Article
සෑම ආශ්වාදයක් පසුපසම ආදීනවය සැඟවී තිබෙනවා.
පිංවත භික්ෂුව මේ දවස්වල වැඩසිටින ගම්මානයේ උදෑසන පිණ්ඩපාත දානය බෙදන්න පැමිණෙන ගමේ පිංවතුන්ලාගේ අඩුවක් තිබෙනවා. භික්ෂුව කැපකරු මහත්මයාගෙන් විමසුවා, ගමේ පිංවතුන්ගේ පැමිණීම දුර්වල ඇයි කියලා. කැපකරු මහත්මයා කියනවා, ස්වාමීන් වහන්ස, මේ දවස්වල රබර් කිලෝවක මිල රුපියල් අටසියයක් වෙලා, ගමේ හුඟ දෙනෙක් උදෑසන තම රබර් ඉඩම්වල කිරි කපන්න යනවාය කියලා. භික්ෂුව වැඩසිටින කුටිය සමීපයේ තිබෙන රබර්…
සියලුම යාගයන් අතරින් ශ්රේෂ්ඨම යාගය ශීලයේ යාගයයි.
පිංවත බොරුව මුල් බැසගත්ත සමාජයක, ඇත්ත මතුකොට ගැනීමට නම්, බොරුවට මෙත් වඩන්නම වෙනවා. පිංවත් ඔබ සමාජගතවෙන බොරුවට ද්වේශ කරලා, වෛර කරලා, සත්යය මතුකොට ගැනීමට යාමෙන් ඇතිවෙන අධර්මානුකූල ඵලය වෙන්නේ, සමාජගතවෙන කාය කර්ම සහ වචී කර්මයන් හේතුවෙන් පිංවත් ඔබ ඊට වඩා බලවත් මනෝ කර්මයන් ජීවිතයට එකතුකොට ගැනීම පමණක්මයි. පිංවත බොරුව ඉදිරියේ ඔබ මෙත් සිතින් සත්යවාදී වෙන්න….
ලෞකික සැපයන් ලබන්න පරිසරය විකෘති නොකරන්න.
පිංවත පසුගිය මාස කිහිපය පුරාවට ඇදහැලුණ මහා වැසි දැන් නම් නැවතිලා. පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, පසුගිය වැසි කාලය පුරාවට තමන්ගේ නිවස පස් වතාවකට වැඩිය වැසි වතුරෙන් යටවුණාය කියලා. පිංවත පසුගියදා ඇදහැලුණු වැසි අකීකරු වුණත්, කරුණාකර වැස්සට චෝදනා කරන්න නම් එපා. වැස්ස කියන්නේ හුදු සතර මහා ධාතුවක් පමණක්මයි. පිංවත අපි වැස්සට චෝදනා කළොත් අධර්මයෝ අධර්මයෝම වඩත්ය…
කඳුල ලඟ ඔබ නවතින්න.
ධර්ම සාකච්ඡාවක් අවසානයේදී, පිංවත් කාන්තාවක් ප්රශ්නයක් විමසුවා. ස්වාමින් වහන්ස මට ගොඩාක් ප්රශ්න තිබෙනවා. පවුල් ජිවිතයේදී, ස්වාමීපුරුෂයා සමඟ අඩදබර වෙනවා. දරුවන් අකීකරුයි. ස්වාමී පුරුෂයා මත් වතුර බොනවා. ඥාතීන්ගෙනුත් හොඳක් අහන්න නැහැ. ස්වාමීන් වහන්ස මට ජිවිතය එපා වෙලයි තිබෙන්නේ කියලා. භික්ෂුව ඒ වේලාවේ එම පිංවත් කාන්තාවට මතක් කළේ ඔබ කරපු දෙයයි ඔබට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබම…
ලෝකයේ ලොකුම ධනය චතුරාර්යසත්යය යි.
පිංවත සතුට දුර්ලභ ලෝකය තුළ පිංවත් ඔබ දුකට යටත් වෙන්න එපා. ජාති, ජරා, ව්යාධි, මරණ, ශෝක, පරිදේව දුකට අයිති ලෝකය තුළින්, පිංවත් ඔබ සතුට උදුරා ගන්න. අකුසල් වැඩි ලෝකය තුළ සතුට අපිට සිහිනුවණින් තොරව ලැබෙන්නේ නැහැ. අධර්මයෝ කැමති අධර්මයන්ටමයි. බොහෝම කෙටි කාලයකින් තම විවාහ ජීවිතය අසාර්ථක කොටගත් තරුණ මහත්මියක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, මට ආදරයේ…
නින්දෙන් පිබිදුණා සේ මරණින් මතු දෙව් ලොව ඉපදීමට මෙන්න මඟ.
චාතුම්මහාරාජික නම් වූ, දිව්ය ලෝකයෙහි, වසන්නා වූ පින්වත් දෙවියෝ, මේ මනුලොව සිටින කාලයේ දී, මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, උතුම් ශ්රී සද්ධර්මය, මනා කොට ඇසීමෙන්, මනා කොට දැරීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන්, සුත නම් වූ සේක බලය, දියුණු කරගත්තෝ ය. ඒ සුත බලය නිසා, මනුලොවින් චුත වී, ඒ දෙව්ලොව උපත ලද්දෝ ය….
සතර ඉර්ධිපාද.
ඉර්ධිපාද කියලා කියන්නේ බොහෝ දෙනෙක් කථා නොකරන මාතෘකාවක්. බුදු සසුනෙහි මහානීය වස්තු තිස් හත වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් වූ මෙම සතර ඉර්ධිපාද ගැන අපගේ භාග්යවතුන් වහන්සේ විසින් නොයෙක් අවස්ථාවලදී වදාළ දේශනා එකතුවක් සංයුක්ත නිකායෙහි පස්වන පොත් වහන්සේ තුළ ඇතුළත් වෙනවා. එම දේශනා එකතුව හඳුන්වන්නේ ‘ඉර්ධිපාද සංයුත්තය’ නමින්. එහි ඇතුළත් දේශනා සරලව උපුටා දක්වමින් සතර…
මතු ජීවිතයේදී නිසැක වශයෙන්ම නිරයේ උපත ලබාදෙන ආනන්තරීය පාප කර්ම.
පුද්ගලයකුගේ ජීවිතයේ ක්රියාශීලි, ආවේගශීලි මෙන්ම අතිශය නිර්මාණශීලි අවධිය තරුණ වියයි. මෙම අවධිය තමන්ටත් අනුන්ටත් ඉතාමත්ම යහපත් අයුරින් ගත කළ හැකි නම් එය මුළු මහත් ලොවටම ඉමහත් සෙතකි. එසේ යහපත්ව ගත කළ හැකි ආකාරය බුදු දහමේ මැනවින් පෙන්වා දී තිබේ. මේ පිළිබඳ තුම්බෝවිල ඉසිවර අරණ වාසි නුගේගොඩ පුන්න ස්වාමීන් වහන්සේ සමඟ පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් සකස්…
දානය අතරින් ශ්රේෂ්ඨම දානය ධර්ම දානයයි.
පිංවත අපේ රටේ ක්රියාත්මක වෙන ආත්මාර්ථකාමී දේශපාලන සංස්කෘතිය නිසා, පිංවත් ජනතාවගේ ආර්ථික අපහසුතාවයන් දවසින් දවස වැඩි වෙනවා. මේ මොහොතේ භික්ෂුව වැඩසිටින ආරණ්යයේ, අද දින දානය බාරගෙන තිබෙන පිංවතුන්ලා, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව, දානය පූජා කිරීමට පැමිණියේ නැහැ. දුරබැහැර පදිංචි මෙම දායක පිංවතුන් කැපකරු මහත්මයාගේ දුරකථන ඇමතුම්වලටවත් සම්බන්ධ වෙලා නැහැ. පිංවත රට තුළ ඔඩුදුවන බලවත් ආර්ථික…
ස්වයංපෝෂිත අනාගතයකට පාර පෙන්වන ගුරුවරයා ඉතිහාසයයි.
පිංවත ලැබුවා වූ 2024 නව වසර පිංවත් ඔබ සතුටින්, පුණ්යවන්ත සිතින් පිළිගත්තා ද? එසේත් නැතිනම් 2024 නව වසර, සතුට ඔබට ගෙනත් දේවි යැයි කියලා, තවමත් බලාගෙන සිටිනවා ද? පිංවත අළුත් අවුරුද්ද තුළින් සතුට බලාපොරොත්තු වෙන්න එපා. උදාවෙන නව වසරක තිබෙන්නේ, දිනෙන් දින ගෙවීයන දින 365 ක් විතරක්මයි. පිංවත උදාවුණ නව වසරේ ඔබ තුළිනුයි, ඔබ සතුට…