Article
මේ, මා ඔබට දුන් අලුත් අවුරුදු තෑග්ගයි.
පිංවතුන්ලා ලබන්නාවූ නව වසරේදී පිංකම් සිදුකරන විට, ස්වාමීන් වහන්සේලා භේදවන ආකාරයට පිංකම් සිදුකරන්න එපා. ගිහි පිංවතුන්ලා භේදවෙන ආකාරයට පිංකම් සිදුකරන්න එපා. පන්සල් පන්සල් ගැටෙන ආකාරයට පිංකම් සිදුකරන්න එපා. භික්ෂුව දැකලා තිබෙනවා සමහර පන්සල්වල එකිනෙකාට විරුද්ධ දායක කණ්ඩායම් දෙකක් තිබෙනවා. මේ පාර්ශ්වයන් දෙක පන්සලේ තරඟෙට පිංකම් සිදුකරනවා. මෙවැනි ක්‍රියාවන්ගෙන් යම් පිනක් වැඩුණත් පිනට ඔරොත්තු නොදෙන ආකාරයට…
මේ සුන්දර සුරූපී කය ලිහා බලන්න… ඔබේ මනසින්…
ආහාරයෙන් පෝෂණය වුණ තාත්තා කෙනෙකුගේ ශුක්රාණුවකුත්, ආහාරයෙන් පෝෂණය වුණ අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතුව, ආහාරයෙන්ම හැදී, ආහාරයෙන්ම පෝෂණය වී, හේතුඵල ධර්මයන්ට අනුව හැදුණු කයක් මේක. භික්ෂුව මේ මොහොතේ තම දෙතිස් කුණපය දෙස බලන විට, අම්මාගේ මව්කුසේ පැලෝපීය නාලය තුළ නලියන ඉස්ගෙඩියෙක්වන් කලලයි දකින්නේ. මේ රූපය අයිති තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකට. අම්මා කෙනෙකුගේ ඩිම්බයකට. භික්ෂුව මේ මොහොතේ නුවනින්…
මේ ශාසනයේ අවසාන බැබලීමයී.
මේ මොහොත ධර්මයේ අර්ථයන් දීප්තිමත්ව බබළන මොහොතක්. එය හරියටම සවසට මුහුදු වෙරළට ගොස් ඉර බැසයනවා බලනවිට ඇතිවන ඉරේ දීප්තිය වගේ. අතුරුදන්වීමේ ඇරඹුමයි අපිට දීප්තියේ ප්‍රභාෂ්වරභාවය තුළින් මතක් කර දෙන්නේ. වර්තමානයේද බුදුදහමේ අර්ථයන් ජීවමානව තිබෙන බැවින් එම අර්ථයන් තුළින් ගුණාත්මක පණිවිඩයක් ලෝකයාට ලැබෙන නිසා ලෝකයේ පවතින අනෙකුත් ආගම්ද ඒවායේ ගුණාත්මකභාවය ඉහළමට්ටමක පවත්වාගැනීමට උත්සහ ගන්නවා. මොකද බුදුදහමේ…
මේ ශාසනයේ අවසාන බැබලීමයි
මේ මොහොත ධර්මයේ අර්ථයන් දීප්තිමත්ව බබළන මොහොතක්. එය හරියටම සවසට මුහුදු වෙරළට ගොස් ඉර බැසයනවා බලනවිට ඇතිවන ඉරේ දීප්තිය වගේ. අතුරුදන්වීමේ ඇරඹුමයි අපිට දීප්තියේ ප්‍රභාෂ්වරභාවය තුළින් මතක් කර දෙන්නේ. වර්තමානයේද බුදුදහමේ අර්ථයන් ජීවමානව තිබෙන බැවින් එම අර්ථයන් තුළින් ගුණාත්මක පණිවිඩයක් ලෝකයාට ලැබෙන නිසා ලෝකයේ පවතින අනෙකුත් ආගම්ද ඒවායේ ගුණාත්මකභාවය ඉහළමට්ටමක පවත්වාගැනීමට උත්සහ ගන්නවා. මොකද බුදුදහමේ…
මේ නිමේෂයද අනිත්‍යයට පත්වෙන ධර්මතාවයක්ම පමණි.
පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්ම ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්. මේ මොහොතේ භික්ෂුව අතීත ගිහි ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මට තිබුණේ සප්තබොජ්ඣංගයට වඩා…
මේ උතුම් පොහොය දිනයේ දී විෂම අබුද්ධෝත්පාද කාලයන්හි කටුක දුක නුවණින් මෙනෙහි කරන්න.
භික්ෂුව මේ සටහන තබන රාත්‍රියේ පරිසරය වෙලාගෙන පවතින අඩ අඳුර, ලොවම සඳරැසින් බබලවන්නට මෝදුවන සඳ, අඳුරු වලාවකට මැදිව ඇතිබවක් භික්ෂුවට හැඟී යනවා. සම්මා සම්බුද්ධ ශාසනය ගැන සටහන් තබනකොට, භික්ෂුවට මතක්වෙන්නේ අබුද්ධෝත්පාද කාලයක අඳුරු අර්ථය මොනතරම් කටුකද කියන කාරණයයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදන්වගොස් අවුරුදු ලක්ෂ දහයකට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලය අවසන් කරලයි, ගෞතම බුදුරජාණන්වහන්සේගේ පහළවීම…
මේ ආත්මයේ පිංකම්වලින් පමණක් යැපෙන්නට හිතන්න එපා.
අනාගතයේ ඔබට රට ජාතිය නිසා අඹුදරුවන් නිසා සැබවින්ම සතුටු වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද මනුෂ්‍යයාගේ පංච උපාදානස්කන්ධය ගිනිගන්නා විට ගිනි රස්නය මත සිසිලස සෙවීම විහිළුවක් වෙනවා. දුෂ්ශීල මාර්ගයන් තුළින් සකස්වෙන අකුසලයන් නිසාම ගින්දර නිවා ගැනීමේ මාර්ගය හැටියට ලෝකය දකින්නේ තව තවත් ගිනි අවුළුවා ගැනීමේ මාර්ගයක්මයි. පිංවත් ඔබ මේ ධර්ම මාර්ගයේ පෙරට එනවිට ඔබ නිවැරැදිව ඔබේ…
මේ අකුසලයට පොළී වෙන ලෝකයයී.
ගමක ජීවත්වන මැදි වයසේ මහත්මයෙක් භික්ෂුව මුණගැසීමට පැමිණ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළා. ‘හාමුදුරුවනේ මගේ බිරිඳට මාව රුස්සන්නේ නැහැ. මම කියන දෙය අහන්නේ නැහැ. මේ ගැන කල්පනාකරලාම දැන් මගේ මතක හිටීමේ ශක්තියත් අඩුවෙලයි තියෙන්නේ’ කියලා. භික්ෂුව බලාපොරොත්තු වුණේ මේ මහත්මයා භික්ෂුව හමුවීමට පැමිණියේ ධර්ම කාරණයක් දැනගන්නය කියලා. නමුත් ඉදිරිපත් කළේ පවුල් ප්‍රශ්නයක්. දායක මහත්මයා මේ ප්රශ්නය ඉදිරිපත්…
මෙතැන් සිට සමථ විදර්ශනාවට එන්න.
සබ්බාවස්‍රව සූත්‍රයට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කළ, දර්ශනයෙන් වීර්යයෙන්, සංවරයෙන්, ප්රත්යවේක්ෂාවෙන්, දුරුකිරීමෙන්, මඟහැරයැමෙන් ආශ්‍රවයන් ප්‍රහානය කිරීමෙන් අනතුරුවයි, බුදුරජාණන්වහන්සේ සමථ විදර්ශනාවෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ගැන දේශනා කරන්නේ. පිංවත් ඔබ ඉහත කාරණා හයෙන් පිරිසිදුභාවයට පත්වුණොත් පමණයි, ඔබ තුළ අර්ථවත් ආකාරයට, සමථ විදර්ශනාව වැඩෙන්නේ. ඉහත කාරණා හයෙන් ඔබේ කෙළෙස් ධර්මයන් තුනීකොටගැනීමෙන් තොරව, පළමු අදියරේදීම සමථ විදර්ශනාව පුහුණු වීමට…
මුතුකුඩ පුජාවේ අනුසස්.
ඡත්‍ර දායක හිමි පෙර ජීවිතයක තම පුතා පැවිදිව රහත්ව පිරිනිවී ය. සෑය දැක වැඳ සුදු රෙදි කෑල්ලකින් සෑයට කුඩයක් කොට නැංවූ පිනින් කල්ප අනූ හතරක් සැප විපාක ලැබුණු අතර ඒ පිනින් තෙවරක් සක්විති රජ විය. (අපදාන පාලි 293 වන අපදානය) ඒක ඡත්ත හිමි පෙර ජීවිතයක අත්ථදස්සී බුදු හිමිට සුදු කුඩයක් දරා සිටි පිනින් කල්ප හැත්තෑ…