Article
එකිනෙක ඈඳුණු ගුණයන්ගෙන් ඒ ආර්ය සංඝරත්නය බබළන සේක.
සංඝානුස්සතිය – 10. සෝවාන් ඵලය, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵල ඤාණයන් සකස්කර ගත් මහා සංඝරත්නය ඤායපටිපන්න ගුණයෙන් යුක්තවෙනවා. මහා සංඝරත්නයේ ඤායපටිපන්න ගුණය නිසාම උතුම් සංඝරත්නය සාමීචිපටිපන්න ගුණයට හිමිකම් කියනවා. මේවා හේතුඵල ධර්මයන්. යම් භික්ෂුවක් තුළ සාමීචිපටිපන්න ගුණය නැතිනම්, ඒ කියන්නේ සංසාර බිය නැතිනම් අකුසලය දුරුකර කුසලය මතු කරගැනීමට වුවමනාවක් නැතිනම්, එම භික්ෂුව තුළ උජුපටිපන්න ගුණය ඒ…
උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ වැඩ සිටිනවා ද?
භික්ෂුවට මුණගැසුන මහත්මයෙක් ප්‍රකාශ කළා ‘හාමුදුරුවනේ ධර්මය සන්දිට්ඨිකව පවතින වර්තමානයේ එර්දි ප්රාතිහාරය්ය සහිත මහරහතන්වහන්සේලා ලෝකයේ වැඩ ඉන්නවාද’ කියලා. මේ මහත්මයා අහන්නේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ මේ මොහොතේ වැඩ සිටිනවාද කියලා. උපසම්පදා ස්වාමීන්වහන්සේලා ප්රාතිමෝක්ෂ ශීලය දිවිහිමියෙන් ආරක්ෂාකොට ගෙන සද්ධර්මයේ සන්දිට්ඨික ගුණය ආරක්ෂාකොට ගෙන තිබෙනතාක් රහතන්වහන්සේලාගෙන් මාර්ගඵලලාභී උතුමන්ගෙන් ලෝකය හිස් නොවේය කියලා ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. එහෙම නම්…
උතුම් රහත්ඵලයට පත්වෙනතුරු තේරුම් නොගත් ජිවිතයේ යථාර්තය.
බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේ ඉසිදාසි කියලා සිටු දියණියක් සිටියා. තරුණවියට පැමිණි ඇය, දෙමාපියන්ගේ යෝජනාවකින් සුදුසු මනාලයෙකුට සරණපාවා දුන්නා. ඉසිදාසිය ඉතාමත් ගුණවත් කීකරු බිරිඳක්. සැමියාට පමණක් නොව, තම නැන්දනියට පවා, අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොඳින් යුතුකම් ඉටුකළා. සති කිහිපයක් ගතවෙනකොට ඉසිදාසිගේ ස්වාමිපුරුෂයා, ඉසිදාසිව දැඩිලෙස ප්‍රතික්ෂේප කරන්න පටන්ගත්තා. ඉසිදාසිය කෙරෙහි තිබූ ආදරය අතුරුදහන්වෙලා ගියා, ඉසිදාසිය ගෙදර සිටියොත් තමන්…
ඊළඟ මොහොත මේ මොහොතෙන් වෙනස් වන්නේ කුමක් නිසාද?
වේදනාව. අතීතයේ, වර්තමානයේ ඔබ වින්දා වූ සෑම සැප, දුක්, උපේක්ෂා වේදනාවක්ම අනිත්‍ය වී ගියානම්, අහිමි වී ගියානම්, අනාගතයේ රට, ජාතිය, ආගම නිසා අම්මා, තාත්තා දරුවන් නිසා රැකියාව, ව්‍යාපාරය නිසා මට මෙවැනි සැප වේදනාවක් ලැබෙනවා කියල බලාපොරොත්තු වෙනවා නම් එම අනාගත සැප වේදනාව නිත්‍ය වෙයිද? අනිත්‍ය වෙයිද? අනාගතයේ මම දෙවියෙක් වෙලා බ්‍රහ්මයෙක්වෙලා, සශ්‍රීක මනුෂ්‍යයෙක් වෙලා මෙවැනි…
ඊරිසියා සහගත සිතක්, ක්‍රෝධ සිතක්.
එක මනුෂ්‍යයෙක් ජීවත්වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත් වන දරුමුණුපුරන් ඇති තාත්තා කෙනෙක්. මොහු මියයන විට අවුරුදු අනූවක් විතර ඇති. මොහු බොහෝම හොඳන් ගමේ ජීවත්වුණ කෙනෙක්. ගමේ පන්සලට උපකාර කළා, උදව්කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයාමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමග කුමක් හෝ හේතුවක් නිසා අමනාප වෙනවා. හේතුව කුමක්ද…
ඇය මටද, මට ඇයද නොව අප දෙදෙනාම අයිති ධර්මතාවයකටය.
ධම්මානුපස්සනාව. චක්ඛු විඤ්ඤාණය, ශෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය හේතුවෙන්, කාමයේ ආශ්වාදය සකස්වීම ධර්මතාවයක්. පින්වත් ඔබ ආයතන හය නිසා ජීවිතයේ ලැබූ කාමාශ්වාදයන් නුවණින් මෙනෙහි කරන්න. පින්වත් ඔබ මුලින්ම ආශ්වාදයක් කර ගත්තේ ඔබේ අම්මාගේ ගර්භාෂ කුටියයි. කුඩා ඉඩකඩක් තුළ උෂ්ණය, ලේ, සැරව, දෙතිස් කුණුපයන් මැදි කොට ගෙන ඔබ ඇති කර ගත් මේ…
ආශ්වාදය අනිත්‍ය වූ ධර්මයක්.
චක්ඛු විඤ්ඤාණය, ශෝත විඤ්ඤාණය, ඝාන විඤ්ඤාණය ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය හේතුවෙන්, කාමයේ ආශ්වාදය සකස්වීම ධර්මතාවයක්. පින්වත් ඔබ ආයතන හය නිසා ජීවිතයේ ලැබූ කාමාශ්වාදයන් නුවණින් මෙනෙහි කරන්න. පින්වත් ඔබ මුලින්ම ආශ්වාදයක් කර ගත්තේ ඔබේ අම්මාගේ ගර්භාෂ කුටියයි. කුඩා ඉඩකඩක් තුළ උෂ්ණය, ලේ, සැරව, දෙතිස් කුණුපයන් මැදි කොට ගෙන ඔබ ඇති කර ගත් මේ ජීවිතයේ…
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අර්ථය වන විදර්ශනාමය ප්‍රඥාව මෝදු කොට ගන්න.
විවේකී වස්සානය ගෙවී ගිහින් මේ ගත වෙන්නේ චීවර මාසයයි. නොසැලෙන කුසල් ශක්තියකින්, පුණ්‍ය ශක්තියකින් පින්වත් ඔබේ, ලෞකික සැපයන් ශක්තිමත් කොට දෙන, දක්ෂයා තුළ ලෝකෝත්තර ඵලයන් ශක්තිමත් කොට දෙන කඨින චීවර මාසයයි. දෙවියන්, බඹුන්, රජ, සිටු, ඇමැතිවරුන්, වන්දනාමාන කරන, කඨින චීවර මාසයයි. බුදු රජාණන් වහන්සේ භික්ෂූන් වන අපිට චීවර ප්රත්යවේක්ෂාවක් දේශනා කොට තිබෙනවා. ”මේ චීවරය මා…
ආභස්සර බඹ ලොවින් පැමිණි ඔබ මෙතරම් ගොරෝසු මනුෂ්‍යයන් වූයේ කෙසේ ද?
සංඝානුස්සතිය – 4. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට් එකක් බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක් බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්වීමේ ස්වභාවයයි. අතීතයේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක…
අසිහියෙන් යන මේ ගමනේ කෙළවර කොතනද?
වර්තමාන සමාජය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ, සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටුවා නොගැනීම නිසාම, අසිහියෙන් යන මේ ගමන, මනුෂ්‍ය සමාජය, මෘග සඤ්ඤාව කරා ගමන් කිරීමේ, බීජයවම අවස්ථාව හැටියටයි ධර්මානුකූලව අර්ථ දක්වන්න පුළුවන්. අනාගත ලෝකයේ මනුෂ්‍යයා ශීලයෙන් බැහැරව, මිථ්‍යා දෘෂ්ටිය කරපින්නා ගෙන, තිරිසන් සතුන් සේ හැසිරෙන, මෘග සඤ්ඤාව කරා ගමන් කරන, මෘග සඤ්ඤා කෝච්චිය වර්තමානයේ…