Article
ප්රීතිය යනු ආස්වාදය නොවේ.
පින්වත, දුරුත්තේ ශීතල නම් හරිම අකීකරුයි. උදෑසන කුටියේ දොර විවෘත කොට ගෙන මිදුලට බසිද්දී, පරිසරය ම වායුසමීකරණය කරලා වගේ මයි. එක ම මිම්මකට, එක ම රිද්මයකට පරිසරය පුරා ම ශීතල පැතිරිලා. පින්වත, පරිසරය තුළ මොනතරම් නම් නිසල සහ සසල සතර මහා ධාතුවේ ශක්තියක් තිබෙනවා ද? පින්වත, පරිසරය තුළ ක්රියාත්මක වන මෙම ශක්තිය, විශ්ව ශක්තියක් හැටියට…
පංච නීවරණ ධර්මයන්ගේ තිව්රභාවය.
පින්වත, අපේ රටේ ‘ක්ලීන් ශ්රී ලංකා’ කියලා වැඩසටහනක් ක්රියාත්මක වනවා නේද? පින්වත, අපේ මේ පුණ්යවන්ත රට ලස්සන වෙනවා නම්, එය මොනතරම් භාග්යයක් ද? පින්වත, රටක් පිරිසිදු වෙන්න නම් අධම්මික සූත්රයට අදාළව ක්රමානුකූල හේතුඵල ධර්මයන් මත ගලා ගෙන යන ක්රමවේදයක් තිබෙනවා. අංක එක රටේ රජතුමා පිරිසිදු වෙන්න ඕනේ. අංක දෙක රටේ ඇමති මණ්ඩලය පිරිසිදු වෙන්න ඕනේ….
දෑස් හැර වර්තමාන සමාජය දෙස බලන්න.
පින්වත, සම්මා වාචාවෝ හෙවත් සත්ය වචන අයිති වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුන්වැනි මාර්ග අංගයට. පින්වත, සම්මා වාචාවන්ගේ විරුද්ධ අර්ථය තමයි මිච්ඡා වාචාවෝ හෙවත් අසත්ය වචන. පින්වත, සම්මා වාචාවන්ගේ ඵලය සම්මා කම්මන්තයන් වනවා. ඔබ සම්මා වාචාවන් වන සත්ය වචන ම කතා කරන කෙනෙක් නම්, කණ්ඩායමක් නම්, පක්ෂයක් නම්, රජයක් නම් ඔබලා තුළින් සම්මා කම්මන්තයෝ අර්ථවත්ව ආරක්ෂා…
ඉතිපිසෝ ගාථාවේ අනන්ත ගුණ බලය.
බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පිණ්ඩනය වී තිබෙන්නේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්ර වල මේ ඉතිපිසෝ ගාථාව බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්ර මහ රහතන් වහන්සේත් පටිසම්භිදාමග්ග පාලියේ බොහොම විස්තරාත්මකව මේ බුදු ගුණ දේශනා කරලා තියෙනවා. ඒ සියල්ලම අයිති වෙනවා මේ ඉතිපිසෝ ගාථා පාඨයේ ගුණ පද නමයට. පින්වතුන්…
අපවිත්රම ධර්මතාවය ආත්මීය දෘෂ්ටිය යි.
පින්වත, උදා වූ 2025 නව වසරේ දී ලෝභ, ද්වේශ, මෝහ සංස්කාර අධිවේගී මාර්ගයේ සම්මත වේග සීමාවන් ඉක්මවා, ජීවිතය නමැති ඔබේ වාහනය පදවනවා නම්, කරුණාකර අවම වශයෙන් තෙරුවන් කෙරෙහි ශ්රද්ධාව, මෛත්රිය, සීලය, ත්යාගය කියන ආරක්ෂිත ආසන බඳ පටියවත් හොඳින් පැළඳ ගන්න. පින්වත, ආරක්ෂිත ආසන බඳ පටියවත් නොපැළඳගෙන සංස්කාර අධිවේගී මාර්ගයේ ජීවිත නමැති වාහන එළවීම් ගොඩාක් වැඩි…
සතුට ඇත්තේ කොතැන ද?
පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ නැවුම් බලාපොරොත්තුවක් ද? එසේත් නැති නම් ප්රශ්නාර්ථයක් ද? පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් නම්, පින්වත් ඔබගේ එම සුන්දර බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා! යැයි කියලා, භික්ෂුව මෙත් සිතින් ආශීර්වාද කරනවා. පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ ප්රශ්නාර්ථයක්…
පාරිසරික හේතූන් හේතුඵල ධර්මයන්ට ගළපා දකින්න.
පින්වත, උපත යම් තැනක ද එතැන මරණය තිබෙනවා. උපත සතුටින් පිළිගන්න අපි, මරණය ඉදිරියේ දුකට, ශෝකයට පත් වෙනවා. ඉපදුණේ ඇයි, මැරෙන්නේ ඇයි කියලා හිතන්නට අපිට තවම චිත්ත විශුද්ධියක් නැහැ. චිත්ත විශුද්ධිය තවමත් අපේ දුර්වල වන්නේ සීල විශුද්ධියක් ගැන අපි තවමත් සිතලා නැති නිසාමයි. පින්වත, මේ කොයි දෙය ගැන සිතන්නත් අපිට සම්මා දිට්ඨි, සම්මා සංකප්පයෝ ගැන…
ජීවිතවල තෘෂ්ණාව හිස් කරලා, ප්රඥාවේ ආලෝකයෙන් ආධ්යාත්මය පුරවන්න.
පින්වත, එක බලාපොරොත්තුවක් ඉටු වෙන කොට, තවත් බලාපොරොත්තුවක් මෝදු වෙනවා. පින්වත, ජීවිතය යැයි කියන්නේ ඉටු වුණ සහ ඉටු නොවුණ බලාපෙරොත්තු ගොඩක්. පින්වත, ඔබ ඇති කොට ගන්නා බලාපොරොත්තුවක් යැයි කියන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. වර්තමාන පංච උපාදානස්කන්ධය තුළ සිටිමින් අනාගත පංච උපාදානස්කන්ධයෝ ප්රාර්ථනා කරනවා. පින්වත, ඔබ ඇති කොට ගන්නා අනාගත බලාපොරොත්තුවලට තෘෂ්ණා පච්චයා උපාදානං කියලත් ධර්මානුකූලව කියන්න…
සීලය මෙනෙහි කිරීමෙන් කුසල් රැස්කර ගන්නා ක්රමය.
(1) රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්රාණඝාතයෙන් වැළකී සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නාහ. මම ද අද ප්රාණඝාතයෙන් වෙන්ව සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. (2) රහතන් වහන්සේලා දිවි හිමියෙන් සොරකමින් වෙන්ව ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නාහ. මම ද අද සොරකමින් වෙන් ව…
රූපයේ ආස්වාදය කෙටි කාලයයි.
පින්වත, දෙසැම්බර් මාසයේ හරිම ශීතල උදෑසනක්. අවට පරිසරය ශීතල මීදුමින් වැහිලා. ශීතල මීදුම මැදින් ගමේ ගොවි බිම් පෙනෙන්නේ මැකී යන සිතුවමක් වගේමයි. උදෑසන හිරු තව ටිකකින් නැගෙනහිරින් අවදි වෙද්දී, මීදුම මැකිලා යාවි. සතර මහා ධාතුවේ තේජෝ ධාතුව දුර්වල වෙලා යද්දී, පරිසරයේ ආපෝ ධාතුව ආස්වාදයෙන් නළියනවා. එහි ඵලයයි මේ උදෑසන ශීතල මීදුම. පින්වත, සතර මහා ධාතුවේ…