේ නොගැලපෙන ඇඳුම නිසා අනුනුත් නැති ආස්රවයන් ඇතිකරගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්ෂවෙන්න ඔබේ ඉන්ද්රිය සංවරභාවය තුළින් ඔබේ අසල්වැසියන්ටත් යහපතක් සලස්වන්න. එසේ නොවුණහොත් ඔබේ ඉන්ද්රිය අසංවරභාවය…
සතර සතිපට්ඨානය සඳහා ප්රවේශය – 04.
පංචඋපාදානස්කන්ධය අනිත්යය වශයෙන් නුවණින් මෙනෙහි නොකරන පුද්ගලයා නිරතුරුවම ආත්මීය සංඥාව නිසාම නැති ආශ්රවයන් ඇති කර ගන්නවා වගේම ඇති ආශ්රවයන් වර්ධනය කරගන්නවා. පිංවත් ඔබ නිරතුරුවම පංචඋපාදානස්කන්ධයේ ක්රියාකාරිත්වය පහත ආකාරයට දකිමින් ජීවත් වෙන්න. ආධයාත්මික රූපයත්, භාහිර රූපයත්, විඥාණයත් හේතුවෙන් ඵස්සය හටගන්නවා. ඵස්සය කියල කියන්නේ දැක්කා, ඇසුණා, දැනුණා කියන අර්ථයට. ඔබට යමක්ද ඇසෙන්නේ, යමක්ද දැනෙන්නේ, යමක්ද දකින්නේ එයට…
සතර සතිපට්ඨානය සඳහා ප්රවේශය – 03
පංච උපාදානස්කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස් වෙන ඵලය තමයි සංස්කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්කාර සකස්කොට ගන්නවා. සංස්කාර ධර්මයන් කුසල්, අකුසල් කියලා කොටස් දෙකකට බෙදෙනවා. පිංවත් ඔබ රැස්කොට ගන්නා සෑම කුසල් අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්යභාවයට පත්වෙනවා. විපාක දී අනිත්යභාවයට පත්වන සංස්කාරයන් අප ‘මගේ’ කර ගන්නවා. සංස්කාරයන් තුළ ‘මම’ සිටිනවාය කියලා දකිනවා. මා තුළ…
සතර සතිපට්ඨානය සඳහා ප්රවේශය – 02.
චතුරාය්ය සත්යය නොදැනීම නිසා, කුසල් අකුසල් සංස්කාරයන් රැස්වන හැටි නුවණින් දකින්න. සංස්කාරයන් නිසා විඤ්ඤාණය සකස්වන හැටි නුවණින් දකින්න. විඤ්ඤාණය හේතුවෙන් නාම රූප සකස්වන හැටි නුවණින් දකින්න. නාමරූප හේතුවෙන් සලායතන සකස්වන හැටි නුවණින් දකින්න. පිංවත් ඔබේ රූපයට හිත යොමුකරලා, රූපයේ ඉපදීමට මූලික හේතුව අවිද්යාව වශයෙන් දකින්න. දෑස් පියාගෙන ඔබේ රූපය තුළින් අවිද්යාවේ අඳුර දකින්න. අවිද්යාව නිරෝධය…