Chamela Aluthgedara

Software Engineer

මේ ලෝකයේ ජීවත්වෙන නිදහස් ම මිනිසා.

පිංවත කරුණාකර ඔබේ සිහිනුවණට නිදිගන්න ඉඩ දෙන්න එපා, ඔබේ සිහිනුවණ අවදියෙන් තබා ගන්න. ඔබේ මාතෘ භූමියට මේ උදා වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙන්දේසියේ දමන කාලයයි. පිංවත ඔබේ මාතෘ භූමියට මේ උදා වෙන්නේ තණ්හා, රතී, රඟා මාර දූතියෝ, මාර දූතයෝ මනුෂ්‍යත්වයේ වෙස් දරාගෙන අමනුෂ්‍ය ධර්මයන්ට ඉදිරි පස් වසරක් උදෙසා වර්ණය, සැපය, බලය සොයන කාලයයි. පිංවත තෘෂ්ණාවේ මාර දූතයෝ…

Read More

කල්‍යාණ මිත්‍රයා යනු සම්මා සම්බුද්ධ ශාසනයයි.

පිංවත අපි යම් දවසක උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධකොට ගනී ද, එදාට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ලෝකයට භාරදීලා, අපි ලෝකයෙන් නිදහස් වෙනවා. එදාටයි අපි තේරුම් ගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අයිති ලෝකයටයි කියලා. පිංවත අදක්‍ෂයා ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයෙන් බැහැර කරලා මිථ්‍යාදෘෂ්ටිකභාවයට පත්වෙනවා. පිංවත දක්‍ෂයා ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතය කොටගෙන පිනෙන්, කුසලයෙන්, සුගතියෙන් සැනසෙනවා. පිංවත වඩාත්…

Read More

තෘෂ්ණාව තමා තුළින් දකින්න.

පිංවත හැමදාමත් දැන් උදේටත් වහිනවා, සවසටත් වහිනවා. පිංවත් රජයේ සේවක මහත්මයෙක් භික්ෂුවට කියනවා, හැමදාමත් කාර්යාලයට යන එනකොට වැස්සට කොටු වෙනවාය කියලා. දැන් කාලේ වැසි වසින්නේත් තද සුළඟ සමගමයි. ඒ නිසා ම කුඩයක් ඉහළාගෙන වැස්සේ යෑමත් අභියෝගයක් වෙලා තිබෙනවා. පිංවත කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන අර්ථයන් අකුසලයෙන් විකෘතියක් වෙලා. තමන් කරන රැකියාව අවංකව සිදුකරනවා වෙනුවට…

Read More

බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ.

බුදු රජාණන් වහන්සේට සිය අවසන් භවයේදී විපාක දුන් කර්ම ද ඊට හේතු ද මේ ලිපියෙන් දැක්වේ. දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය: 01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන…

Read More

ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දකින්න.

පිංවත නිවී ගිය සිතක් තමා තුළින් ම තමා දන්නවා, තමන් නිවී ගිහින්ය කියලා. පිංවත නොනිවී ගිය සිතක් තමා තමාට ම ඉඟි කරනවා, තමා තුළ තවත් නොනිවී ගිය කෙලෙස් ගිනි රොඩු තිබෙනවාය කියලා. පිංවත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් උපන් නිවැරදි විදර්ශනාත්මක සති සම්බොජ්ඣංගය අපි තුළ වැඩෙන විදර්ශනාත්මක ධර්මයේ අර්ථයන් නිවැරදිව, දශමයට, කිරා මැන දෙනවා. පිංවත මිච්ඡා…

Read More

පින, පිනෙන් ම පිළිගන්න.

පිංවත අපේ ජීවිතවල තෘෂ්ණාව වැඩිවෙනකොට ඇලීම් සහ ගැටීම් ගොඩාක් කාර්යබහුල වෙනවා. එවිට විවේකයකින් තොර සිතුවිලි, අවිවේකීව අපිව වෙහෙසට පත්කරනවා. මේ අවිවේකී සිතුවිලි නිර්ලෝභීව අපිට තෑගිකොට දෙන්නේ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයෝමයි. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ සංස්කාර ලෝකය හරිම අවිනිශ්චිතයි. පිංවත සංස්කාර ලෝකය අවිනිශ්චිත වුණේ අතීතයේ අපි ම ඇතිකොටගත් අකුසල් සිතුවිලි නිසා බව අපි සිහිනුවණින්…

Read More

සතර මහා ධාතුව කිපී වැසි වැටේ.

පිංවත අවිද්‍යාවේ මූල බීජයෙන් උපදින, කුසල් සහ අකුසල් සංස්කාරයන්ගෙන් තිරිහන්වෙන, කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නිසා ම කැඩෙන, බිඳෙන, විසිරෙන අපේ ජීවිත, අපේ පාලනයෙන් මිදුණ ගමනක් යන්නේ. අපි කොච්චර සැපයෙන් සිටින්න කැමති වුණත්, දුක අපිට තුරුල් වෙන්නේ අකීකරු පෙම්වතෙක්, පෙම්වතියක් වගේමයි. පිංවත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස, පසුවදා දහවල් සාංඝික දානයක් පූජා කරන්න ගෙදර සියල්ල…

Read More

මෛත්‍රී භාවනාව.

අන්‍යයන්ට දුක් නො වෙනවාට සැප ඇති වෙනවාට යහපතක් වෙනවාට අනුන්ගේ යහපත් අදහස් ඉටු වෙනවාට අනුන් දියුණු වෙනවාට උසස් වෙනවාට කැමති බව මෛත්‍රිය ය. අන්‍යයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනාදීන් මෛත්‍රිය අන්‍යයන් කෙරෙහි නැවත නැවත පැතිරවීම: තවත් ක්‍ර‍මයකින් කියත හොත් ස්වකීය චිත්තයෙන් අන්‍යයන්ට සෙත් කිරීම මෛත්‍රී භාවනාව නම් වේ. එය නොබෝ කලකින් ම ඵල…

Read More

රූපය ලැබෙන්නේ අනිත්‍යය අවබෝධ කර ගන්නයි.

පිංවත ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ පිංබර උපත, සම්මා සම්බුද්ධත්වය, පිරිනිවීම මේ සෑම ධර්මතාවයක් ම සිද්ධවෙන්නේ ගහකොළ, පරිසරය ඇසුරු කොටගෙනයි. බුදුරජාණන් වහන්සේ, ශ්‍රාවක අපිට අවවාද කරන්නේ රුක්ඛ මූලයක, ආරණ්‍යයක, ශූන්‍යාගාරයක වැඩසිටින්නය කියලා. පිංවත උපසම්පදා භික්ෂූන් වන අපිට බුදුරජාණන් වහන්සේ ගසක කොළයක් හෝ මලක් කැඩීම පවා විනයානුකූලව තහනම් කරලයි තිබෙන්නේ. භික්ෂුවගේ මතකයට නැගෙනවා, භික්ෂුව ගතකළ වසරක සාමණේර කාලයේ…

Read More

දුක් ගොඩක් වූ පඤ්චස්කන්ධයට ඇලුම් කිරීමේ හේතුව.

උපාදන ස්කන්ධ පඤ්චකය, එයට ඇලුම් කරන්නවුන්ට යට දුඃඛ සත්‍ය කතාවෙහි දැක්වුණු පරිදි අනේකාකාරයෙන් පීඩා කරන්නා වූ ද රාග ද්වේෂ මෝහ ජාති ජරා මරණාදි ගිනිවලින් දැවෙන්නා වූ ද මහා දුඃඛ ස්කන්ධයක් වේ නම් සත්ත්වයනට එපා විය යුතුය. එයට බියක් මිස කලකිරීමක් මිස ඇල්මක් සතුටක් ඇති නොවිය යුතුය. එසේ නොවී සත්ත්වයන් තුළ මේ උපාදාන ස්කන්ධ පඤ්චකය ගැන…

Read More