Article
නුවණින් දකින්න ජිවිතයේ යථාර්තය.
ජීවිතයේ ජරා ස්වභාවය දකින්නට එනම් දිරාගෙන යෑමේ ආදීනවය දකින්නට තමාගේ හිසේ කෙස් පැසෙන තුරු බලා සිටිය යුතු නොවේ. දෑත දෙපය දුබල ව එක් තැනක වැටෙනා තෙක් නතර වී සිටිය යුතු නොවේ. කුඩා දරුවෙකු වෙතින් පවා ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදියේ ඇති ආදීනවය ගැන දහම් ඇසින් දැක ගත යුතු වේ. ඇසට,කනට සුවයක්, ප්‍රසන්න බවක් හැටියට පෙනුණත්,…
නිහතමානි වෙමු.
මම උගත් , මම රූමත් , මම බලවත් , මම ජනප්‍රියයි …. මේ ලෝක සත්වයා තුළ පවතින කෙලෙස් සිතුවිලි ය. සාමාන්‍ය ලෝක සත්වයා නොනවතින ගමනක් පසුපස දුවන්නේ ද ඉහත කී එක් දෙයක් හෝ තමා සතු කරගැනීමට ය.. ධර්මය තුළට ආ කෙනා එය දකින්නේ මිරිගුවක් ලෙසිනි ! ඈතට යමක් පේනවා යැයි දිස්වෙනව එහෙත් ලගට ගිය පසු…
නිවැරදි නොවන මංගල කරුණු.
නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස බහු දෙවා මනුස්සාච මංගලානි අචින්තයුං ආකංඛමානා සොත්ථානං බ්‍රෑහි මංගල මුත්තමං කාරුණික පින්වතුනි, ‘මංගල’ යනු ඉෂ්ඨාර්ථ සිද්ධීය අත්කර දෙන යන අදහස ඇති වචනයකි. ශබ්දකෝෂය අනුව මංගල්‍යය, උත්සවය, සුබ කටයුත්ත, විවාහය, වාසනාව, අඟහරු ,බුදුවරයෙක්, රාජකීය ඇත් කුලයක්, උමාව, කුසලඵල සිහි කිරීමෙන් ඇතිවන සිතේ සතුට, යහපත,හොඳ ,ලස්සන, ලෝකයා විසින් මගුල් යයි සම්මත දේ…
නිවරදි ධර්මය තෝරාගන්නේ කෙසේ ද?
ස්වාමින් වහන්සේලා නිකාය වශයෙන් කණ්ඩායම් කල්ලි වශයෙන් කටයුතු කරනවා. එකිනෙකට වෙනස් ධර්මයන් දේශනා කරනවා. මේවා හේතුවෙන් ජනතාව අසරණවෙලා තිබෙනවා. එහෙම නම් නිවැරැදි ධර්මය තෝරාගන්නේ කෙසේද? මේ අපි දකින්නේ ධර්මයයි. ධර්මය තිබෙන්නේ නිවැරදි කිරීමට නොව වැරදි දැක ගැටීමට නොව, නිවැරැදි දෙය දැක ඇලීමට නොවේ. වැරැද්දට ගැටිලා අපි නිවැරැදි දෙයට ඇලෙනවා නම්, එතැන තිබෙන්නෙත් දුකමයි. ධර්මය කියලා…
නිවන පිළිබඳ අනුමාන ඥාණය ලබා ගත හැක්කේ කෙසේද?
බුදුන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම අවබෝධ කරගත් විමුක්ති මාර්ගය, භව නසන මාර්ගය (බණ) තම මුළු ජීවිත කාලය තුළම අනන්ත අප්‍රමාණ දෙව් මිනිසුන්ට නිවනට මඟ පෙන්වා දීම සඳහාම දේශණා කළහ. බුදුපියාණන්ගේ පරිනිර්වාණයෙන් පසුව මඟඵල ලැබූ ආර්ය උත්තමයින් වහන්සේලාද මේ නිවන් මාර්ගය දේශණා කර පරම්පරා ගණනාවක් නොනැසෙන ලෙස නිවන් මඟ ආරක්ෂාකර දේශණා කරමින් පවත්වාගෙන ආහ. ආර්ය උත්තමයන් වහන්සේලාගේ විශේෂයෙන්ම…
නිරෝධ සත්‍යාගේ ස්වභාව සතර.
“නිරෝධස්ස නිස්සරණට්ඨො විවේකට්ඨො අසංඛතට්ඨො අමතට්ඨො” යනුවෙන් පටිසම්භිදා මග්ග පාළියෙහි දක්වන ලද සතරක් වූ නිරෝධ ස්වභාවයන්ගේ, නිරෝධ ලක්ෂණයන්ගේ වශයෙන් ද මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය දත යුතුය. නිස්සරණට්ඨය, විවේකට්ඨය, අසංඛතට්ඨය, අමතට්ඨය යන මොවුහු නිරෝධාර්ය සත්‍යයාගේ චතුර්විධ ස්වභාවයෝ ය. නිස්සරණට්ඨය එහි “නිස්සරණට්ඨය” යනු ක්ලේශයන් කෙරෙන් හා දුඃඛයන් කෙරෙන් මිදුන බව ය. ක්ලේශයන්ගේ ස්කන්ධයන්ගේ නිරෝධය වූ නිර්වාණය නො ලැබුවා…
නිරය.
නිරය කියලා කියන්නේ යොදුන් දසදහස් ගණනක් මහපොළව යට තිබෙන ස්වාභාවික පරිසරයක්. නිරය කියන්නේ කවුරුන් හෝ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න කෘත්‍රිමව ඇති කළා වූ පරිසරයක් නො වේ. නිරය කියන්නේ දෙවියෙක්, බ්‍රහ්මයෙක් මැව්වා වූ පරිසරයක් නො වේ. පිංවත් ඔබ, මනුෂ්‍යයා වාසය කරන මේ මනුෂ්‍ය ලෝකය නමැති පරිසර පද්ධතිය උපමාවට ගන්න. තද අව්රශ්මියෙන් ගිනිගන්නා කාන්තාර කලාපයන් තිබෙනවා. තද ශීතලෙන්…
නිරය ඇත්තේ මිහිපිටම ද?
නිරය – 1 සතර සතිපට්ඨානය කෙනෙකු විසින් අඛණ්ඩව වඩන ලැබුවහොත් අවමය දින 7ක් හෝ උපරිමය වසර 7ක් තුළ රහත්භාවයට පත්වන්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය ඝෝර, කටුක, භයානක සසර දුකෙන් මිදී යාමට ඔබ සතු හැකියාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් සහතිකයක් වැන්න. නමුත් භාවනාව වැඩීමට පිංවතුන් කළ යුතු පූර්වකෘත ගැන සඳහන් අතිශයින් වටිනා සූත්‍රයක්…
නිමි රජු දුටු නිරයන් හා එහි යෑමට හේතුවන කර්ම…
අතීතයේ අප මහා බෝසතාණන් වහන්සේ නිමි මහ රජුව ඉපිද සිටියදී මාතලී දෙව්පුත් පැමිණ සක් දෙවිඳුගේ අණින් නිමි මහරජු වෛජයන්ත නම් රථයෙහි නංවා ගෙන දෙව්ලොව බලා යන්නට වුණා. ඒ යන ගමනේදී අපායේ දුක් විඳින සත්වයන් ද දෙව්ලොව දෙව් විමන්වල සැප විඳින සත්වයන් ද මාතලී නම් දිව්‍ය රථාචාර්යා විසින් නිමි මහ රජතුමාට පෙන්නුවේ ය. ඒ අතර මුලින්ම…
නිතර මෙනෙහි කළ යුතු කරුණු පසක්.
“පඤ්චිමානි භික්ඛවෙ ඨානානි අභිණ්හං පච්චවෙක්ඛිතබ්බානි ඉත්ථියා වා පරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා කතමානි පඤ්ච?” 1. ජරාධම්මොම්හි ජරං අනතීතොති අභිණ්හං පච්චවෙක්-ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා. 2. ව්‍යාධිධම්මොම්හි ව්යාධිං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා. 3. මරණධම්මොම්හි මරණං අනතීතොති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා…